පළකල දිනය : Sun, Sep 9th, 2018

“පුළුවන්නම් වැඩ කරන්න බැරිනම් නිකං ඉන්න” මහින්ද ලුණු ඇඹුලෙන් වෙල්ගමට දෙසයි !

මෑතකදී පැවති මංගල උත්සවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉතා තදින් අවවාද කර ඇති බව වාර්තා වෙයි.

තමන්ගේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් වෙනත් කිසිවකුට කඩේ යන්න තමන් සූදානම් නොමැති බවටත් වෙල්ගම මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සහ කලින් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් මේ ආකාරයේ තදබල ලෙස අවවාද කිරීමක් හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇත.

තමනට කඩේ යන්නයි කිසිවිටකත් කීවේ නැති බවත් ඊළඟ ජනාධිපතිවරණයට කාටත් පිලිගත හැකි විස්වාසවන්ත කෙනෙක් නම් කළ පසු හැකි නම් එයාට වැඩ කරනා ලෙසත් බැරිනම් නිකන් ඉන්නා ලෙසත් රාජපක්ෂ මහතා දැඩිව පවසා ඇත.

කෙසේ වෙතත් පිලිතුරු ලෙස කුමාර වෙල්ගම මහතා පවසා ඇත්තේ තමන් විසින් එවන් ප්‍රකාශයක් කළේ යැයි මතකයක් නැති බවයි.

ඊට මහින්ද රාජපක්ෂ මහතා සිනහමුසු පවසා ඇත්තේ එය මතක නැති වීම ප්‍රශ්නයක් නැති බව දැන් තමන් කියූ දේවල් හොදින් මතක තියාගන්නා ලෙසත්ය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් කරන ලද ප‍්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් මීට පෙරද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙල්ගම මහතාට අවවාද කිරීම් කර තිබින.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button