පළකල දිනය : Thu, Sep 13th, 2018

නව පරපුරේ රැඩිකල් අයිෆෝනය (වීඩියෝ)

අපල් සමාගමේ නවතම දුරකතන මාදිලිය i Phone XS, XS Max සහ i Phone XR එළි දැක්වීම ඊයේ දිනයේදී සිදු කෙරුනා.

virtual SIM සංකල්පය හඳුන්වා දෙමින් එළිදැක්වූ මෙම දුරකත පෙළ නිසා එක් සේවා ජාලයක සිට තවත් සේවා ජාලයකට සිම්පතක් රහිතව මාරුවීමේ හැකියාවද පවතිනවා.

එසේම සුප්‍රසිද්ධ Forbes සඟරාව විසින් මෙය ‘රැඩිකල් අයිෆෝනයක්‘ ලෙසද හඳුන්වා තිබෙනවා.

i Phone XS දුරකතනය ඩොලර් 999 (රුපියල් එක් ලක්ෂ හැටපන්දහස්ක් පමණ) සහ i Phone XS Max දුරකතනය ඩොලර් 1099 (රුපියල් එක් ලක්ෂ අසූ දෙදහසක් පමණ) වනු ඇති බවයි සඳහන් වන්නේ. i Phone XR දුරකතනය ඩොලර් 749 ක් (රුපියල් එක්ලක්ෂ විසිතුන් දහසක් පමණ) ලෙස සඳහන් වී තිබුණා.

එම දුරකතයෙන්හි සම්පූර්ණ විස්තර ඇතුලත් වීඩියෝව පහතින්.

  • 640
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button