පළකල දිනය : Thu, Sep 6th, 2018

බුදු පිළිමයක් අරන්ගිය ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසට උතුරේ මන්ත්‍රීගෙන් තර්ජන (Photos)

මුලතිව් තන්නිඋරුප්පු පුරාවිද්‍යා රක්ෂිතයක සංරක්ෂණ කටයුතු සඳහා යමින් සිටි වවුනියාව පුරාවිද්‍යා නිළධාරීන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයකු සහ තවත් දේශපාලනඥයින් පිරිසක් විරෝධය දක්වා තිබෙනවා.

එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක බෞද්ධ ජනතාව එකතුවී බුදු මැඳුරක් තනා එහි තැන්පත් කිරීමට වාහනයකින් බුදු පිළිමයක්ද රැගෙන යමින් සිටි අවස්ථාවේදී මෙම විරෝධතාවය ඇතිවී තිබෙනවා. එහිදී ඇතිවූ උණුසුම්කාරී තත්වය නිසා බුදු පිළිමයේ ආරක්ෂාව සඳහා එය මුලතිව් පොලිසියට බාර දීමට සිදුවී තිබෙනවා.

එහිදී පැය කීපයක දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබූ අතර මන්ත‍්‍රීවරයා භික්ෂුව ඇතුළු පිරිසට බැණ වදිමින් තර්ජනනය කර තිබෙනවා. කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේ ඉතා සාමකාමීව පිරිසට සිදුවීම පැහැදැලි කර දුන්නද ඔවුන් එම දිගින් දිගටම ස්වාමීන් වහන්සේ ඇතුලු පිරිසට තර්ජන කළ බවයි වාර්තා වුනේ.

එහිදී විරෝධතාකරුවන් ස්වාමීන් වහන්සේට එහි පැමිණීමට අයිතියක් නැති බව ප්‍රකාශ කරමින් එහි සිටින්නේ තමන්ගේ අය බව ප්‍රකාශ කරමින් බැණ වැදී තිබුනා. එසේම එහි සිටි නිළධාරීන්ට හැඳුනුම්පත පෙන්වන ලෙස තර්ජනය කර ඇති බවද සඳහන් වුනා.

කෙසේ වෙතත් ඔඩ්ඩුසුඩාන් පොලීසියේ මැදිහත්වීමෙන් ගැටළුව නිරාකරණය කිරීමෙන් පසුව විරෝධතාකරුවන් විසිර ගොස් තිබුණා.

  • 749
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button