පළකල දිනය : Wed, Aug 22nd, 2018

ඉම්රාන් වෙඩි නොවදින සුපිරි වාහන 33 සහ සේවකයන් 524 එපා කියයි !

පාකිස්‌තාන් අගමැතිට හිමි වෙඩි නොවදින මෝටර් රථ 33 ක්‌ද අනිකුත් වාහන 80 ක්‌ද විකුණා දැමීමට නව අගමැති ඉම්රාන් ඛාන් තීරණය කර ඇත.

එසේම මෙතෙක්‌ දවස්‌ අගමැති කාර්යාලයේ සේවය කළ සේවකයන් 524 ක්‌ ඉවත් කර සේවකයන් දෙදෙනකුගේ පමණක්‌ සේවය ලබා ගන්නා බවද නව අගමැති ඉම්රාන් ඛාන් කියා සිටී.

හිටපු පාකිස්‌තාන් අගමැතිගේ වියදම පාකිස්‌තාන් රුපියල් මිලියන 650 ක්‌ බව පැවසූ ඉම්රාන් තමා කාමරා තුනේ කුඩා නිවසකට යන බවද පවසයි.

පාකිස්‌තාන් ජනතාවගෙන් විශාල පිරිසක්‌ දුක්‌විඳිද්දී තමාට සුපිරි වරප්‍රසාද අවශ්‍ය නැති බව හෙතෙම කියයි.

– කීර්ති වර්ණකුලසූරිය

  • 2.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button