පළකල දිනය : Thu, Aug 9th, 2018

“උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු” පසු පැමිණි අලුත්ම “රචනා” සම්මුක පරීක්‍ෂණය (වීඩියෝ)

විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබා දීම සදහා අරුම පුදුම සුදුසුකම් පරීක්‍ෂාවක් ගැන ශ‍්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය හෙලි කරයි.

එහි විධායක කමිටු සාමාජික රජික කොඩිතුවක්කු මහතා පවසන්නේ ‘නුපුහුණු විදුලි කාර්මික’ තනතුර සදහා ඉදිරිපත් වන අයදුම්කරුවන් එක්සත් ජාතික පක්‍ෂය ගැන රචනාවක් ලිවිය යුතු යයි ලිඛිතව දන්වා ඇති බවයි.

අදාල මාතෘකා යටතේ රචනාවක් ලියා විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා නමට යොමු කල යුතුව ඇති බව අයදුම්කරුවන්ට දන්වා ඇතැයිද ඔහු පැවසීය.

ශ‍්‍රීලනිප මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවනදී ඔහු මෙම අදහස් පල කලේය.

දැනට ටික කලකට පෙර ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ‘උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු’ ලෙස සුදුසුකම් පරීක්‍ෂා කරමින් රැකියා ලබා දුන් වීඩියෝවක්ද අන්තර්ජාලයේ වෙයි.

එක්සත් ජාතික පක්ෂය ගැන රචනාවක් ලිව්වවොත් රස්සාවක්

එක්සත් ජාතික පක්ෂය ගැන රචනාවක් ලිව්වවොත් රස්සාවක් #lka #UNP #Job #SriLanka

Posted by Newsfirst.lk on Friday, June 29, 2018

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button