පළකල දිනය : Sat, Aug 18th, 2018

කුඹුක් ගස් 150ක් ඇමතිවරයෙකුගේ ගෙදර “ෆ්ලෝ” එක හදන්න යයි (Photos)

කුරුණැගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රා.ලේ.කොටසේ අංක 333 කුම්බුක්කඩවල වැව් බැම්මේ ඇති කුඹුක් ගස් පමණක් 150ක් පමන කපා දැමීමේ සුදානමක් පිළිබද පුවතක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට මෙම කුඹුක් ගස් කපා දැමීමට සුදානම් වන්නේ අමාත්‍යවරයෙකුගේ නිවසක බිම ඇතිරීම සදහා ය. කුඹුක් දැවයේ පවතින සිසිලස සහ ඌෂ්ණ අවශෝෂණ ගුණයන් නිසා සිය නිවාසයේ බිමස් ඇතිරීමට කුඹුක් දැව භාවිතා කිරීමට ව්‍යාපාරිකයන් සහ ප්‍රභූන් පෙළඹී සිටිනවා.

කෙසේ වෙතත් එය මහා පාරසරික හානියක් වන්නේ කුඹුක් ශාකය රැකබලා ගත යුතු ජාතික සම්පතක් නිසා. ජලය පිරිසිදුකිරීමට, සිසිල් කිරීමට සහ ජල මුලාශ්‍ර රැක ගැනීමට කුඹුක් ශාකයෙන් සිදුවන සේවය ඉමහත්. කුඹුක් ශාක 150ක් වැනි ප්‍රමාණයක් එක්වරම විනාශ කිරීම මගින් සිදුවන හානිය එම ප්‍රදේශයට නියං තත්වයක් ඇතිවීමට තරම් බරපතල බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

කුම්බුක්කඩවල වැව් බැම්මේ ඇති මෙම කුඹුක් ගස් රැක ගැනීම රජයේ සහ සියලු වගකිවයුතු බලධාරීන්ගේ වගකීමයි.

ආන්දෝලනයට තුඩු දී තිබෙනා ෆේස්බුක් සටහන,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button