පළකල දිනය : Sun, Aug 12th, 2018

“මම වඳිනකොටම සිවුර තුළින් වෙඩි පත්තු වුණා”

මෑත ඉතිහාසයෙහි සිිදුවුණු සිද්ධීන් පිළිබඳ ප‍්‍රතිරාවය තුළින් කලක් ගතවූ පසුවද එදා හෙළි නොවූ සමහර දේ නොයෙකුත් ආකාරයෙන් ඉස්මතු වීම සුලභ කාරණයක් ලෙස ගණන් ගත හැක්කේය.

වර්ෂ 1948 ජනවාරි 30 වැනිදා ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා තම මිනිපිරියන් වූ අචා ගාන්ධි හා මනු ගාන්ධි දෙදෙනාගේ උරහිසට දෙඅත යොදා ගනිමින් ඔවුන්ගේ වාරුවෙන් පූජාව පවත්වන්නට යද්දී ඉදිරියට පැමිණියේ දෝතියක් ඇඳ හිසට තොප්පියක්ද දමාගෙන සිටි පත්තර කර්තෘවරයෙකි.

‘බාපුජී අද පූජාවට තරමක් ප‍්‍රමාද වෙලා නේද?’’යි විනායත් නතුරාම් ගෝද්සේ‘ නම් වූ එම කතුවරයා ගාන්ධිතුමාගෙන් විමසීය.

‘‘ඔව්… තරමක් ප‍්‍රමාද වුණා තමයි’’ යනුවෙන් කී මහත්මා ගාන්ධිතුමෝ ඔහුට ආශිර්වාද කරන්නට අත එසවීය. මෙහිදී කතුවරයා කොන්ද තරමක් පහත් කර දෙඅත එක්කර ගාන්ධිතුමාට වැඳ නමස්කාර කර සිටීමය.

ඉන් අනතුරුව ඔහු කළේ තම බඩතුරින් පිස්තෝලයක් ගෙන මහත්මා ගාන්ධිතුමාගේ ළය එල්ලකර පිිට පිට වෙඩි කීපයක් තැබීමය.

‘හේ රාම්’ යනුවෙන් කියමින් ළයෙහි ලේ උතුරවමින් ගාන්ධිතුමා වැටෙන්නට යද්දී මිනිපිරියන් දෙදෙනා එතුමා වාත්තු කරගත්හ.

N2 2 මිනීමරුවා අසල සිටියවුන්ගේ ග‍්‍රහණයට ලක්වෙද්දී පූජාස්ථානයට ගෙන යන ලද ගාන්ධිතුමෝ ඉන් පැය ගණනක් ඇතුළතදී අභාවප‍්‍රාප්ත වූහ.

ඒ ඉන්දියාවේදීය. ඉන් හරියටම අවුරුදු එකොළහකට පසුව ලංකා අග‍්‍රාමාත්‍ය ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමාගේ රොස්මිඞ්හි අගමැති මන්දිරයේදී පැමිණ සිටි පිිිරිස අමතා ඔවුනගේ දුකසැප විමසා බලනු පිණිස ඔවුන් වෙත පැමිණි එතුමෝ ප‍්‍රථමයෙන් එහි සිටි භික්‍ෂුවකට වැඳ නමස්කාර කර සිටියහ.

මෙහිදී සිදුවූයේ අගමැතිතුමා කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි.

සිවුර අතුරින් එළියට ගන්නා ලද ‘කළු බඩුවකින්’ අගමැතිතුමාගේ ළය එල්ල කර වෙඩි පිට වෙඩි පිට විය. එතුමා ආපසු හැරී ගෙතුළට දිවයන විටද වෙඩි වැදිණි.

පසුව මිනීමරු සිවුරුකාරයාටද පොලිස් වෙඩි හතරකින් ඇද වැටෙන්නට සිදුවිය.

මෙහිදී බරපතළ ලෙස තුවාල ලද බණ්ඩාරනායක අගමැතිතුමා ආරෝග්‍ය ශාලාවට ගෙන යන ලද්දේය. ඉන්පසු එහි සිටි දොස්තර පී. ආර්. ඇන්තනිස් මහතා එතුමාට ශල්‍යකර්මයක් කරන්නට පෙර ඇක්ස්රේ ඡුායාරූපයක් ගතයුතු යැයි ද නියම කරන ලද්දේය.

‘ඩොක්ටර් අර මිනිහා මට ඉස්සරහෙනුත් පස්සෙනුත් වෙඩි තිබ්බා. දැන් ආපසු ඉස්සරහින් මට වෙඩි තියන්න හදනවාද?’ යි දරුණු ලෙස තුවාලව තිබියදීත් බණ්ඩාරනායක අගමැතිතුමාගේ සිිය උපහාසවේදී මුවින් යුතුව කියා සිටි බව පසුව ඇන්තනිස් දොස්තර මහතා කියා සිටි බව පළවිය.

මේ භීෂණ සිද්ධිය රට පුරාම පැතිර යෑමෙන් පසුව කොළඹ මහා ආරෝග්‍යශාලා බිම ජනයාගෙන් අතුරු සිදුරු නැතිව පිරී යද්දී අග‍්‍රාණ්ඩුකාර ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක මැතිතුමෝ ද එහි පැමිණියහ.

මෙහිදී බණ්ඩාරනායක අගමැතිතුමා ජනතාව අමතා ප‍්‍රකාශයක් කරන්නට ඕනෑ බව කිව් විට අග‍්‍රාණ්ඩුකාරතුමන්ද මුල්වී එම ප‍්‍රකාශය ලියා ගන්නටද යෙදුණු බව පසුව වාර්තා විය.

තමන්ට වෙඩි තැබූ ශ‍්‍රමණයා පිළිබඳව අගමැතිතුමන් හරියටම දැන හැඳින සිටි නමුදු එතුමා ප‍්‍රකාශ කළේ ‘අද උදේ මගේ මන්දිරයේදීම සිවුරු ඇඳගත් මෝඩ මිනිහෙක් මට වෙඩි කීපයක් තිබ්බා. ඒ මෝඩ මිනිහාට කරදරයක්, හිරිහැරයක් කරන්න එපා කියා මා ඉල්ලා සිටිනවා’ යනුවෙනි. එසේ කියා සිටියේ හාමුදුරු නමක් වෙඩි තිබ්බා කියා කෙළින්ම කීවොත් රටේ කලබල ඇතිවන බව ක්ෂණිකවම සිතා බලාගෙනය.

එම අවස්ථාවේදීද බණ්ඩාරනායක අගමැතිතුමෝ තම සතුරාට පවා මෛත‍්‍රීය කිරීමේ පිළිවෙතක් අනුගමනය කළ බව කිව හැකිය.

දරුණු ලෙස ශරීර අවයවවලට බරපතළ තුවාල සිදුවී තිබී ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා ජීවත් වූයේ පැය දෙකක පමණ සුළු කාලයක් නමුදු බණ්ඩාරනායක අගමැතිතුමන් එයටද වඩා බරපතළ තුවාල ලබා තිිබුණද පැය හතක ශල්‍යකර්මයකටද මුහුණදී එතුමා අභාවයට පත් වූයේ පසුවදා උදේ 7.45 ටය. එසේ කරන ලද සුවිශේෂ ශල්‍යකර්මයෙන් පසුව බණ්ඩාරනායක අගමැතිතුමා සුවපත් වනු ඇතැයි ද දොස්තර ඇන්තනිිස් මහතා ඇතුළු පිරිස පූර්ණ විශ්වාසය තබා තිබුණු නමුදු ශල්‍යකර්මය තරමක් සාර්ථක වී අන්තිමේ එතුමෝ එසේ අභාවප‍්‍රාප්ත වූහ.

මෙම සිද්ධිය සිදුවී දැනට වර්ෂ පනස් නවයක් (59) සපිරී ඇත්තේය. එහෙත් දැනුදු වරින් වර බණ්ඩාරනායක ඝාතනයේ සමහර රහස් වාර්තා නිකුත් වෙමින් පවතී. තල්දූවේ සෝමාරාම නම් භික්‍ෂුව විසින් එදා එතුමාට මෙසේ මාරාන්තික වෙඩි පහර එල්ල කළේ යැයිද එම හේතුව නිසා බණ්ඩාරනායක අගමැතිතුමා ඛේදජනක ලෙස අභාවප‍්‍රාප්ත වූ බවද හෙළි විය.

දීර්ඝ නඩු විභාගයකදී මෙම කුමන්ත‍්‍රණය ආරම්භ වූ හැටි ක‍්‍රියාත්මක වූ හැටි, අගමැති ඝාතනයටද පෙරහුරුවක් ලෙස සොයාගන්නා ලද රිවෝල්වරයක් මගින් තල්දූවේ සෝමාරාම නම් භික්‍ෂුව විසින් මුතුරාජවෙල ප‍්‍රදේශයට ගොස් වෙඩි තැබීම පුහුණු වූ සැටිත් මනා ලෙස සාක්‍ෂි මගින් උසාවියේදී කියැවිණි. බුද්ධරක්ඛිත, ජයවර්ධන, විමලා විජයවර්ධන ඉන්ස්පැක්ටර් නිව්ටන් පෙරේරා, කොළොන්නාවේ පළාත් ආණ්ඩු සභා සභාපති කරෝලිස් අමරසිංහ ආදී පිරිසක් සැකපිට සිරභාරයට ගන්නා ලද්දේය.

කරුණු කාරණා එසේ වුවද පසුවඋසාවිය හමුවේ හෙළිවූ එක් කාරණයක් නම් දොස්තර ඇන්තනිස් මහතාගේ කීම අනුව ගන්නා ලද බණ්ඩාරනායක අගමැතිතුමාගේ ‘එක්ස්රේ ඡුායාරූපයේ’ එතුමාගේ ඉළඇටයක් ළග රැඳී පැවති පිස්තෝල උණ්ඩය පසුව පොලිස් භාරයට ගන්නා ලද සෝමාරම වෙඩි තැබූ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩයක් නොවන බවය.

මෙවන් වූ මිනීමැරුමක් සිිදුකරන්නට කුමන්ත‍්‍රණය කරන විටදී නිසැක වශයෙන්ම තවත් කෙනකු හෝ දෙදෙනකු යොදන බවට සැක සහිතව තවත් කෙනෙකු බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තබා තිබෙන බවද ඒ අනුව උසාවියේදී කියැවිණ.

මෙහිිදී දාගොන්නේ තැබෑරුම්කරුවකු වු ඔසී කොරයා නමැත්තා විසින් ද වෙඩි තබා ඇති බවත් ඔහු ද සිවුරක් දමාගෙන එහි සිටි බවක් ද කටකතා ලෙස කියැවී තිබුණු බව ද හෙළිවිය. ඒ නිසාම ඔසී කොරයාගෙන්ද සාක්‍ෂි විමසීමට උසාවියේදී කටයුතු සිදුකෙරුණු නමුත් කිසි ලෙසකින් හෝ ඔහු විත්තිකරුවකු කර ගැනීමට අවස්ථාව ලැබුණේ නැත.

කතෝලිකයකු වූ ඔහු එවේලේ හිිස බූගා තිබුණු බවද හෙළිවූ නමුදු උසාවියේදී ඔහු කියා සිටියේ තමන් කතරගම දෙවියන් හමුවේ භාරයක් ඔප්පු කරන්නට එසේ හිස බූගා ගත් බවය. ඔහු එදා එවේලේ රොස්මීඞ්හි සිවුරක් පොරවාගෙන සිට වෙඩි තබා පසුව සිවුරත් දමා තාප්පයෙන් පැන මෝටර් රථයක නැගී පලාගිය බවද කටකතා පැතිර තිබූ නමුදු, උසාවියේදී එවැනි දේ කියැවුණු නමුදු කිිසි ලෙසකින් හෝ ඔසී කොරයා සිරභාරයට ගැනීමට හෝ විත්තිකරුවකු කිරීමට හෝ අවස්ථාව උදාවූයේ නැත.

බණ්ඩාරනායක අගමැතිතුමාගේ එදා ගන්නා ලද එක්ස්රේ ඡුායාරූපයේ ඉළ ඇටයක් ළ`ග තිබෙන වෙඩි උණ්ඩය ගැනද උසාවිය කරුණු නිරීක්‍ෂණයෙන් පසුව එම එක්ස්රේ ඡුායාරූපය ‘ලංකාදීප’ පුවත්පතේ විශාල ප‍්‍රමාණයෙන් පළවිය.

පසුගියදා ජාතික ලේඛනාගාරයේ එම එක්ස්රේ ඡුායාරූපයේ පිටපතක් ගත් ‘ලංකාදීප පුවත්පතක් ලබා ගැනීමට හැකිවිය. මේ සමග පළවන්නේ එම එක්ස්රේ ඡුායාරූපයයි. ඒ ගැනද උසාවියේ නොයෙක් ආකාරයෙන් ප‍්‍රශ්න කිරීම් සොයා බැලීම් සිදුවූ නමුදු එම උණ්ඩය නිකුත් කළ පිස්තෝලය හෝ රිවෝල්වරය සොයා ගැනීමට ලැබුණේ ද නැත.

එම කාරණය නිසාම තල්දූවේ සෝමාරාම නම් භික්‍ෂුවට කෙළින්ම චෝදනා කෙරුණේ දැනට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේ බණ්ඩාරනායක කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය සඳහා තබා තිබෙන රිවෝල්වරයෙන් වෙඩි තිිබ්බා යන වැරැුද්ද චෝදනාවක් ලෙස ගෙනය. ඒ නිසාම අන්තිම මොහොතේ හෝ තමන්ව මරණයෙන් බේරා ගනීවි යන බලාපොරොත්තුව පිට තල්දූවේ සෝමාරාම කතෝලිකයකුව ‘පීටර් නමන් සිටියදී එල්ලූම් ගස් ගියේය. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මාපිටිගම බුද්ධරක්ඛිත හා වැල්ලම්පිටියේ එච්. පී. ජයවර්ධන එල්ලූම්ගහෙන් බේරී ජීවිතාන්තය දක්්වා හිරේට නියම විය.

පසුව ප‍්‍රථමයෙන් වැලිකඩ හිර ගෙදරදී ඩෝබි පාටියේ කිිලිටි රෙදි සේදීමේ බරපතළ වැඩට උරදුන් බුද්ධරක්ඛිතත්, ජයවර්ධනත් කාලයක් තිස්සේ හිරගෙදර හොඳ කල්කිරියාවෙන් සිටීමේ ප‍්‍රතිඵලය ලෙස අවුරුදු විස්සේ සීමාවට දඬුවම අඩු කෙරුණේය. එසේ සිටියදී නියම දඬුවමින් අවුරුදු අටකට පසුව මාපිටිගම බුද්ධරක්ඛිත මහතා හදිසි හෘදයාබාධයකින් මියගියේය.

හොඳ කල්කිරියාවෙන් තමන් වැලිකඩ බන්ධනාගාරයේ ගතකළ කාලය අනුව වැල්ලම්පිටියේ එච්. පී. ජයවර්ධනට වර්ෂ 1978 දී එළියට – ගෙදරට යෑමේ අවස්ථාව උදා වන්නේය. එහෙත් ඔහු එසේ එදා නිදහස් වූයේද නියමිත අවුරුදු 12 ට වඩා මාස පහක් වැඩිපුර තබා ගැනීමෙන්ද පසුවය.

එසේ එළියට පැමිණි ජයවර්ධන කළේ එසේ වැඩිපුර මාස 5 ක් තබාගෙන සිටියේ තමනගේ් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළේ යැයි එයට රුපියල් ලක්‍ෂ පහක් අලාභ ඉල්ලා නඩු පැවරීමය.

නඩුව විභාගයට ගත් විනිශ්චයකාරතුමා ජයවර්ධනතුමා කියා සිටියේ ‘ඔබට ලැජ්ජා නැතිවද මෙසේ නඩුවක් දැම්මේ තමා එල්ලූම් ගහට නියම වූයේ රටේ රාජ්‍ය නායකයා මරා දැමීමට කුමන්ත‍්‍රණය කළා යැයි ඔප්පු වෙලයි’ කියමින් නඩුව නිෂ්ප‍්‍රභා කළේය. ජයවර්ධනට ආපසු වැල්ලම්පිටිය බලා පසුබෑමට සිදුවිය.

එදා එය සිදු වූයේ එසේය.

පසුකලෙක රටේ ඇඳිරිනීතිය පැවතෙමින් තිබූ දිනයකදී කොටහේනේදී මෝටර් රථයක් පදවාගෙන යද්දී ආරක්‍ෂක හමුදාවකට ‘දාගොන්නේ ඔසී කොරයා’ හමු විය.

පරීක්‍ෂා කර සොයා විමසා බලද්දී ඔවුනට හෙළි වූයේ මේ බණ්ඩාරනායක අගමැතිතුමාට ද වෙඩි තිබ්බා යැයිද සැකයට ලක්වුණු ඔසී කොරයා බවය. මෙහිදී ඔවුන් කළේ තමන්ට ද බැණවැදී පළා යන්නට තැත් කළ ‘ඔසී කොරයාගේ’ අත්පා කඩා දමා යාමය. එයින් අබල දුබල බවට පත්වූ ඔසී කොරයා කලකට පසුව මියගිය බවද හෙළි විය.

එහෙත් මෙපමණ කල් ගියද මේ ඡුායාරූපයේ තිබෙන උණ්ඩය කාගේ පිස්තෝලයකින් නිකුත් වූවක් දැයි හෙළි වූයේ නැත.

– සෝමසිරි කස්තුරිආරච්චි

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button