පළකල දිනය : Mon, Aug 27th, 2018

රාජ්‍ය වියදම් සීමා කරන්න ඉම්රාන් ඛාන් ගුවන් ගමන් වලට දාපු අපුරු නීතිය !

ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු නව පකිස්ථාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හරිමින් රාජ්‍ය ධනය ඉතිරි කිරීමට පියවර රැසක් ගනු ලැබුවා.

ඒ අනුව පාකිස්තානයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියළුම රාජ්‍ය නිළධාරීන්ට ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තයේ ගමන් කිරීමද තහනම් කර තිබෙනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් මේ බව කියා සිටියේ රජයේ නායකයන්ට සහ නිලධාරීන්ට තම අභිමතය පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට කටයුතු කරන බවද පෙන්වා දෙමින්.

එසේම පසුගිය සතියේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉම්රාන් ඛාන්, රාජ්‍ය වියදම් සීමා කර අනවශ්‍ය වියදම් කපා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ප්‍රකාශ කලේ සිය නිල නිවසද අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කරන බවට පොරොන්දු වෙමින්.

  • 2.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button