පළකල දිනය : Sat, Sep 1st, 2018

චතුර විතරද.. හසන්ත හෙට්ටිආරචිචිගේ වෙඩිමත් අරලිගහ මන්දිරයේදී (Photos)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සව අරලිගහ මන්දිරයේදී පැවැත්වීමත් සමග එල්ල වූ දැඩි විවේචනයන්ට පිලිතුරක් ලෙස පසුගිය ආණ්ඩුය සමයේදීද අරලිගහ මැදුරේදී මංගල උත්සව පැවැත්වූ බවට ආණ්ඩුවේ පාර්ශවයෙන් සදහන් කරයි.

ස්වාධින රූපවාහිනියේ මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චි මහතාගේ මංගල උත්සවයද අරලියගහ මැදුරේදී පැවැත්වූ බවට පින්තූර සහිතව වාර්තාවන් පලවෙයි.

කෙසේ වෙතත් හසන්ත හෙට්ටි ආරච්චි මහතා පවසන්නේ අරලියගහ මන්දිරයේදී පවත්වනු ලැබුවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තම විවාහයේ සාක්‍ෂිකරුවා ලෙස අත්සන් තැබීමේ අවස්ථාව බවත් ඒ සදහා සමීප හිතවතුන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වූ බවත්ය. ඒ හැර එහි මංගල උත්සවයක් නොපැවැත්වූ බවත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය සදහන් කලේ එවකට අරලියගහ මන්දිරයේදී මංගල උත්සව සදහා අත්සන් තැබීම් අනන්තවත් සිදු කර ඇති නමුත් විවාහ මංගල උත්සව පැවැත්වීමක් සිදු නොකල බවයි.

ජනාධිපතිවරයා ලෙස කාර්ය බහුලත්වය හේතුවෙන් අදාල මනාල යුවල ජනාධිපතිවරයා සිටින ස්ථානයට පැමිණ සාක්‍ෂිකරුවෙකු ලෙස අත්සන් කර ගැනීම ඉතා සාමාන්‍ය සිදුවීමක් යයිද ඔවුන් වැඩි දුරටත් කීහ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button