පළකල දිනය : Wed, Aug 29th, 2018

“පසුගිය කාලයේ මෙරට මානසික රෝගීන් වැඩිවෙලා”

ශ්‍රී ලංකාව පසුගිය වකවානුවේ මුහුණදුන් අහිතකර සමාජ සහ දේශපාලන සංසිද්ධීන් නිසා රට තුළ මානසික රෝගාබාධ වල වර්ධනයක් ඇතිව තිබෙන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර සඳහන් කරයි.

සංගක්කාර මේ බව කියා සිටියේ මානසික රෝග නිසා වන දිවි නසා ගැනීම වැළැක්වීම සඳහා වන ඩීසීසී ස්වේච්ඡා උපදේශන සේවාව අනුග්‍රහයෙන් පැවැත්වෙන පාපැදි සංචාරයක් ගැන දැනුවත් කරමිනි.

තිස් වසරක් පැවැති යුද ගැටුම් හා සුනාමි ව්‍යවසනය ආදියෙන් ශ්‍රී ලංකාවේ පවුල් බිඳ වැටීම, විභාග අසමත් වීම ආදියෙන් ජනතාව තුළ මානසික රෝග වර්ධනයට බලපා ඇති බව ද ඔහු සඳහන් කළේය.

අපේ රටේ බොහෝ දෙනා ශරීර සෞඛ්‍ය ගැන විවෘතව කතා කළ ද මානසික සෞඛ්‍ය ගැන විවෘතව කතා කිරීමට මැලිකමක් දක්වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

මේ නිසා මානසික ප්‍රශ්ණ තබාගෙන නිහඩව සිටීමෙන් ආතතිය වැනි ව්‍යාධි තත්ත්වයන්ට පහසුවෙන් ගොදුරු වන බවත් එවැනි අය සියදිවි නසා ගැනීම් ආදිය සඳහා පෙළඹෙන බවත් සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button