පළකල දිනය : Sat, Aug 11th, 2018

ලැප් එක නිසා ජොබ් එකත් නැතිවෙන්න ගිය චීන ජාතිකයා (වීඩියෝ)

ලංකාවේ ඉන්න මිනිස්සු හරිම ත්‍යාගශීලී.. හැමෝටම උදව් කරන හිත හොඳ මිනිස්සු කියලා ලෝකෙටම ආයෙත් කියන්න පුලුවන් සිදුවීමක් පහුගිය දවසක සිද්ධවුණා.

කොළඹ ගංගාරාමය අසල චීන ජාතික විදේශිකයෙක් බෝඩ් එකක් අල්ලගෙන හිටියා. ඒ ඔහුගේ ලැප්එක ත්‍රීවිල් රථයකදි අමතක වුණා කියලා.
ඔහු වැඩ කරන ඔෆිස් එකේ වැදගත් ලිපිගොනු ගොඩක් මේ ලැප් එකේ තිබුණා.

ඒ නිසාම රැකියාව පවා නැතිවෙන තත්වයක තමයි ඔහු හිටියේ.

මේ ගැන දැකපු අපේ කොල්ලෝ ටිකක් ඔහුගේ පෝස්ටර් එක්කම සිද්ධිය ගැන කියලා ෆේස්බුක් එකට ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා.

ෆේස්බුක් දාපු මේ  ඡායාරූප නිසා වෙච්ච වැඩේ පහත වීඩියෝවෙන් බලන්න කෝ..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button