පළකල දිනය : Mon, Aug 13th, 2018

ගිහාන්ගේ මරණය ගැන Aura නායකයාගෙන් උත්තරයක් !

Aura සංගීත කණ්ඩායමේ සාමාජික ගිහාන් පහුගිය දවසක් දුම්රියේ ගැටිලා මිය ගිහින් තිබුණා.

සමහරු මේ මරණය සියදිවි හානි කර ගැනීමක් කියද්දී ගිහාන්ගේ මරණය ඝාතනයක් කියලත් සමහරු චෝදනා කරා.

කොහෙම හරි මෙම මරණය ගැන විවිධ අදහස් ෆේස්බුක් හරහා හුවමාරු වෙද්දී ඔහුගේ සංගීත කණ්ඩායමේ, ඒ කියන්නේ Aura සංගීත කණ්ඩායමේ නායකයත් ගිහාන්ගේ මරණය ගැන ෆේස්බුක් සටහනක් තියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන..

ගිහාන් මල්ලියා…උඹ කවදාවත් මේ වගේ තීරනයක් ගන්න කොල්ලෙක් නෙමෙයි..මට මගේ ජීවිතයේ හම්බ උන හොඳම සගයා උඹ,බෑන්ඩ් එකෙ තමන්ගෙ ඩියුටි එක දශමෙටම කරලා.තවත් එයිට වඩා දෙන්න පුළුවන් සහයත් දීලා..අවංක කම 100% ක්ම රැකපු උඹ වගේ චරිතයක් අායේ කිසිම දවසක ලැබෙයි කියලා මම හිතන්නේ නෑ…මේක අපිට නොපෙනෙන,අපිට හිතාගන්න බැරි ලොකු රහසක් තියෙන මරනයක්..කවදා හරි අැත්ත එලියට එයි..

උඹ හම්බකරපු සල්ලි මොන යකා ගිල්ලද කියලා අපිට වගේම උඹලගේ ගෙදර අයටත් ප්‍රශ්නයක්…කවුරු කොහොම මොනදේවල් උපකල්පනය කරලා කිව්වත් අැත්ත දන්නේ උඔම තමයි ගිහාන් මල්ලියෝ…මට උඹ නෑ කියන එක හිතාගන්නවත් බෑ,එ්ත් අපියි කියලා මොකක් කරන්නද දැන් උඹගේ නිසල දේහය දිහා බලං ඉංනවා අැරෙන්න…

උඔගෙ මට සහ බෑන්ඩ් එකට තිබුනු සේවය සදා අපේ හදවතේ පවතීවි…කොහේ හෝ ඉඳන් අපි දිහා බලං ඉඳපං මල්ලි,,නිවන් දකින්න උඹ තරන් සුදුස්සෙක් මට නම් හමුවෙලා නෑ…අපි ජීවිතේ ඉදිරි ගමනට ශක්තිය ගන්නම්..උඹට අමා මහා නිවන් සුව අත්වේවා….

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button