පළකල දිනය : Sun, Sep 16th, 2018

කව්රුත් කතා කරන කව්රුත් නොදන්නා Caltex ලොක්කගේ ජිවිත කතාව !

ශ්‍රී ලාංකීය අලෙවිකරණ අංශය පිළිබඳව කතා කරන විට කිෂු ගෝමස් යන නම නිතැතින්ම සිහියට නැගෙන්නේ අඩුම වයසකින් එම අංශයේ ඔහු දැක්වූ දක්ෂතා සහ පරිපූර්ණත්වය නිසාවෙනි.

තම සේවා කාලය තුළ දී Inaugural Best Young Director 2002, Most outstanding Young Person in Sri Lanka, Best Business Leader of the year 2004, Two Enterpreneur of the year Awards 2007, Most out standing Sri Lanka Awards 2017, Most outstanding Sri Lanka awards 2017 සම්මාන දිනා ගැනීමට කිෂු ගෝමස් මහතා සමත් වී තිබේ.

අලෙවිකරණ අංශය අබිබවා යමින් මෝස්තර නිරූපණය, වෙළෙඳ දැන්වීම් නිරූපණය, පුවත්පත් ලිපි ‍ලේඛන, ගීත ගායනය වැනි කලා අංගයන්ගෙන් දක්ෂතා දක්වමින් ජනප්‍රිය තලයේ පුද්ගලයකු බවට පත්වීමට ද ඔහු සමත් වී ඇත.
කිෂු ගෝමස් මහතා මෙවර රිවිර ඉරිදා සංග්‍රහයේ ඕඪතතඪධද එධපඤඵ විශේෂාංගය සමග එක්වෙමින් සිය ජීවන මං තලයේ කඩයිම් සලකුණු කරනු ලැබුවේ මෙලෙසිනි.

යන්තම් තේරෙන වයසට එනකොට ජීවිතේ දැනෙන්නේ මොන වගේද?
මගේ පියා ඡායාරූප ශිල්පියෙක්. මගේ මව රූපලාවණ්‍ය ඇඳුම් නිර්මාණය වගේ දේවල් කෙරුවා. පාස‍ලේ ප්‍රාථමික අවදියේදීත් අනෙක් ළමයි වගේම සාමාන්‍ය දරුවෙක්. නමුත් අවුරුදු පහක් වෙනකොට පියාගේ අඩිපාරේ යමින් වෘත්තීයමය කැමරාවක් භාවිත කිරීමේ හැකියාව තිබුණා. ඒ එක්කම අම්මගේ රැකියාව නිසා ගෙදර ඇඳුම් මහන මැෂින් එහෙම ගොඩක් තිබුණා. මට අවුරුදු දහයක් වෙනකොට අම්මගෙන් අහගෙන ඇඳුම් කපලා මහන්න මට පුළුවන් වුණා. මගේ ආච්චි ආයුර්වේද වෛද්‍යවරියක්. පුංචිම කා‍ලේ වුණත් එයා බෙහෙත් හදන හැටි ගැන අධ්‍යයනය කරලා බෙහෙත් වර්ග හදන්න තරම් නැඹුරුවකුත් තිබුණා.

ඔය කා‍ලේ පවු‍ලේ පසුබිම මොන වගේද?
මගේ පියාගේ ගම මොරටුව. මගේ ගම මාතර. මම මාතර ඉපදුණත් පසුකාලීනව මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඊට මුල්වෙන්නේ මගේ බාප්පා. ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරුවෙක්. එතන ඉඳලා සම්පූර්ණයෙන්ම ඔහු යටතේ හැදී වැඩෙනවා කිව්වොත් නිවැරදියි. ඔය කා‍ලේ ආර්ථික පැත්තෙන් කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් වුණා. සහෝදරයො දෙන්නෙක් සහ සහෝදරියන් තුන්දෙනකු අතරේ පවු‍ලේ දෙවැනියා වුණේ මමයි.

පාසල් කාලෙ ගවෛන්නේ කොහොමද?
පාසල් කා‍ලේ අධ්‍යාපනය හොඳින් කළා. නමුත් මම මලල ක්‍රීඩාවට මුල්තැනක් දුන්නා කිව්වොත් නිවැරදියි. වැඩිපුර පාසල් කාලය ගතකළේ ග්‍රවුන්ඩ් එකේ. බැඩ්මින්ටන්, ෆුට්බෝල්, මලල ක්‍රීඩා, කැඩෙට් වගේ දේවල් කළා. මලල ක්‍රීඩා 110 M කඩුළු පැනීම තරගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වසර පහක් එක දිගට ශුරතාව දිනාගැනීමට සමත් වුණා. ඊට පසුව පාසල් මට්ටමේ ජාතික ශූරයා වුණා. ඒ දක්ෂතාව නිසා පාසල් යන කාලයේදීම තවත් පාසල්වල දරුවන්ට අවබෝධය ලබා දීමටත් තවත් තරගාවලියක් විනිශ්චය කිරීමටත් අවස්ථාව ලැබුණා. ඔය හැම දෙයක්ම කරන අතරේ උසස් පෙළ හොඳින් සමත්වුණා. ක්‍රීඩාව කියන දේ ජීවිතයට ලොකු පන්නරයක් වුණා කිව්වොත් හරි.

උසස් පෙළ කියන්නේ ඕනෑම පුද්ගලයකුගේ ජීවිතේ තවත් එක් කඩඉමක් මෙතනැදී ජිවිතේ යම් පැත්තකට හැරෙනවා නේද?
මට වුවමනාව තිබුණේ නාවික හමුදාවට බැඳෙන්නයි. නමුත් මගේ බාප්පා මට ඊට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම අලෙවිකරණ ක්ෂේත්‍රයට යොමුවෙන්නේ. මට අවශ්‍ය වුණා. ඔය කාලෙම රැකියාවක් කරන්න. නමුත් රැකියාවන් සුලබ කාලයක් වුණේ නැහැ. ඔය කා‍ලේ ටෙලිවිෂන් ලංකාවට ආපු කා‍ලේ ඔය පිටරටින් ගෙනාපු වැඩසටහන් පමණයි විකාශය වුණෙ. ඔය පුංචි ලෝකය ඇතුළේ මගේ දක්ෂතාවන් එළිදක්වන්න කැපිලා පේන චරිතයක් බවට පත්වෙන්න මට අවශ්‍යතාවක් තිබුණා. මම දවසක් මොරටුව ටවුන් එකේ ඉන්න වෙලාවක මම දකිනවා බහුජාතික සමාගමක Executive කෙනෙක් ලස්සනට ඇඳලා ලස්සන ටයි දාගෙන අලුත් වාහනයකින් ඇවිල්ලා බහිනවා. එතනදි තමයි මට හිතෙන්නේ අලෙවිකරණ අංශයට ඇතුළත් වෙන්න. ඒ අනුව රැකියාවක් හොයන අවස්ථාවෙ Coca cola ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

Coca cola කියන්නෙ ඒ කාලෙ ලංකාවෙ තිබුණ හොඳම සමාගමක්. එතන පටන්ගන්න වෘත්තීයමය ජීවිතේ ගැන කතා කළොත්?
ඒ කා‍ලේ දැන් වගේ ගොඩක් companies ලංකාවේ තිබුණෙ නැහැ. ඒ නිසා ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා. Sales Executive කෙනෙක් විදිහට තමයි Coca cola ආයතනයට සම්බන්ධ වෙන්නේ. මුල්ම වැටුප රුපියල් දෙදහසට ‍පොඩ්ඩක් වැඩියි. ඒ කා‍ලේ ඉඳලම මම හැම දෙයක්ම අරපිරිමැස්මෙන් පාවිච්චි කරපු කෙනෙක්. ඒ නිසා පළවැනි වැටුප ලොකු දෙයකට වියදම් කළේ නැහැ. Sales Executive ලාගේ තරගයක් තිබුණ වෙලාවක මට ලැබුණ තැගි මුදලකින් මම රුපියල් 7000ක ඔර්ලෝසුවක් ගත්තා. පුංචි කා‍ලේ ඉඳලම මම අනිත් අයට වඩා කැපිලා පේන්න ලස්සනට අඳින්න, ඕනම දෙයකට ඉදිරිපත්වෙන්න කැමතියි. මගේ තාත්තා සහ බාප්පා හොඳ Personality එකක් තිබුණ අය ඉතින්. ඒ දෙන්නගේ ආභාෂය නිසාද මන්ද ලස්සනට ඉන්න මම හුඟක් කැමතියි.

ඔය අතර දුෂ්කරතාවන්ට මුහුණ දුන්නෙම නැද්ද?
පාසල් කා‍ලේ ඉඳලම තනියම හැමදේම කරගන්න පුහුණුවෙලා තිබුණා. ඒත් එක්ක රැකියාව තුළිනුත් බාධක ජයගෙන ඉදිරියට යන්න මට අවශ්‍යතාව තිබුණා. නමුත් අනෙක් අය තළාපෙළාගෙන තවත් කෙනක් කපාගෙන ඉදිරියට යන්න මට ඕන වුණේ නෑ. මම යම්කිසි දෙයකට අතගැහුවොත් ඒ අංශයේ හොඳම Proforma වෙන්න එහෙම නැත්නම් ජයග්‍රාහකයා වෙන්න මානසිකත්වයක් මට ඒ කා‍ලේ ඉඳලම තිබුණා. ඒ හේතුව නිසා කෙනෙක් සාමාන්‍යයෙන් පැය අටක් වැඩ කරනවා නම් මම පැය 10ක් හෝ දොළහක් වැඩ කළා. එතනදි කෙනෙක් මහන්සිවෙන ප්‍රමාණය සියයට අසූව නම් මම සියයට එකසිය විස්සක් මහන්සි වුණා. ඒ දිනන්න, ආකර්ෂණය සහ ගරුත්වය, ලබන්න තියෙන කැමැත්ත සහ අනිත් අයට වඩා කැපිලා පේන්න, ජයග්‍රාහකයෙක් හැටියට ජීවිතේ පවත්වාගෙන යන්න, අවශ්‍ය දේ අවබෝධ කරගෙන මම මාවම ඒ වෙනුවෙන් මෙහෙයවා ගත්තා.

Coca cola ආයතනය තුළ වෘත්තීයමය නැගී සිටීම මොනවගේද?
Coca cola ආයතනය තුළ සේවය කළ කාලයේ වියට්නාමය සහ සිංගප්පූරුව වගේ රටවල විවිධ පුහුණු වැඩසටහන් කළා. ඒ වගේම තවත් රටවල් ගණනාවකට යන්න අවස්ථාව ලැබුණා. වෙනත් රටවල නියෝජිතයෝ ලංකාවට ආපු හැම වෙලාවෙම මාව තමයි තෝරාගත්තේ අලුත් අලුත් දේවල් ලංකාවෙ අත්හදා බලන්න. ඒ අයත් එක්ක ජුව සම්බන්ධ වෙලා වැඩ කිරීමේ අත්දැකීම මට බොහෝම වැදගත් වුණා. අවුරුදු එකහමාරක් මම Sales executive තනතුරේ හිටියේ. ඊට පස්සේ ලංකාවම ආවරණය වන පරිදි අලෙවි ප්‍රවර්ධන කළමනාකරු විදිහට පත්වීම ලැබුණා. ඔය කාලෙ රටේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා සමග ගම්උදාව වැඩසටහනේ ජුව වැඩකරන්න පුළුවන් වුණා. රනිල් වික්‍රමසිංහ අද අග්‍රාමාත්‍යතුමා ඒකා‍ලේ අධ්‍යාපන ඇමැති විදිහට පාසල් වැඩසටහන් රැසක ප්‍රධාන අමුත්තා ලෙස අප ආයතනය සමග සම්බන්ධ වුණා. ඊට අමතරව එස්.බි. දිසානායක, නන්ද මැතිව්, ලක්ෂ්මන් ජයකොඩි වගේ ප්‍රබල චරිත එක්ක වැඩකරන්න පුළුවන් වුණා. ඔය කා‍ලේ පාසල් ක්‍රිකට් සංගමයෙ තරගාවලියක් අපි Sponser කළා. එතනදි තමයි මුත්තයියා මුරලිදරන් ලංකාවේ හොඳම පාසල් පන්දු යවන්නා ලෙස තේරී පත්වුණේ. මාවන්අතපත්තු ඒ තරගාවලියේ හොඳම පිතිකරු වුණා. ඒ වගේ හරි සුන්දර ප්‍රසිද්ධ ලංකාවේ නමගිය චරිත එක්ක වැඩකරන්න ඒ කාලසීමාව ඇතුළත හැකියාව ලැබුණා.

ඔය කාලෙ අධ්‍යාපනික මට්ටම නංවාගන්න කටයුතු කළේ කොහොමද?
මම වැඩකරන ගමන් Charted Institute of UK කියන උපාධිය කරන්න ගත්තා. ඒක තමයි ලෝකෙ අලෙවිකරණය අධ්‍යාපනය පිළිබඳ විශාලතම ආයතනය වෙන්නෙ. වසර දෙකකින් ඒ උපාධිය ලබාගන්න පුළුවන් වුණා. ඒත් එක්කම මට Marketing Field එකේ සුවිශේෂී චරිතයක් වෙන්න පුළුවන් වුණා. අවුරුදු දහනවය වෙනකොට Manager Post එකත් එක්කම වාහනයක් ලැබුණා. ඒ කා‍ලේ ඒ වගේ තනතුරකට මගේ වයසේ කෙනෙක් පත්වෙලා හිටියේ නැහැ.

අලෙවිකරණ අංශයෙන් නිරූපණ අංශයට යොමුවෙන්නේ කොහොමද?
ඛිධජච ජධතච ආයතනයේ පැවැති ක්‍රීඩා තරගාවලියක මගේ කඩුළු පැනීමේ ඉසව්ව ඡායාරූපගත කළ ඡායාරූප ශිල්පියෙක් එයා ගත්ත ඡායාරූපය වෙළෙඳ දැන්වීමකට පාවිච්චි කරන්න මගෙන් අවසර ඉල්ලුවා. ඒ අහඹු සිදුවීමෙන් පසුව මට නොයකුත් ආයතනවලින් නිරූපණය සඳහා ආරාධනා ලැබුණා.

ඛිචතබඥය ආයතනයට වෘත්තීයමය වශයෙන් ඇතුළත්වීම සහ එහි ප්‍රවර්ධනය ගැන කතා කළොත්?
Coca cola ආයතනයේ වසර එකොළහක සේවයෙන් පස්සේ මම Caltex ආයතනයට එකතු වුණා. ඒ එකතුවෙලා වසර දෙකහමාරකදී ඒ ආයතනයේ Chief executive Officer හැටියට පත්වීම ලැබුවා. ලංකාවේ බහුජාතික සමාගමක අඩුම වයසකින් Ceo කෙනෙක් වෙන්න මට ලැබෙනවා. අදටත් මම ඒක මට ලැබුණ ලොකු ගෞරවයක් විදියට සලකනවා.

Caltex ආයතනයට මම වෘත්තියමය වශයෙන් එකතු වෙනකොට ලංකාවේ කිසි කෙනෙක් ඒ Caltex Brand එක ගැන දන්නේ නැහැ. මම ඇතුළු වෙනකොට ආයතනයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම තිබුණේ විදේශිකයන් හතර දෙනෙක් අතේ. Caltex Brand එක ලංකාවේ හොඳම Brand එක බවට පත්කරන්න කරපු හැම දෙයක්ම මගේ තනි උත්සාහයෙන් කරපු දේවල්. මම Company එක භාරගන්න කොට කොළඹ කොටස් වෙළෙඳ‍පො‍ලේ ලැයිස්තු ගත සමාගමක්. එහි ලාභය වුණේ මිලියන පන්සියයක් පමණ. අවුරුදු දහ අටක් ඇතුළත ලාභය මිලියන තුන්දහස් පන්සියය දක්වා ගේන්න මට පුළුවන් වුණා.

Caltex ආයතනයේ හිටපු කාලය ඇතුළත මම ලංකාවේ ව්‍යාපාරිකයෙක් ඉතිහාසයේ වැඩිදුරක් ජයග්‍රහණ ලබපු පුද්ගලයා බවට පත්වෙනවා. හොඳම අලෙවිකරුවා හා හොඳම තරුණ ආයතනික අධ්‍යක්ෂවරයා වැනි විශාල සම්මාන ප්‍රමාණයක් ලබාගත්තා.

ජීවිතේ වෘත්තීයමය පැත්තෙන් පෞද්ගලික ජීවිතේ පැත්තට හැරුණොත් එහි ගලායාම මොනවගේද?
මම සාමාන්‍යයෙන් ව්‍යාපාර ලෝකයෙන් ඔබ්බට පියනගපු කෙනෙක්. Caltex ආයතනය තුළ ඉන්න කා‍ලේ මම ජනප්‍රිය පුද්ගලයෙක් වුණා. නිරූපණය, වෙළෙඳ දැන්වීම් නිරූපණය වගේම සිංදු කිව්වා. පත්තරවලට ලිව්වා. විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වූවා. මිස් ශ්‍රී ලංකා සහ ක්‍රීඩා තරග විනිශ්චය කිරීම වගේ දේවල්වලටත් මම සහභාගි වුණා. 1992 වසරෙදි මම විවාහ වුණා. පුතාලා දෙන්නෙක් ඉන්නවා. බිරිඳ කවදාවත් රැකියාවක් කළේ නැහැ. එයා හැමදාම බිරිඳ සහ අම්මා විදිහට ඉන්නවා.

Caltex ඔබ ආයතනයේ සන්නාමය වගේ හඳුන්වපු කාලයක් තිබුණා. ඇයි ඒ ආයතනයෙන් ඉවත් වෙන්නේ?
අවුරුදු 22ක Caltex ආයතනයේ සේවය කළා. එයිනුත් අවුරුදු 18ක් CEO හැටියට තමයි වැඩකළේ. අඩුම වයසින් CEO කෙනෙක් වුණාට අමතරව ලංකා ඉතිහාසයේ බහු ජාතික සමාගමක CEO කෙනෙක් වශයෙන් වැඩිම වසර ගණනක් සේවය කළ පුද්ගලයා හැටියට වාර්තාවක් තියලා තමයි මම ආයතනයෙන් ඉවත්වෙන්නේ. මට දැන් අවශ්‍යයි එක Company එකකට කොටු නොවී ආයතන ගණනාවකට මගේ සේවය ලබාදීමට. ඒ අරමුණ එක්ක තමයි මම Caltex ආයතනයෙන් එළියට බහින්නේ. දැනටමත් මම ආයතන රැසකට ආර්ථික වශයෙන් විවිධ අංශවලට දායකත්වය ලබාදෙනවා. ඊට අමතරව නිදහස් අධ්‍යක්ෂවරයෙක් විදිහට ආයතනවලට ආර්ථික වශයෙන් දායකත්වය ලබාදීම ඉදිරියේදී සිදුවෙයි.

ජීවිතේ හුඟක් දුර ඇවිත් නැවත හැරී බලනකොට මොකද හිතෙන්නේ?
මම ඉතාම තෘප්තිමත් වෙනවා. පුංචි කා‍ලේ හීනෙකින්වත්, නොහිතපු දුරක් මම ඇවිත් තියෙනවා. කිෂු ගෝමස් කියන චරිතය සාමාන්‍ය ජනතාව අතරට ගිහින් තිබෙන විදිහ පිළිබඳව මම ඉතා සතුටු වෙනවා.

Marketing Field එක අද ලංකාවේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔබ සෑහීමකට පත්වෙනවද?
දැනටමත් මේ Field එක ඇතුළේ පාරිභෝගිකයා නොමග යවන සුලු නිවැරදි නොවන තොරතුරු සපයන විදිහක් ‍පොදුවේ දකින්නට ලැබෙනවා. ඒ ගැන ඇත්තටම කනගාටුයි. ඒකට හේතුව මේ ලෝකයේ පවතින ආර්ථික තරගකාරීත්වයයි. කොහොමහරි තමන්ගේ ඉලක්කය කරා ළඟාවීමට බොහොම කෙටිකාලීින ක්‍රම යොදාගන්නවා. පාරිභෝගිකයා නොමග යැවීම නොකළ යුතුම දෙයක්. මේ තත්ත්වයෙන් අප ගොඩ ආ යුතුයි. ඒ වෙනුවෙන් රජයේ නියාමනය කියන දේ අත්‍යවශ්‍යයි.

– නෙරංජලා වික්‍රමසිංහ
(රිවිර)

  • 10.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button