පළකල දිනය : Sat, Aug 25th, 2018

රටම බලා සිටි සංගාගෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් !

ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩිම සේවයක් සිදු කළ ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර නාමය ඉහළින්ම තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මවුබිමට ජයග්‍රහණ ලබා දී ශ්‍රී ලංකා නාමය ඉහලින්ම තැබූ සංගක්කාර ජාත්‍යන්තර කීර්තියට ලක්වූ ශ්‍රී ලාංකිකයෙකි.

ක්‍රිකට් උපන් එංගලන්තයේ පූජනීය ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේදි MCC ක්‍රීඩා සමාජය ඉදිරියේ මයිකල් කොලින් කවුඩ්රී දේශනය සිදු කිරීමට එංගලන්තයෙන් ඇරයුම් ලැබීමට තරම් කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ප්‍රජාව අතර ගෞරවයට ලක්වූ ශ්‍රී ලාංකිකයෙකි. සම්භාව්‍ය නරඹන්නන් සිය අසුන් වලින් නැගිට අත්පොළොසන් දීමට තරම් ඔහුගේ එම දේශනය හරවත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් අතරද දැඩි ගෞරවාදරයට පාත්‍රවු මේ මහත්මා ක්‍රීඩකයා පිළිබදව නැවතත් කතාබහට ලක්වූයේ සංගක්කාර සම්බන්ධව පැතිර යන පුවතක් සම්බන්ධවය. එනම් සංගා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

සමාජජාලා වාර්තා පලවන අන්දමට මෙම විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සංගා අදහස් දක්වා තිබුනි. එහිදි සංගා පවසන්නේ “ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීම පිළිබදව මාගේ මතය පැවසීමට මම ශ්‍රී ලාංකිකයන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. තවත් බලානොසිට මේ වගකීම් අප වෙතම පවරා ගන්න දැන් කාලය උදාවෙලා. මාත් එක්ක වඩාත් හොද හෙට දවසක් හදන ක්‍රියාවට අගෝස්තු 30 වෙනිදා එකතු වෙන්න කියලා මම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙනි.

කුමාර් සංගක්කාර යනු කැපවීමේන් උත්සාහයෙන් සිය ජීවිතය ජය ගත් තරුවකි. කුමාර් සංගක්කාර පවසන අන්දමට ජීවිතයේ සාර්ථකත්වයේ රහස ප්‍රමිතියයි. කුමාර් සංගක්කාර සිදු කිරීමට නියමිත මෙම දේශනයේ අරමුණ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩා යහපත් කරවීම බව පැහැදිලිය. මෙදිනට කුමාර් සංගක්කාර ඉතා වැදගත් කරුණක් පිළිබදව අදහස් දැක්වීමට සුදානම් බව නම් පැහැදිලිය. සංගාගේ මෙම විශේෂ පණිවිඩය පිළිබදව ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සටහනකද තබා තිබේ. ඒ සමගම සංගාගේ මෙම පණිවිඩය පිළිබදව සමාජමාධ්‍ය දැඩි ලෙස කුතුහලයට පත්ව සිටින අයුරුත් දැක ගත හැකිය.

සංගාගේ විශේෂ ට්විටර් සටහන පහතින්,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button