පළකල දිනය : Sat, Sep 8th, 2018

අද යුද්දයක් ආවොත් අපි ඉවරයි ! (වීඩියෝ)

හිතුමතේ වහන්න, උ/නැ අනවශ්‍ය හමුදා කඳවුරු නෑ, ඉවත් කරන කඳවුරු වෙනත් තැනක පිහිටුවිය යුතුයි

රටේ වත්මන් ආරක්‍ෂක කටයුතු පිළිබඳ තමාගේ පැහැදීමක්‌ නොමැති බව තිරසර සංවර්ධන හා වනජීවී සංවර්ධන ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඉකුත් 2015 ජනවාරි 08 වැනිදාට පෙර ආරක්‍ෂක කටයුතු ගැන තමාගෙන් කරුණු විමසූ නමුත් ඉන්පසුව මේ වනතෙක්‌ වචනයක්‌ හෝ කිසිවකු විමසා නැති බව ද ඇමැතිවරයා කියා සිටියේය.

එදා තමා යටතේ සිටි හමුදාව ඉතා හොඳ මානසික මට්‌ටමකින් හා ජවයකින් සිටි නමුත් අද එවන් තත්ත්වයක්‌ නොමැති බව ද යුද්ධයක්‌ නැති නිසා ගැටලුවක්‌ නොවන නමුත් හදිසියේ යුද්ධයක්‌ ආවොත් ගැටලු මතුවන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

උතුරු නැගෙනහිර ඇතැම් හමුදා කඳවුරු ඉවත් කිරීමට මූලස්‌ථානය තීරණය කර ඉවත් කළත් එම ක්‌ෂේත්‍රයේ නිලධාරීන්ගෙන් හෝ විමසීමක්‌ කර නොමැති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බව කී ඇමැතිවරයා හිතුමතේ වහන්න අනවශ්‍ය කඳවුරු එම ප්‍රදේශවල නොතිබූ බව ද කීය.

ජනතාවගේ ඉඩම් ජනතාවට භාරදිය යුතු වුවත් කඳවුරු ඉවත් කරන්නේ නම් වෙනත් තැනක කඳවුරු පිහිටුවිය යුතු බව ද ඒ මහතා කීය. රටේ ආරක්‍ෂාව හා දේශපාලනය එකට පටලවාගෙන කටයුතු නොකළ යුතු බව ද වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේය.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ඊයේ (07 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

යුද්ධයක් ආවොත් අපි ඉවරයි දැන් තියන ජවයත් එක්ක

යුද්ධයක් ආවොත් අපි ඉවරයි දැන් තියන ජවයත් එක්ක Like Us :- Breaking.lkYoutube link :- https://youtu.be/4lUCyjffnGs

Posted by Breaking.lk on Friday, September 7, 2018

  • 1.3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button