පළකල දිනය : Mon, Sep 3rd, 2018

“ලොව හොඳම විනිසුරු කුමාර් ධර්මසේනයි” (වීඩියෝ)

දැනට ලොව සිටින හොඳම ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන බව හිටපු ඉන්දීය නායක සව්රව් ගංගුලි පවසනවා.

සිය නිළ ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ගංගුලි මේ බව පවසා තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති සිව්වන ටෙස්ට් තරඟයේදී විනිසුරු කුමාර් ධර්මසේන ඉතා නිවැරදි තීන්දු කිහිපයක්ම ලබාදුන්නා.

මේ බව අගය කරමින් ට්විටර් පණිවුඩයක් සටහන් කර ඇති ගන්ගුලි පවසා ඇත්තේ එංගලන්තයේ පවතින තත්වයන් යටතේදී කුමාර් ධර්මසේන අතිශයින් විශ්ෂ්ඨ බවයි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button