පළකල දිනය : Thu, Aug 23rd, 2018

ප්‍රවාහන ඇමතිනිය දරු ප්‍රසූතියට බයිසිකලයෙන් තනියම රෝහලට යයි (Photos)

නවසීලන්ත පාර්ලිමේන්තුවේ කාන්තා හා ප්‍රවාහන ඇමතිනිය වන Julie Anne Genter සිය දරු ප්‍රසූතිය සඳහා තමන්ගේ පාපැදියෙන් තනිවම රෝහලට ගිය පුවතක් විදෙස් මාධ්‍යයන්හි අවධානයට යොමුවී තිබෙනවා.

ඇමරිකාවේ උපත ලබා නවසීලන්තයේ ජිවත් වන ඇය දේශපාලනික වශයෙන් බොහෝ දෙනාගේ අවධානය දිනගෙන සිටින සුවිශේෂී චරිතයක්ද වනවා.

පසුගිය 21 දා සිය ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා ඇය සිය නිවසේ සිට කිලෝ මීටර පහකට ආසන්න දුරකින් පිහිටි ඕක්ලන්ඩ් රෝහලට තනිවම ගොස් ඇති අතර ඇය එදින රාත්‍රියේ පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

38 හැවිරිදි ඇය පාර්ලිමේන්තුවට පවා බයිසිකලයෙන් යෑම විශේෂත්වයක් වන අතර සිය දරු ප්‍රසූතියේදී දැක්වූ සහය වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයට සහ එරට සෞඛ්‍ය සේවයට සිය කෘතඥතාවය පළකර තිබුනා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button