පළකල දිනය : Sat, Aug 4th, 2018

රටටම සංහිඳියාව පෙන්වා දෙමළෙන් බණ කියන බගවන්තලාවේ රාහුල හිමියෝ !

බගවන්තලාව සෙල්වකන්ද වත්ත ප‍්‍රදේශයේ ජීවත් වූ, මහේන්ද්‍රන් ෂර්මා නමැති හින්දු ආගමික පූජකවරයා අද බගවන්තලාවේ රාහුල හිමියන්ය.

කන්ද ස්වාමී සුබ‍්‍රමනියම් සහ සරෝජා දේවිගේ බාල පුතු ලෙස 1988 දී උපත ලැබූ මහේෂ්න්ද්‍රන් ෂර්මා අට හැවිරිදි වියට එළැඹීමත් සමග හින්දු ආගමික පූජකවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගැනීම සදහා වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අරමුණින් ඉන්දියාවට පිටත් විය.

එතැන් සිට වසර 20ක කාලයක් හින්දු ආගමික පූජකවරයෙක් ලෙස කටයුතු කළ මහේන්ද්‍රන් ෂර්මා මේ වන විට උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතීන්ට බණ දේශනා කරමින් සත්‍ය සොයා යාමේ ගමනට පිවිස තිබේ.

පසුගිය ජූලි මස 21 වැනිදා රත්නපුර ආනන්ද මෛතී‍්‍රය සංඝරාජ බුද්ධ සීමා මාලකයේදී උපසම්පදාව ලැබූ දෙමළෙන් බණ කියන රාහුල හිමියන්, බුදුසසුනේ බුද්ධ පුත‍්‍රයෙක් වීමේ අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් මෙසේ ස`දහන් කළේය.
”අවුරුදු 8දී හින්දු ආගමේ පූජකවරයෙක් ලෙස ඇතුළත් වුණා. අවුරුදු 26ක් මම හින්දු ආගමේ නායකයෙක් විදිහට කටයුතු කළා. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළේ හින්දු පූජකයෙක් වෙලා ඉන්න කාලේ ඉ`දලමයි. හින්දු ආගමේ පූජකයෙක් වශයෙන් ඉන්න කාලේ මම ඉහළ මණ්ඩාවල සුදර්ශනාරාම විහාරයට එනවා. දායකයෝ විහාරස්ථානයට දානේ අරන් එන අවස්ථාවල මටත් දානේ පූජා කරලා ව`දිනවා.

ඉහළ මණ්ඩාවල සුදර්ශනාරාමයේ විහාරස්ථානාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ මාව මහණ කරන්න කැමැති වුණා. අද මම සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ දෙනාට බණ කියනවා. දෙමළ, මුස්ලිම් ජනතාවට තේරෙන්නේ දෙමළෙන් බණ කිව්වොත් විතරයි. මීට කලින් කවුරු හරි මැදිහත් වෙලා බුදුන්ගේ සද්ධර්මය දෙමළ භාෂාවෙන් ශ‍්‍රවණය කිරීමේ අවස්ථාව ජනතාවට ලබා දුන්නා නම් සමහර විට මේ යුද්ධය පවා ඇති නොවෙන්න තිබුණ බවයි මම විශ්වාස කරන්නේ. දමිළ දරුවන්ට බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න පිරිවෙනක් ආරම්භ කරන්න ඕන.

බුදු හාමුදුරුවෝ බුදු දහම දේශනා කළේ සිංහළ ජනතාව වෙනුවෙන් විතරක් නෙවෙයි. හින්දු ජනතාවට විතරක් නෙවෙයි. මුස්ලිම්, කි‍්‍රස්තියානි අය වෙනුවෙනුත් නෙවෙයි. බුදු දහම කියන්නේ සියලූම සත්ත්වයාට කළ දේශනාවක්. බුද්ධ දේශනාවේ හැම ප‍්‍රශ්නයකටම විස`දුම් තියෙනවා.” යැයිද උන්වහන්සේ ස`දහන් කළහ.

ඉහළ මණ්ඩාවල සුදර්ශනාරාමයේ විහාරස්ථානාධිපති නන්ද හිමියන් මහේන්ද්‍රන් පූජකවරයා මහණ කිරීමේ තීරණය ගැනීමත් සමග මෙය ජාතීන් අතර සමගිය නැතිවන්නක් යැයි කියමින් මහණ පින්කම නොපවත්වන ලෙස විවිධ බලපෑම් එල්ල වී ඇත. එ් කිසිවකින් නොසැලූණු විහාරාධිපති හිමියෝ බගවන්තලාවේ රාහුල හිමියන් සසුනට එක් කරගෙන උපසම්පදාව දක්වා මග පෙන්වමින් තව තවත් ධර්ම දානය පිණිස කටයුතු කරමින් සිටිති.

පූජකවරයෙක් විදියට කටයුතු කරන අතරේ අලූත් කෝවිලක් සාදා ගන්න තෙක් ඉන්න තැනක් නැති නිසා මහේන්ද්‍රන් ෂර්මාට අපි පන්සලේ ඉන්න අවස්ථාව දුන්නා. මේ විදියට පන්සලේ ඉන්න අතරේ අපිත් එක්ක බුදුන් ව`දිනවා. අපි නැති අවස්ථාවල දායක ඇත්තෝ දානය ගෙනාවාම එ් වත්පිළිවෙත් කරනවා. මේ නිසාම මම පන්සලේ නැති වෙලාවටත් මහේන්ද්‍රන් ෂර්මාව මම පන්සලේ නවත්වලා ගියා. එ් අතරේ ආගමික වැඩ ටිකත් පුරුදු නිසා ඔන්න ඔහේ මහණ වෙමු කිව්වම තනි තීරණයක් ගන්න බැහැ. ගෙදරින් අහන්න ඕනේ කිව්වා. මම මහේන්ද්‍රන් ෂර්මාගේ පින්නවල කුඩුකාඩුවේ ගෙදරට වැඩියා. මහේන්ද්‍රන් පොඩි කාලේ තාත්තා නැතිවෙලා. අම්මයි, අයියායි අක්කයි ගෙදර හිටියා.
ගෙදර අය කිව්වේ එ්ක තීරණය කරන්න ඕනේ සාමි. සාමි ගන්න තීරණයකට අපි කැමැතියි කියලයි.

එ් අනුව 2016 දෙසැම්බර් 16 වැනිදා මහණ පින්කම පැවැත්වුණා. එ් අවස්ථාවේ නම් මේ මහණ පින්කම පැවැත්වුණොත් ආගම් භේද ඇති වෙන බව කියමින් මට විවිධ බලපෑම් එල්ල වුණා. එ් කිසිදේකින් නොසැලී පැවැත්වුණු මහණ පිංකමට සාමිවරුත්, මුස්ලිම්වරුත් සහභාගි වුණා. මහණ වුණාට පස්සේ අපි රාහුල හාමුදුරුවෝ විදියටයි හැ`දින්වූවේ. මහණ වෙන්න පෙරත් බණ කියපු කෙනෙක් නිසා මම රාහුල හාමුදුරුවන් ළඟට අරන් බණ කතා කියලා දුන්නා. හාමුදුරුවන්ට හො`ද මතකයක් තිබෙනවා. මම කියාදුන්න බණ කතා තැනින් තැන ගිහින් රාහුල හාමුදුරුවෝ කියන්න පටන් ගත්තාම අපිට බණ පින්කම්වලට ඇරයුම් නැතත් රාහුල හාමුදුරුවන්ට දිනපතාම ඇරයුම් තිබෙන තත්ත්වයක් ඇතිවුණා. දමිළ පාසල්වලට ගිහින්, කෝවිල්වලට ගිහින් බණ කිව්වා. මුස්ලිම්වරුන්ගේ ඇරයුම්වලට අනුව බණ කිව්වා.

බුදුහාමුදුරුවෝ මේ තරම් දේවල් කියා දීලා තියෙන බවක් අපි දැන ගෙන හිටියේ නැති බවයි රාහුල හාමුදුරුවෝ එක්ක, වැඩි පිරිසක් කියලා තිබුණේ. කිසි ආගමකට බැණ වදින්නේ නැතිව සත්‍ය පහදලා දෙන නිසා දෙමළ මිනිස්සු බණ අහන්න පෙලඹුණා.

මෑත ඉතිහාසයේ අන්‍යාගමික පූජකවරයෙක් මහණ වෙලා පැවැති එකම උපසම්පදාවයි මේ. බුදු හිමියන්ගේ කාලේ එවැනි දේ වෙලා තිබුණා. දැන් දෙමළ ළමයි මහණ වෙන්න සූදානම් වෙනවා. දෙමළෙන් බණ කියන්න උගන්වන්න භික්ෂූන් වහන්සේ නමක් ඉන්න නිසා දෙමළ අය ස`දහා පන්සලකුයි පිරිවෙනකුයි සකස් කරන්නයි අපේ අදහස තියෙන්නේ.

මේ වෙනකොටත් අපි තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් හදන්න පියවර ගෙන තියෙනවා. අපේ දායක ඇත්තෝ මේ කාර්යයට සෑහෙන්න උපකාර කරනවා. බළන්ගොඩ අවට දෙමළ, මුස්ලිම් ජනතාවත් අපිට මේ කටයුත්තට සහාය වෙනවා. අපේ වැඩපිළිවෙළට දේශපාලකයින් සම්බන්ධ කරගත්තේ නැහැ. නමුත් රාහුල හාමුදුරුවන්ගේ බණ අහලා දේශපාලකයෝ පවා බණ පින්කම්වලට ඇරයුම් කරනවා. කවුරුත් දෙමළ හාමුදුරුවෝ කියන්නේ නැහැ. ගෞරව කරමින් බණ අහනවා. උපසම්පදා උත්සවේ දවසේ රාහුල හාමුදුරුවන්ගේ අම්මාව පවා තොරණ ගහලා පිළිගත්තා.

සංහිඳියාව කියලා බෝඞ් ගහගෙන කරනවාට වඩා වැඩි දෙයක් අපි නිශ්ශබ්දව කළා. ධර්මයට දමිළ ජනතාව සමීප වෙමින් තිබෙනවා. උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් පවා රාහුල හිමියන්ට කතා කරලා සුබ පතලා තියෙනවා.
ලංකාවේ ජාතීන් අතර සමගිය ඇති කිරීමට හො`දම දර්ශනය බුද්ධ දර්ශනයයි. බුද්ධ දර්ශනය ඇසුරින් එවැනි සමගියක් ඇති කිරීමට මේ බුදු පුතුන් ගන්නා උත්සාහය තුළින් අනාගතයේ එකම ශී‍්‍ර ලාංකික ජාතියක් ලෙස කටයුතු කිරීමේ වාසනාව අපට හිමි වනු ඇත.

– රන්මලී සෝමසිරි
(රිවිර)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button