පළකල දිනය : Fri, Aug 3rd, 2018

රන්ජන්ගේ මෙවර සජීව ඇමතුම අනුරුද්ද පාදෙණියට GMOAට නොමිලේම බයි චාන්ස් (වීඩියෝ)

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමු කැදවා ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට සජීවීව දුරකතන ඇමතුමක් ගෙන එය මාධ්‍යට ප‍්‍රසිද්ධ කිරීම මෑත කාලයේදී සුලභ කරුණක් විය.

ඊයේ දිනයේදීද නියෝජ්‍ය ඇමතිවරයා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී එම ඇමතුම ලබා ගත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතාටයි.

අදට සිදු කිරීමට යොදාගෙන ඇති වෛද්‍ය වැඩ වර්ජනය නවතා ගත හැකිදැයි නියෝජ්‍ය ඇමතිවරයා ප‍්‍රශ්ණ කල අතර පාදෙනිය මහතා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් සිය වර්ජනය සම්බන්දයෙන් හේතු දැක්වීය.

එම පැහැදිලිකිරීම්වලට ප‍්‍රති අදහස් දැක්වීමක් රාමනායක මහතා විසින් සිදු නොකල අතර ඔහු කල එකම දෙය වැඩ වර්ජනය නවතන්නැයි ඉල්ලා සිටීම පමණි.

අවසානයේ සිදු වූයේ නියෝජ්‍ය ඇමති රන්ජන් විසිද් කැදවා තිබූ මාධ්‍ය හමුව වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතාගේ මාධ්‍ය හමුවක් වීමයි.

රන්ජන් රාමනායක මහතාගේ මේ ආකාරයේ දුරකතන ඇමතුම් ගැනීමේ ක‍්‍රියාව ගැන ආණ්ඩු පක්‍ෂයේම මැති ඇමතිවරුන් රැුසක් විරෝදය දක්වා තිබිණ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button