පළකල දිනය : Wed, Sep 19th, 2018

”පොංගු තමිල්’‘ ස්මාරකය යාපනය විශ්ව විද්‍යාලයේ විවෘත වෙයි..!

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් 2001 වර්ෂයේදී ආරම්භ කරණ ලද ” පොංගු තමිල්” උත්සවයේ 17 වෙනි වර්ෂය සැමරීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකරණ ලද පොංගු තමිල් ස්මාරකය 17 උදෑසන විවෘත කර තිබෙනවා. මේ සඳහා බොහෝ විරෝධතා එල්ල වුවද ඒ සියල්ල පසෙක දා යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින් මෙම පොංගු තමිල් ස්මාරකය ඉදිකර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ”පොංගු තමිල්” ප්‍රකාශනයට අනුව ”දෙමළ ජාතීන්ගේ අභිලාශයන් වන ස්වයං නිර්ණය, සාම්ප්‍රදායික මවුබිම, දෙමළ ජාතිකත්වය යන අයිතීන් රජය විසින් පිළිගත යුතුයි” යනුවෙන්ද එම ස්මාරකයේ සඳහන් කර ඇති අතර යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම මත මෙම ස්මාරකය විවෘත කළ බවයි එම වැඩසටහනට සහභාගි වු යාපනය විශ්ව විද්‍යල සිසුන් ප්‍රකාශ කර තිබුණේ.

මේ අතර ස්මාරකය විවෘත කිරීමට සමගාමීව පවත්වා තිබූ සංස්කෘතික වැඩසටහනසඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.‍කේ.ශිවාජිලිංගම් ඇතුලු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් සහභාගි වී තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ යාපනය විශ්ව විද්‍යාලයේ පැවැත්වු සංස්කෘතික වැඩසටහනක් වෙනුවෙන් පමණක් තමන් සහභාගි වු බවයි.

  • 692
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button