පළකල දිනය : Wed, Sep 5th, 2018

විරෝධතාකරුවෝ කොටුව පිටකොටුව සියළු මාර්ග අල්ලා ගනිති ! (Photos & Video)

ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වමින් තිබෙන ‘ජන බලය කොළඹට’ විරෝධතාවය හේතුවෙන් කොටුව පිටකොටුව ආශි‍්‍රත සියලු මාර්ග මේ වන විට සම්පූර්ණයෙන්ම ගමනාගමනය ඇණහිට තිබේ.

පෙලපාලි කිහිපයක් මාර්ග කීපයක් ඔස්සේ ගමන් කරමින් මේ වන විට කොළඹ ලේක්හවුස් වටරවුම අසලට එක් වෙමින් සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර පිටකොටුව බෝධිය අසලදී විරෝධතාවට එක් විය.

රාජපක්ෂ මහතා ඊට එක්වෙද්දී ජනතාවගෙන් ඉමහත් ප‍්‍රතිචාරයක් ලැබින.

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පවත්වෙන ජනබල විරෝදය සදහා සහභාගී වීමට බොහෝ දිස්ත‍්‍රික්කවලින් මේ වන විට බස් රථ විශාල ප‍්‍රමාණයක් පිටත්ව ඇති බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් බස් රථ 390ක්, අනුරාධපුරයෙන් බස් 168ක්, රත්නපුරයෙන් බස් රථ 360ක් පිටත්ව ඇති බවට තහවුරු කර ඇතැයි එම ප‍්‍රකාශකයා පැවසීය.

කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් පමණක් බස් රථ 700ක් පිටත්ව ආ බව හිටපු ඇමති ජයරත්න හේරත් මහතා සදහන් කරයි.

පුද්ගලික බස් රථ අද දිනයේ වෙනත් ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කර තිබියදී විරෝධතාවය සදහා පුද්ගලික බස් රථ මෙතරම් එක්ව තිබීම විශේෂය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button