පළකල දිනය : Thu, Aug 23rd, 2018

මහජන උස්ඝෝෂණ මඩින්න පොලිසිය අලුත් බඩු ගෙන්වයි !

දිනෙන් දින සිදුවන විවිධ වූ විරෝධතා සහ උද්ඝෝෂණ මර්ධනය කිරීම සඳහා පොලිසිය විසින් දැනට ගබඩා කරගෙන ඇති කඳුළු ගෑස් උණ්ඩ තොගවලට අමතරව තවත් කඳුළු ගෑස් උණ්ඩ පන්දහසක් පමණ ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ සැපයුම් අංශය මගින් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නවතම හෙල්මට්‌ වර්ගයක්‌ද මෑතකදී චීනයෙන් ගෙන්වා ඇති බවද සඳහන්.

මීට අමතරව පොලිසිය විසින් පොලිසිය විසින් මෙතෙක් පරිහරනය කළ ලී බැටන් ට පොලු වෙනුව රබර් බැට්‌න් පොලු 2000 ක්‌ද ගෙන්වා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

රට පුරා විවිධ ඉල්ලීම් සිදුකරමින් රජයට බළ කරන මහජන උද්ඝෝෂණ මෙන්ම නීති විරෝධී ආකාරයෙන් සිදුකරන උද්ඝෝෂණ මර්දනය සඳහා ප්‍රමාණවත් පරිදි කඳුළු ගෑස්‌, රබර් බැට්‌න් පොලු සහ හෙල්මට්‌ මෙලෙස ගෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button