පළකල දිනය : Fri, Sep 7th, 2018

අරලිය ගහ මන්දිරයේ මින්පසු විවාහ මගුල් නෑ !

කොළඹ අරලියගහ මන්දිරයේ උත්සව ශාලාව මින්පසු විවාහ මංගල උත්සව සඳහා නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සතා ජාතික පෙරමුණු පර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී දැක්වූ අදහස් සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පසුගියදා අරලිය ගහ මන්දිර උත්සව ශාලාවේ පැවැත්වූ විවාහ මංගල උත්සවය සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් මාතෘකාවක් වූ අතර මෙම උත්සව ශාලාව ලාබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂප21 වැඩි මුදලක් අය කරගෙනද තිබූ බව පැවසිනි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ අදහස් නිසා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ මෙම ශාලාව ලබා නොදීමට අග්‍රාමාත්‍යවරයා තීරණයක් ගෙන තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button