පළකල දිනය : Sun, Aug 12th, 2018

සුබඵල රැසක් උදාකරමින් රවි රජ භවනට..!

ග‍්‍රහයන් අතර රජු ලෙස හඳුන්වනු ලබන රවි හෙවත් සූර්යයා අගෝස්තු මස 17 වැනිදා උදේ 6.50 ට සිංහ රාශියට මාරුවීමට නියමිතය. මේ ලිපිය ලියන්නේ රවි මාරුව උපන් ලග්නවලට හා රටට උදාකරන සුබාසුබ සාකච්ඡුා කිරීම පිණිසය.

පෘථිවිය වටා ඇති අංශක 360 දොළහකට බෙදා රාශි 12 නම් කර තිබේ. එවිට එක රාශියක අංශක 30 වේ. මේ අහසේ පවතින විවිධ කොටස් වන අතර ඒවායේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී භූත ගුණය විවිධාකාර වේ. ග‍්‍රහයන් ද මේ භූත ගුණය අඩු වැඩි ලෙස දක්වන බැවින් මෙම රාශි හරහා ගමන් කරන විට දෙන ගුණ අගුණ විවිධ වෙයි. ග‍්‍රහයකුට හිමි රාශිය ග‍්‍රහයාගේ භූත ගුණයට මනාව ගැළපේ.

රවිගේ රාශිය සිංහ රාශියයි. අනෙක් අතට සිංහ ලග්න හිමියන්ට අධිපති වේ. මේ නිසා රවි සිංහ රාශියට මාරුවීම සුබඵලදායක බව සැලකේ. එය බොහෝ දෙනකුට සුබඵල උදාකරයි.

සූර්යයා හෙවත් රවි ග‍්‍රහ මණ්ඩලයේ මධ්‍යය වන අතර අනෙකුත් ග‍්‍රහයන් කැරකෙන්නේ හිරු වටාය. ආකර්ෂණය ලබන්නේ හිරුටය. එළිය ලැබෙන්නේ හිරුගෙනි. ප‍්‍රධානියා හිරුය. විශාල ද වේ. මේ නිසා ලෝකයේ ප‍්‍රධානත්වය නායකත්වය දරන අයට හිරු අධිපති වේ.

එබැවින් නායකයන්ට, අධ්‍යක්‍ෂවරුන්ට, පාලකයන්ට, අධිකරණ නායකයන්ට, වෛi විශේෂඥයන්ට, රජුන්ට හිරු මාරුව සුබදායක වනවා ඇත. බොරුකාරයන්ට එය අසුබ වේ. සත්‍යය ඉස්මතු වේ. ඇත්ත යටපත් කළ නොහැකි වේ. රාජ්‍ය සේවකයන්ට සුබඵලදායක වේ. සත්‍යවාදී දේශපාලනඥයන්ට ජනප‍්‍රිය බව ලබාදේ. රටේ නැගෙනහිර දිශාවේ දියුණුවට කරුණු යෙදේ. වෛද්‍ය වරුන්ට සුබදායක වේ.

ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයෙන් හත් වැන්නට රවිගේ මාරුව සිදුවේ. ප‍්‍රභූ පවුල්වල විවාහ ගැන අසන්නට ලැබේ. නීතිමය අංශවලට සුබයි. විදේශීය රටවල් සමඟ පවතින සබඳතා ශක්තිමත් වේ. රට පිළිබඳව විදේශවල පැවැති දුර්මත ජයගැනීමට සුදුසු කාලයක් වේ. ආගම දහම කෙරෙහි ජනතාවගේ නැඹුරුවීම වැඩිවේ. මෙම රවි සිංහ රාශිගතවීම ඔබේ උපන් ලග්නයට උදාකරන සුබාසුබ මෙසේය.

මේෂ

ඔබේ ලග්නයෙන් පස්වැන්නට රවි මාරුවීම නිසා ¥ දරුවන්ගේ ගැටලූ විසඳා ගැනීමට හැකිවෙයි. අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ සුබඵල ලැබේ. විභාගවලින් සමර්ථ විය හැකිවේ. සම්මුඛ පරීක්‍ෂණවලින් සමත් වේ. මේෂ හිමි අවිවාහක තරුණ තරුණියන්ගේ විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කර ගැනීමට කරුණු යෙදේ. බිරිඳ හෝ සැමියාට ද සුබදායක වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. උත්සාහය, උනන්දුව ද ඉහළ යන නිසා බොහෝ ප‍්‍රශ්න විසඳා ගැනීමට ශක්තිය ලැබේ. විවාහ සහකරුගේ රැුකියා ප‍්‍රශ්නයකට විසඳුමක් ලැබීමට ද ඉඩ තිබේ. සමාජයේ ඔබ පිළිබඳව වෙනදාට වඩා

පිළිගැනීමක් ඇතිවේ. තනතුරුවල හෝ තත්ත්වයේ උසස්වීමක් ගැන ද මේ කාලය තුළ බලාරොත්තු තැබිය හැකිය.

වෘෂභ

හතර වැන්න රවි මාරුවීම මිශ‍්‍රඵලදායක බව පෙන්වයි. නිවාස දේපළ හෝ ඉඩකඩම්වල තිබූ නීතිමය ගැටලූවක් විසඳා ගැනීමට කරුණු යෙදේ. මවුපියන්ට සුබදායකයි. පවුලේ අය අතර සමගිය වැඩි වේ. හෘදයාබාධ හෝ රුධිර පීඩනය වැනි රෝගාබාධවලින් ප‍්‍රවේශම් වීමට සැලකිලිමත් වෙන්න. රැුකියා හෝ ව්‍යාපාර අංශවල උසස් කෙනකු අමනාපවීමට ඉඩ ඇත. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කරගැනීම වැනි කටයුතුවලට එතරම් සුබ නොවේ. එහෙත් මේ තත්ත්වය සැප්තැම්බර් 1 දින සිට සුබ අතට හැරේ. විනෝදය වෙනුවෙන් අනවශ්‍ය ලෙස මුදල් වැයවීමට ඉඩ ඇති අතර ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීමේදී බොහෝ ¥රදර්ශී වීම අවශ්‍ය වේ.

මිථුන

ඔබේ ලග්නයෙන් තුන්වැන්නට රවිගේ මාරුවීම විශේෂ සුබඵල ඇතිකරයි. පසුගිය මාසයේ තිබූ ගැටලූවකට විසඳුම් ලැබේ. උත්සාහය ධෛර්යය හා උනන්දුව වැඩිවේ. අසල්වාසීන් සමඟ තිබූ අමනාපකම් දුරුවේ. සමගිය ඇතිවේ. ලිපි ලේඛන හා පොරොන්දු ගිවිසුම්වලට අත්සන් කිරීමට සුබදායක කාලයක් වේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. බාල සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේ. එහෙත් සැප්තැම්බර් 1 වැනිදා දක්වා ගෘහ ජීවිතය පිළිබඳව යම් යම් බාධා ඇතිවීමට ඉඩ ඇත. රාජ්‍ය අංශයේ මෙන්ම උසස් අයගේ ද උදව් උපකාර ලැබේ. නීතියේ පිහිට ලැබේ. හදිසි අනතුරුවලින් ප‍්‍රවේශම් වන්න. ක්‍ෂණික කෝපය පාලනය කරගන්න.

කටක

කටක ලග්නයෙන් උපන් අයගේ රවි දෙවැන්නට මාරුවීම නිසා මිශ‍්‍රඵලදායක තත්ත්වයක් උදාකරන බව පෙනේ. වෙනදාට වඩා අනාගතය ගැන හිත යොමුවේ. අනාගතය ගැන සැලසුමක් ඇතිකර ගැනීමට පෙළඹේ. ආදායම් සතුටුදායක වේ. නමුත් පවුලේ වියදම් ද ඉහළ යන බව පෙනේ. තැන්පත් ධනයක් වැයවීමට ද ඉඩ තිබේ. පවුල වෙනුවෙන් කරන වියහියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. දරුවන් හා පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. සාකච්ඡුා මාර්ගයෙන් ගැටලූ විසඳා ගැනීමට හැකි කාලයක් වේ. රැුකියා අංශවලට සුබඵලදායකයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. නීතිමය ගැටලූවකට විසඳුම් ලැබේ.

සිංහ

ඔබේ ලග්නයට රවි හෙවත් ලග්නාධිපතිගේ පැමිණීම සුබඵලදායකයි. පසුගිය මාසයේ තිබූ බොහෝ ගැටලූ විසඳා ගැනීමට කරුණු යෙදේ. අන් අය අතර ඔබ පිළිබඳව ඇති පිළිගැනීම ඉහළ යයි. නායකත්ව ගුණාංග ඉස්මතු වේ.

රැුකියා හා ව්‍යාපාර අංශවල තනතුරේ හෝ තත්ත්වයේ යම් උසස්වීමක් ලැබීමට ද කරුණු යෙදේ. චිත්ත ධෛර්යය වැඩිවේ. සැප්තැම්බර් දෙවැනිදා දක්වා වියදම් ඉහළ යයි. එය පාලනය කර ගැනීමට උනන්දු වන්න. විශේෂ සුබ කටයුතු කරන්නේ නම් සැප් 2 දිනට පසුව යොදාගැනීම මැනවි. සහෝදරයකු ගැන සුබඵලදායක ආරංචි ලැබේ. අසල්වාසීන් සමඟ තිබූ අමනාපකම් දුරුවේ. උසස් අයගේ උදව් උපකාර ලබා ගැනීමට ද හැකිවේ.

කන්‍යා

ඔබේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට රවි මාරුවන අතර දැනට ලග්නයේ සිකුරු නීචව ගමන් කරයි. විදේශ ගමනක් යෑමට බලාපොරොත්තුවක් තිබුණෙ නම් එය සාර්ථක කර ගැනීමට තිබූ නීතිමය අවහිරතා ඉවත් වේ. විදේශ ගමන්වලට සුබයි. සමහර විට දුර ගමනක් යෑමට ද සිදුවිය හැකියි. එහෙත් නීතියේ පිහිට ලැබීමට පහසු නොවේ. මේ නිසා අධිකරණ කටයුතුවලට මේ මාසය තරමක් බාධා සහිතයි. සැප්තැම්බර් 1 වැනිදාට පසුව

භාග්‍යස්ථානාධිපති සිකුරු බලවත් වන බැවින් සුබඵල ලැබේ. රුධිර පීඩනය සහ ඌෂ්ණාධික රෝග ඇති අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න. ඌෂ්ණාධික පරිසරය හා ආහාර අගුණදායකයි.

තුලා

රවි, ඔබේ කේන්ද්‍රයේ එකොළොස්වැන්නට පැමිණීම සුබයි. රැුකියා බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ. තම තනතුරේ නැත්නම් තතත්වයේ උසස්වීමකට අවස්ථා උදාවේ. උසස් අය හඳුනාගැනීමට ලැබේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. වැඩිමහල් සහෝදරයකුගේ

රැුකියා ප‍්‍රශ්නයකට විසඳුම් ලැබේ. සහෝදර සබඳතා අලූත් වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ආදායම් සතුටුදායකයි. එහෙත්

ලග්නාධිපති දොළහේ ගමන් කරන බැවින් විශේෂ සුබ කටයුතු සැප්තැම්බර් 1 දිනට පසුව ආරම්භ කරන්න. තුලා හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නීතිමය ගැටලූවලට විසඳුම් ලැබේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ.

වෘශ්චික

ඔබේ කේන්ද්‍රයේ දහවැන්නට රවිගේ පැමිණීම සුබඵලදායකයි. පසුගිය කාලයේ තිබූ බොහෝ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට අවස්ථා උදාවේ. උනන්දුව හා උත්සාහය ඉහළ යන නිසා බාධා ජයගත හැකිවේ. රැුකියා හා ව්‍යාපාර ස්ථානවල ප‍්‍රධානීන්ගේ උදව් උපකාර ලැබේ.

රැුකියා බලාපොරොත්තුවෙන් සිටි අයට රැුකියා ලාභ ලැබේ. නඩුවකින් ජය අත්වේ. රාජ්‍ය අංශයේ උදව් ලැබිය හැකි වේ. මංගල යෝජනා හා පෙම් සබඳතා ස්ථිර කර ගැනීමට ද කරුණු යෙදේ. එවැනි කටයුතුවලට ගමන් බිමන් යෑමට සුබයි. ගෙදර දියුණුවට කරන කටයුතු ද සාර්ථක වේ. දරුවකුගේ විදේශ ගමනක් සාර්ථක වන කාලයක් වේ.

ධනු

ධනු ලග්න හිමි අයගේ රවි මාරුව අටවැන්නේ සිට නවයට සිදුවීම සුබදායකයි. ගත වූ මාසයක කාලය තුළ පැවති සිත් තැවුල්වලට විසඳුම් ලැබේ. අසනීපයක් තිබුණේ නම් එය සුව අතට හැරේ. නීතියේ පිහිට ලබාගත හැකිවේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පහසුකම් සැලසේ. විභාගවලින් සාමාර්ථ වේ. ආගම දහමට හිත යොමුවන කාලයකි. සමහර විට දුර වන්දනා ගමනක් හෝ විදේශ ගමනක් යෑමට තිබූ බලාපොරොත්තුවක් සාර්ථක කර ගැනීමට හැකිවේ. රැුකියා හා ව්‍යාපාර අංශවල ද සුබඵල ලැබේ. උසස් අය හඳුනාගැනීමට අවස්ථා උදාවේ. යහපත් මිතුරන් සමඟ සතුටින් කාලය ගතවේ. ගෙදර දොර ඉඩම් ආදියේ දියුණුවට කරන කටයුතු ද සාර්ථක කරගත හැකිවේ.

මකර

ඔබේ කේන්ද්‍රයේ ලග්නයෙන් අටවැන්නට රවි මාරුවීම තරමක බාධා ඇති කරන බව පෙනේ. ඌෂ්ණාධිකම ග‍්‍රහයා වූ රවි අටේ ගමන් කරන මාසයක කාලය ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වීම අවශ්‍ය වේ. ඌෂ්ණාධික පරිසරය මෙන්ම එවැනි ආහාර පාන ද සෞඛ්‍ය ගැටලූ ඇතිකරන බව අමතක කරන්න එපා. එමෙන්ම නීතිමය අංශවල පිහිට බලාපොරොත්තු විය හැකි නොවන නිසා නීති විරෝධී කටයුතු නොකිරීමට මතක තබා ගැනීම වැදගත්ය. සෞඛ්‍ය තත්ත්වය

රැකගැනීමට සැලකිලිමත් වෙන්න. බුද්ධ පූජා, බෝධි පූජා තබා කතරගම දෙවියන්ට භාරහාර වීම, පහන් පූජාව, සිසිල් පැන් දන්දීම හා සූර්ය පිරිත කීම අපල දුරුවීමට හේතුවේ.

කුම්භ

කුම්භ ලග්නය හිමි අයගේ විවාහ ස්ථානයට රවි මාරුවීම මිශ‍්‍රඵලදායක බව පෙනේ. හවුල් ව්‍යාපාරවල යෙදෙන අයට සුබදායකයි. නීතියේ පිහිට ලැබේ. බිරිඳ හෝ සැමියාගේ රැුකියා දියුණුවකට කරුණු යෙදේ. ආගම දහමට හිත යොමුවේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. ආදායම් සතුටුදායකයි. සතුරු කරදරයකින් ජය ලැබීමට නීතියේ පිහිට ලැබේ. අධ්‍යාපන කටයුතුවලට ද යහපත් වේ. යහපත් දක්‍ෂ ගුරුවරුන්ගේ ඇසුර හා උදව් ලැබේ. කෙසේ නමුත් කුජ දුර්වලව දොළහේ ගමන් කරන නිසා රැකියා අංශවල සතුරන්ගෙන් ප‍්‍රවේශම් වෙන්න.

මීන

මීන ලග්න හිමියන්ගේ ලග්නයෙන් හයවැන්නට රවිගේ මාරුවීම සුබදායකයි. උත්සාහය උනන්දුව ධෛර්යය ඉහළ යයි. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. සතුරන්ගෙන් හෝ තරගකරුවන්ගෙන් ජය ලැබේ. ණය මුදලක් ලබාගැනීමට තිබූ බලාපොරොත්තුවක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය අංශවලින් සහයෝගය ලැබේ. ව්‍යාපාර හෝ රැුකියාවලට ද සුබයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබිය හැකිවේ. පසුගිය දිනවල පැවති අසනීපයක් සුව අතට හැරේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විවාහ මංගල යෝජනා ආදියට නම් සුබ නොවේ. කෙසේ නමුත් බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගත හැකිවේ.

ජෝතිර්වේදී කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

  • 1.9K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button