පළකල දිනය : Tue, Jul 31st, 2018

අනං මනංවලට එන මනමාල බොස්ලට කරන දේ දන්නවාද ?

කාන්තාවන් සහ දරුවන් යනු සමාජයේ යම් පිහිටක් ලැබිය යුතු හෝ ලබා දිය යුතු පිරිසක් ලෙස හැඳින්වීම වර්තමාන සමාජයට බෙහෙවින්ම ගැළපෙන්නකි.

සිය ජීවිත කාලය තුළදී කාන්තාවන් විසින් යම් පිරිමි පාර්ශ්වයකගේ හෝ වැඩිහිටියකුගේ රැුකවරණය යටතේ ජීවත් වීම සාමාන්‍යයෙන් සිදු වේ. නාලනී යනු ඇඟලූම් කම්හලක සේවය කරනු ලබන තරුණියකි.

ඇය සිය නිවසේ සිට බස් නැවතුම්පොළට පිට වන්නේ උදෑසන 6.00ට පමණ වන අතර ඇයගේ රැුකියා ස්ථානයට නිිවසේ සිට කි:මී. 6ක පමණ දුර ප‍්‍රමාණයක් බස් රථයෙන් ගමන් කිරීමට සිදු වේ.

ඇය උදෑසන බස් රථයෙන් ගමන් කරන්නේ වෙන ප‍්‍රවාහන විකල්පයක් නොමැති බැවින් සහ සිය ආර්ථික අපහසුතාව ඇයගේ ජීවන සටනෙහි කොටසක් වී ඇති බැවිනිි.

සෑම දිනකම පාහේ ඇය බස් රථයට ගොඩ වූ පසු විවිධාකාර වූ ලිංගික හිංසනයන්ට ඇයට ලක් වීමට සිදුවන බව ඇය හොදින්ම දන්නා කරුණකි. බොහෝ අවස්ථාවලදී ඇයගේ ඇදුමින් ඇල්ලීම පමණක් නොව තම ශරීර අවයව පවා ස්පර්ශ කිරීම වැනි අමිහිරි අත්දැකීම්වලට ඇයට මුහුණ දීමට සිදු වී ඇත.

බසයෙන් බැස සිය රැුකියා ස්ථානයට ඇවිද යන මාර්ගයේ දී ද විවිධ තරුණ කණ්ඩායම් විසින් ඇයට විවිධාකාර නම්වලින් සහ අසභ්‍ය වචනයෙන් අමතමින් විවිධාකාර වූ ලිංගික ආරාධනාවන් කිරීම ඇයට මහත් වධයක් වී ඇත.

එම නිසා ඇය විසින් සිය ජංගම දුරකථනයෙහි ශ‍්‍රවණාධාර (හෙඞ්ෆෝන් – මගින් සංගීතයට සවන් දෙමින් රැුකියා ස්ථානය වෙත ඇවිද යයි. රැුකියා ස්ථානයේ ද සිය අංශ ප‍්‍රධානියාගේ විවිධාකාර වූ අසභ්‍ය යෝජනා සහ ස්පර්ශයන් ද ඉවසා සිටින්නේ කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව ඇයට අවබෝධයක් නොමැති වීම නිසාවෙනි.

ඉහත කතාවෙහි සිටින නාලනීලා බොහෝ දෙනකු වර්තමාන සමාජයේ විවිධාකාර වූ ලිංගික හිංසනයන්ට මුහුණ දෙමින් ජීවිතය අමිහිරි ලෙස ගෙවා දමමින් සිටිති. ඉන් සමහරක් මානසික විශාදය වැනි රෝගයන්ට ගොදුරු වන අතර සමහරු සිය ජීවිතය නැති කර ගැනීමට වුව පෙළඹේ. මෙවැනි බොහෝ පිරිස්, සිය ආරක්‍ෂාව සඳහා නීතියෙන් පහසුකම් සලසා ඇති බව දන්නේ නැත. නමුත් ශී‍්‍ර ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යනු ශීි‍්‍ර ලංකාවේ කාන්තාවන්ගේ ආරක්‍ෂාව සඳහාම පිටු ගණනාවක් සහ වගන්තීන් ගණනාවක් වෙන් කොට ඇති ග‍්‍රන්ථයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය.

මෙම දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වන වගන්තිය මේ සඳහා සපයා ගත හැකි කදිම නිදසුනකි. එහිදී අඩම්තේට්ටම් කිරීම සහ සාපරාධී බලහත්කාරය යන වැරදි හඳුන්වා දී ඇත. දණ්ඩ නීති සංග‍්‍රහයේ 342 වන වගන්තියේ ප‍්‍රකාශ කරන පරිදි යම් පුද්ගලයකු යම් අංග චලනයන් මගින් තවත් අයකුට සාපරාධි බලහත්කාරකමක් පෑමට සුදානම්ව සිටීම සහ අනෙක් පාර්ශ්වය එවැනි වරදක් කිරීමට තමා සූදානම් බව දන්නා බව එම පුද්ගලයා දනී නම් එය අඩම්තේට්ටම් යන වරදට හසු වේ. නිදසුනක් ලෙස යම් අයකු වෙනත් අයකුට පහර දීම සඳහා මිට මෙලවීමම අඩන්තේට්ටම් යන වරද සිදුකිරීමට ප‍්‍රමාණවත් වේ.

සාපරාධී බලහත්කාරය පෑම යනු යමකු යම් අයකුගේ ගමන හෝ චලනය වීම වැළැක්වීම සඳහා එම පුද්ගලයා ඇ`ද සිටිින ඇඳුම ස්පර්ශ කිරීම හෝ එම පුද්ගලයාට දැනෙන පරිදි යම් ද්‍රව්‍යයක් ගැටීමට සැලැස්වීම වේ. එය යම් අයකුට පාඩුවක් හෝ අප‍්‍රසන්නතාවක් සිදු කරයි නම් එය සාපරාධී බලහත්කාරය පෑම නම් වරද සිදු කළ ලෙස සලකනු ලබයි. නිදසුනක් ලෙස යම් තරුණයකු තරුණියකගේ ඇඳුමින් අදිමින් ඇයගේ ගමන නැවැත්වීමට උත්සාහ කරයි. එහිදී ඇයට සිදු කළ කි‍්‍රයාව සාපරාධි බලහත්කාරය පෑම නම් වරදට අයත් වේ.

මෙම වැරදි දෙකම එනම් අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන වරදවල් දෙකම එකතු කොට ල:ද:නී:ස: 345 වන වගන්තිය නිර්මාණය කර ඇත්තේ කාන්තාවනට සිදුවන බොහෝ ලිංගික හිංසන ආවරණය වන පරිද්දෙනි.

මෙහිදී වචනයෙන් හෝ කි‍්‍රයාවෙන් ලිංගික හිරහැරයක් සිදු කරන ඕනෑම අයකු වරදකරුවකු කිරීමේ පූර්ණ බලතල මෙම වගන්තිය මගින් ලබා දී ඇත. මෙහිදී එම වගන්තිය යටතේම සපයා ඇති නිදර්ශනය අධ්‍යයනය කිරීමෙන් වඩාත් පැහැදිලිව මේ පිළිබඳව අවබෝධ කර ගත හැකිය. එනම් යම් රැුකියා ස්ථානයක සේවා ප‍්‍රධානියකු විසින් වචනයෙන් හෝ කි‍්‍රයාවෙන් කරන ලිංගික ප‍්‍රයත්නයන් / උත්සාහයන් මෙහිදී ලිංගික අතවර නම් වරද කිරීම සඳහා ප‍්‍රමාණවත් වේ.

අප සමාජයේ බොහෝ තරුණියන් සහ අනෙකුත් කාන්තාවන් නිවසින් බැහැරව තනිව යාමට බොහෝ විට පි‍්‍රයතාවක් නොදක්වයි. මෙයට ප‍්‍රධානතම හේතුව නම් මහ මගදී සහ පොදු ප‍්‍රවාහනය තුළ දී විවිධාකාර හිංසනයන්ට ලක්වීමේ ප‍්‍රවණතාවයි.

බොහෝ විට මහ මගදී කාන්තාවන්ට අසභ්‍ය වචන භාවිත කිරීම, විවිධාකාර ලිංගික කි‍්‍රයාවන් සඳහා ආරාධනා කිරීම, කාන්තාවන්ගේ ඇඳුම් හෝ වෙනත් රැුගෙන යනු ලබන භාණ්ඩ ස්පර්ශ කරමින් ගමන් කිරීමට අවහිර කිරීම, තම ශරීරය අවයව හෝ රහස් ප‍්‍රදේශ (ලිංගාශි‍්‍රත ප‍්‍රදේශ – ඇඳුම් ඉවත් කර පෙන්වීම වැනි බොහොමයක් කි‍්‍රයාවන් මේ අනුව වැරදි ලෙස ගත හැකිය. මෙහිදී කාන්තාවන් විසින් මෙවැනි කි‍්‍රයා පිළිබඳව අදාළ ආයතන සහ පවුලේ සාමාජිකයින් දැනුවත් කිරීමෙන් දිගින් දිගටම මෙවැනි වැරදි සිදුවීම වළක්වා ගත හැකිය.

මෙයට සමගාමීව බොහෝ රැුකියා ස්ථානවල සේවයේ නියුතු කාන්තාවන් හට රැුකියා ස්ථානය අමිහිරි අප‍්‍රසන්න ස්ථානයක් වූයේ විවිධාකාර වූ ලිංගික අතවර කි‍්‍රයා සිදුවීම හේතුවෙනි. බොහෝ විට සිදුවන්නේ රැුකියා ස්ථානයේ ප‍්‍රධානියා හෝ තම ප‍්‍රධානීන් විසින් තමා යටතේ සිටින කාන්තාවන් තම අයුතු ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදවා ගැනීමයි.

මෙහිදී තම පෞද්ගලික කාර්යාල කාමරයේ දී හෝ හෝටල් කාමර තුළට සිය සේවිකාවන් ගෙන්වා ගනිමින් විවිිධාකාර වූ ලිංගික කි‍්‍රයා සඳහා පොළඔවා ගැනීම සිදු වේ. මෙහිදී ලිංගික අතවර පමණක් නොව තම පහත් ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කාන්තාවන් බලහත්කාරයෙන් දුෂණයට ලක් කිරීම වැනි කි‍්‍රයාවන් ද ඉහළ පෙළෙහි ප‍්‍රධානීන් සහ ආයතනයන්හි සම සේවකයන් ද සිදුකරනු ලබන බව නොරහසකි. මෙහිදී විවිධාකාර තනතුරු, රැුකියාවේ ස්ථිර කිරීම්, වැටුප් වැඩිවීම්, රැුකියාවේ උසස්වීම් සඳහා මෙම ලිංගික කි‍්‍රයා සඳහා පොලඔවා ගැනීම සිදුවේ.

නිදසුනක් ලෙස රටෙහි ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක මානව සම්පත් කළමණාකරුවකු විසින් සිය ශාඛාවෙහි සේවිිකාවන් ලිංගික අතවරයන්ට ලක් කිරීම පිළිබඳව මේ වන විටත් එම ආයතනය තුළ මෙන්ම ඉන් පිටත ද කතාබහට ලක් වී ඇත. එහිදී සේවිකාවන් විසින් සිය ජංගම දුරකථනය මගින් ලබා ගත් වීඩියෝ පට සහ ඊට අදාළ වෙනත් තොරතුරු මේ වන විටත් පැමිණිලිි සඳහා ඉදිරිපත් කර ඇත.

මෙහිදී ද අදාළ ආයතනයෙහි එක් සේවිකාවක් පමණක් නොව සේවිකාවන් කිහිප දෙනකු මෙලෙස විවිධාකාර වූ ලිංගික අතවරයන්ට ලක් වී ඇති බව හෙළිවී ඇත. මේ අනුව සමාජයේ කාන්තාව විසින්ම ද තමාට ලිංගික අතවර කිරීමට අනෙක් අයට ඉඩ ලබාදීම පිළිබඳව ද බොහෝ විට සමාජයේ විවේචනයන් පවතී. ඊට අමතරව වර්තමානයේ බොහෝ කාන්තාවන් විසින් සිය ගමන්බිමන්වලදී අදිනු ලබන විවිධාකාරයේ ඇඳුම් රටාවන් තුළින් ද විවිධ වූ ලිංගික හිංසනයන්ට මගපෑදීම සිඳු වී ඇති බව කිව යුතුමය.

බටහිර රටවල් මෙන් නොව ආසියානු රටවල්වලදී බෙහෝ විට ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ස්ති‍්‍ර/පුරුෂ යන දෙපක්‍ෂයම මානසිකව පීඩාවට සහ මානසික ව්‍යාකුලත්වයන්ට පත් වී සිටිති. මේ හේතුව මත ඔවුන්ගේ එම මානසික පීඩාකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා බොහෝ විට තමාට ප‍්‍රතිවරුද්ධ පාර්ශවයන්ගෙන් තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. මෙයට බොහෝ විට ස්ති‍්‍ර පාර්ශවය නතු වේ.

මෙම කරුණ ද බොහෝ කාන්තාවන් විසින් අවධාරණයට ලක් කළ යුතු කරුණක් වන අතර නීතිය මගින්ම පමණක් නොව තම චර්යා රටාවන් මගින් ද සිය ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට අවධානය යොමු කළ යුතුය. එහිදී එක් අයකු සිදු කරන වැරදි සඳහා අවාසනාවන්ත ලෙස වන්දි ගෙවීමට සිදුවන්නේ අනෙකුත් අයටය. මෙය ඉතාමත් ඛේදනීය තත්ත්වයකි. රැුකියා ස්ථානයේ දී සිදුවන ලිංගික හිරිහැර සඳහා ද මෙම වගන්තිය මේ අනුව පැහැදිලිව යොදා ගත හැක.

බොහෝ ලිංගික හිරිහැර කරන පුද්ගලයින් විසින් ඒ සඳහා ලබා දිය හැකි දඬුවම නොදැනීම මෙවැනි ගණයේ වැරදි කිරීමේ ප‍්‍රවණතාව වැඩි වීමට හේතු වී ඇත. මෙම අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධි බලහත්කාරය පෑමෙන් ලිංගික අතවරයන් වචනයෙන් හෝ කි‍්‍රයාවෙන් කිරීම වසර 05ක් දක්වා කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එම දඬුවම් දෙකම ලබා දීම කළ හැකිය.

ඊට අමතරව යම් තැනැත්තියකට සිදුවන හානි වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට නියම කිිරීමට ද මේ අනුව කළ හැක. මෙම නීතියට වඩාත් ශක්තිමත් සංශෝධනයක් එක් කොට 2006 අංක 16 දරන සංශෝධන පනත මගින් හානි යන්නට මානසික කම්පනයක් ද ගත හැකි බවටත් එවැනි මානසික කම්ිපනයන්ට වන්දි ප‍්‍රදානය කිරීමේ බලයක් ද ලබා දී ඇත. මෙය කාන්තාවන්ගේ පාර්ශවයෙන් ලැබූ ජයග‍්‍රහණයකි.

අධිකරණය තීරණය කළේ කැමැත්තකින් තොරව සාපරාධී බලහත්කාරය පෑමෙන් කාන්තාවකගේ හිරිඔතප් බිඳීමට තැත් කිරීම වුව ද ල:ද:නි:ස: 345 වගන්ති යටතේ වරදක්ය යන්නයි.

ප‍්‍රායෝගිකව මෙම නීති කි‍්‍රයාත්මක කිරීමේ දී ජනතාව ලෙස අප විසින් අදාළ නිලධාරීන් සහ ආයතන වෙත අපගේ සහයෝගය ලබා දිය යුතුය. එහි දී යම් අකටයුත්තක් හෝ ලිංගික හිරිහැරයක් තමා හට යම් ස්ථානයක දී සිදුවනවා යැයි දැනුන විට තමා විසින් ඒ පිළිබඳව අදාළ අංශ පවුලේ සාමාජිකයින් හෝ මිතුරන් දැනුවත් කිරීම වහාම කළ යුතුය.

ඊට අමතරව වර්තමානයේ සෑම දෙනකුම පාහේ භාවිත කරනු ලබන ජංගම දුරකතනය මෙවැනි අවස්ථාවක දී භාවිත කළ හැකි ප‍්‍රබලතම සාක්‍ෂියක් වේ. එහි දී මෙවැනි ලිංගික හිරිහැරයක් සිදුවන බව තමාට මොනයම් හෝ අවස්ථාවක දැනේනම් තමාගේ ජංගම දුරකතනයෙහි විඩියෝ පටිිගත කිරීම මගින් හෝ ජායාරූප මගින් එම හිරිහැරය සිදුකරනු ලබන පුද්ගලයින්ගේ ජායාරූප ලබා ගැනීම හෝ එම හිරිහැරය කරනු ලබන පුද්ගලයන්ගේ හඬ පටිගත කර ගැනීමෙන් මෙවැනි හිරිහැරයන් සම්බන්ධව පැමිණිලි සෘජුව ලබා දිය හැක.

මේ අනුව කාන්තාවන් හට වචනයෙන් සහ කි‍්‍රයාවෙන් හිංසනයන් කිරීමේ දී අප සියලූ දෙනාම ඒ සම්බන්ධව නැගී සිටිය යුතුය. නැතිනම් තම මුවගින් අනවශ්‍ය ලෙස පිටවන වචනයකින් වුව ද සිරගත වීමට හැකියාවක් ඇත.

කාන්තාවන්ට ද තමාට සරණක්ව ඇති මෙම නීතිය ප‍්‍රයෝජනයට ගැනීමෙන් තමාට මෙන්ම අන් කාන්තාවන්ට ද සිදුවන ලිංගික හිංසන අවම කර ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. විසිල් ගැසීම හෝ අසභ්‍ය වචන කීම වුව එලෙස කිරීමේ විපාක දැන සිටීම මේ අනුව අප කාගේත් ශරීර සෞඛ්‍යයට හො`දය. මෙය අපේම සහෝදරියන්, දරුවන් සහ මව්වරුන් ආරක්‍ෂා කිරීම සඳහා ගෙනෙනු ලැබූ නීතීන් වේ. එය ආරක්‍ෂා කිරීම අපගේ යුතුකමක් වන්නේ අප මෙලොවට දායාද කිරීමේ සිට අප ජීවිතවලට කාන්තාවන් සම්බන්ධව සිටින නිසාවෙනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button