පළකල දිනය : Mon, Aug 20th, 2018

“බුදුන්ගේ රස්තියාදුව” ලියූ කතෘට හා ප්‍රකාශයකයන්ට වැඩ වැරදෙයි !

පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනාගේ විවේඡනයට ලක්වූ ‘බුදුන්ගේ රස්තියාදුව‘ නම් කෘතිය ලියූ කතෘට මුද්‍රණකරුවන්ට බෙදාහරින්නට හා අලෙවිකරුවන්ට නඩු පවරා දඩුවම් දෙන ලෙස ඉල්ලමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

අදාළ ලිපියේ පිටපත් ජනපතිවරයාට අගමැතිවරයාට යොමු කර ඇති බවද එම ලිපියේ සඳහන් වනවා.

මෙකී ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා සහ අපහාස සිදු කර ඇති බවත් මේ තුළින් සමස්ථ බුදුදහම නිගාවට ලක්කොට ඇති බවත් අමාත්‍යවරයා ලිපියේ සඳහන් කොට තිබෙනවා.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290A, 291A 291B යන වගන්ති යටතේ අදාළ ප්‍රකාශයනය නිකුත් කළ කතෘ බෙදාරින්නන් හා අලෙවිකරුවන් වරදක් සිදුකොට ඇති බවත් පරීක්ෂණයක් සිදුකොට හැකි ඉක්මණින් ඔවුන්ට දඩුවම් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ලිපිය මගින් නියෝග කොට තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button