පළකල දිනය : Thu, Sep 6th, 2018

ජනබලය අතරේ නුදුටු දසුන් – මහ රෑ තොවිල් නටයි (Photos & Video)

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (05) සංවිධානය කළ “ජනබලය කොළඹට” විරෝධතාවයට පැමිණි අති විශාල පිරිස මේ වන විට ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වන විටත් විරෝධතාවය පැවැත්වුනු කොළඹ ලේක්හවුස් වටරවුම සහ ඒ අවට ප්‍රදේශයවල කැළි කසළ බැහැර කර තිබුණු ආකාරය දක්නට ලැබුණා.

එසේම මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී සිටින ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ සමිපතයින් ඊයේ රාත්‍රී කාලයේ නවාතැන් ගැනීම සදහා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක කාමර වෙන් කරවාගෙන ඇති බවට වාර්තා වූ අතර විරෝධතාවයට පැමිණි පිරිස් මාර්ගවල වැතිරී සිටින ආකාරයද දක්නට ලැබුනා.

මේ අතර “ජනබලය කොළඹට” උද්ඝෝෂකයෝ පිරිසක් මහ රෑ තොවිලෙකුත් නටලා. වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button