පළකල දිනය : Tue, Aug 28th, 2018

ඥාණාසාර හිමි 19 වසරකට හිරේ දැමීමට මුල් වූ අධිකරණයේ විනිසුරු සමග වූ සංවාදයේ වීඩියෝව !

2016 ජනවාරි 15 දින යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරහි හෝමාගම අධිකරණයේ විභාග කෙරෙමින් තිබූ නඩුවකට සහබාගි වෙමින්, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිදුකරන ලද ප්‍රකාශයකට එරෙහි තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් බරපතල වැඩ සහිත වසර 19ක සිර දඬුවම් එක විට ගෙවී යන පරිද්දෙන් වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අභියාචනාධිකරණය විසින් පනවනු ලැබීය.

මෙම සිර දඬුවමට මුලිකවුණු 2016 ජනවාරි 15 දින හෝමාගම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සහ ඥානසාර හිමි අතර සිදුවන සංවාදයකට අදාල වීඩියෝ පටයක් මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව ඥානසාර හිමි අභියාචනාධිකරණය හමුවේ වැරදිකරු කෙරූ චෝදනා සහ වීඩියෝවේ සඳහන් කරුණු අතර පරස්පරතාවයක් දක්නට ලැබේ.

එම වීඩියෝව සහ එහි සඳහන් සංවාදය..

හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක: හාමුදුරුවෝ එක්කෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියන්න ඕනේ මොකද බෝම්බයක් එක්ක මනුස්සයෙක් දැම්මොත් ඒ මනුස්සයට ඇප දෙන්න මට අධිකරණ බලයක් නෑ. එතකොට හාමුදුරුවෝ ඒ වැරැද්දට අත්අඩංගුවට ගත්ත පුද්ගලයා හාමුදුරුවෝ වගේම කෑ ගහල කියනවා “අනේ මම කිසි දෙයක් කලේ නෑ.. මට ඇප දෙන්න කියලා” හාමුදුරුවනේ ඒ මනුස්සයට ඇප දෙන්න මට අධිකරණ බලයක් නෑ. මම සර්වබලධාරී දෙවියෝනම් මම මීට වඩා ගොඩක් දේවල් කරනවා හාමුදුරුවනේ. මම… මට නීතිය හදලා දීලා තියෙන්නේ මෙන්න මේ බලය අනුව ක්‍රියාත්මක වෙන්න කියලා. ඊට වඩා කිසිම බලයක් මම ක්‍රියාත්මක කරන්නේ නෑ. හැබැයි මේකේ දීලා තියෙන බලය මම උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. මේ සැකකාරයෝ සම්බන්ධයෙනුත් මට මේක ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන් උපරිමයෙන් මම ක්‍රියා කරනවා.

හාමුදුරුවෝ මේ අද කරන්නේ මගේ අධිකරණ බලයට අභියෝග කරන එකනම් මම මේ උසාවියේ කටයුතු මෙතනින් නතර කරනවා.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි: වරදක් උනානම් සමාවෙන්න ස්වාමීනි. අපි මේ හිතේ වේදනාවක් තිබෙනවා.මොකද අපිත් මේ රට වෙනුවෙන් කැක්කුමකින් වැඩ කරන උදවිය. අපි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ… මම දන්නේ නෑ… දෙන දඬුවමක් දෙන්න ස්වාමීනි… අපි අධිකරණයත් එක්ක ගැටළුවක් නෑ… ඔබ තුමත් එක්කවත්… නීතිය එක්කවත්…

හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක: රංග දිසානායක කියන්නේ ගේන ගේන මිනිස්සු රිමන් කරන කෙනෙක් නෙවෙයි. ඉතිහාසය පුරා හොයලා බලන්න… ගේන ගේන මිනිස්සු රිමන් කරන කෙනෙක් නෙවෙයි… ඒක නිසා… හාමුදුරුවෝ මේ කරපු දේ අද… වෙන මිනිහෙක් කරානම්… ඒ මිනිහට සම්බන්ධයෙන් මේ විදිහට නෙවෙයි මේ උසාවිය ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය මිනිහෙක් ඇවිල්ලා උසාවියේ කතා කලානම් මොකද්ද වෙන්නේ….

ගලගොඩඅත්තේ ඥානසාර හිමි: නෑ ස්වාමීනි දඬුවමක් දෙන්න… අපි කොහොමත් මේ නීතිය වෙනස් කරන්න අපි වැඩ කරනවා… මේ සුද්දෝ හදපු කළු සුද්දෝ වඩන මේ නීතිය….. අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා විසදගන්නම්….

නෑ ස්වාමීනි ඒකට දඬුවමක් දෙන්න… වරදක්නේ කලේ… ඒකට අවශ්‍ය ඕනෑම දඬුවමකට අපි යටත් වෙනවා. වරදක් උනානම් සමාවෙන්න. හැබැයි හිතේ වේදනාවටයි ඒක කලේ… ඕනෑම දඬුවමකට අපි… ඒක අපි හාමුදුරුවොයි කියලා විශේෂයක් නෑ…

හැබැයි මේ නපුංසක ආණ්ඩුවේ මේ නිලධාරීන් කරන්නේ විශාල වැරද්දක්… ඒක කියන්න ඕනි… තනිකර රට කොටියට පාව දෙමින් ඉන්නවා… ඒ වෙනුවෙන් කතා කරන්න බැරිනම් මොකටද අපේ සිවුර… ඒ වෙනුවෙන් කතා කරන්න බැරිනම් මොකටද ස්වාමීනි මේ සිවුර…? අපි අනුන්ගෙන් බත් කන්නේ….

– colombo today

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button