පළකල දිනය : Thu, Sep 20th, 2018

අලි බේරන්න හයි කරපු සංඥා පද්ධතිය ගලවපු නොමිනිසුන් සහ ගානක්වත් නැති වනජීවීය !

“දුම්රියේ අලි ගැටෙන එක නවත්තන්න 2016 වසරෙදි අපි කරපු නියමු ව්‍යාපෘතිය. මේක කරන්න වනජීවී දෙපාර්තමේන්තුවට මුදළ් නෑ කිව්ව.ඒ අවස්ථාවේ වනජීවී භාරය එකතු වෙලා මේ දුම්රිය සඥා පද්ධතිය සවි කලා. මේ සිස්ටම් එකෙන් අලි දුම්රිය මාර්ගයේ නම් දුම්රියට සංඥා නිකුත් කරනව ඒ ගැන. අලියට සිග්නල් එකක් දෙනව අධි සංඛ්‍යාත තරංග ඔස්සේ දුම්රිය එන බවට..

කිතුල්තුවෙ අලි 4ක් මියගිය තැන මේක සවි කලා. කියන්න කණගාටුයි මාස කීපෙකට කලින් මේ සිස්ටම් එකේ කොටස් මිනිස්සු ගලවගෙන ගිහිං තිබුණ. වනජීවී දෙපාර්තමේන්තු , අමාත්‍යාංශ අද මේව ගැන කිසිම සොයාබැලීමක් හෝ උනන්දුවක් නෑ. කොහොම උනත් , ඒ මොකා නැතත් මේක ආයෙ තනියෙම හරි සවි කරනව.දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් ඒ වෙනුවෙන් කොල එලියක් දල්වා තිබෙනවා. මේ සිස්ටම් එක දෙවෙනියට සවි කරන්න යෝජනා කලේ ඊයෙ අලි හැපුණ තැන. ඒත් නිළධාරීන්ගේ උවමනාවක් නැතිකම නිසා ඊයේ අලි 5ක් එතැන මියගියා .

මේ සිදුවීම් වලදි කාටවත් චෝදනා කරගෙන වැඩක් නෑ. අපේ දුම්රිය එන්ජින් වල ආලෝකය මදි. අලියෙක් දැක්කත් සාමාන්‍ය වේගයේ දී නවත්තගන්න බෑ. රාත්‍රීයේ ධාවනය වන දුම්රිය එන්ජින් වල රියදුරුට පේන්නේ එන්ජිමේ ඉඳලා කෙටි දුරක් විතරයි . එන්ජිමට වනජීවී නිළධාරියෙක් නැග්ගා කියලා අලියව හැපෙන එක නවත්තන්නත් බෑ. පාරෙ අලියව දැකලා රියදුරුට සිග්නල් දෙනකොට වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි .

පැයට කිලෝමීටර් 20 ක වගේ වේගයෙන් ධාවනය කලොත් කෙටි දුර නවත්තගන්න පුළුවන් . ඒත් එතකොට මුලු මාර්ග පද්ධතියෙම දුම්රිය ධාවනය වීම ප්‍රමාද වෙනව. ඒ වගෙම දුම්රිය සමාගම් කාර්‍යක්ෂම සීඝ්‍රගාමී දුම්රිය එන්ජින් නිර්මාණය කරනව. ඉදිරියේ දි අපටත් එවැනි දුම්රිය ප්‍රවාහනය සඳහා එකතු කරගැනීමට සිදු වෙනව. දුම්රිය සෙමින් ධාවනය කරන්න ඕනෙ නම් දැනට තියෙන ප්‍රංශ, කැනඩා, ජර්මන් එන්ජින් ඉවත් කරල පරණ ගැරට් එන්ජින් වලින් දුවන්න පුළුවන් . මේවා ප්‍රායෝගික දේවල් නෙවෙයි .

මේවට ලෝකයේ තියෙන්නෙ තාක්ෂණික විසඳුම්. වනෝද්‍යාන තුලදි දුම්රිය ගුවන් පාලම් මතින් ධාවනය කිරීම, උමං මාර්ග තුලින් ධාවනය කිරීම, වන සතුන්ට හුවමාරු වීම සඳහා හරිත පාලම් ඉදි කිරීම වැනි මහා පරිමාණ ව්‍යාපෘති හා තාක්ෂණික ක්‍රමෝපායන් බාවිතා කරමින් අනතුරු අවම කිරීමට කරන උත්සාහ කිරීම් ප්‍රමුඛයි. අවුරුදු 15 ක් 20ක් පරණ අසාර්ථක යෝජනා ගැන කතා කරලවත් පලක් නෑ.

ප්‍රවාහනයේ දී දුම්රියේ වේගය හැකි උපරිමයෙන් ධාවනය කලයුතුයි. කාර්‍ය්ක්ෂම ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය වෙන්නෙ එතකොට . ඒ වගෙම අලි ඇතුනුත් ඔවුන්ගේ වනාන්තර මාර්ග ඔස්සේ නිරුපද්‍රිතව ගමන් කලයුතුයි . සංවර්ධන ව්‍යාපෘතීන් වලදී පාරිසරික පද්ධතීන් පිළිබඳව සිදුකරන අවධානය අවමයි. එයයි මේ ගැටලු වලට ප්‍රධාන හේතුව. ස්ථිර විසඳුම් පවතිද්දීත් ඒවා ක්‍රියාත්මක නොකරන නිසයි මෙම ගැටලු වලට ප්‍රධාන හේතුව.

කොහොම උනත් මෙම වසරේ සැප්තැම්බර් දක්වා මානව ක්‍රියාකාරකම් නිසා සිදුවී ඇති වන අලි මියයෑම් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉතා ඉහලයි. ඇමතිලා කොස් කඩමින් , වනජීවී අරමුදල හෝටල් බිල් සඳහා නාස්ති කරමින් සිටි‍යදී දෙසැම්බරයේදී සමස්ථ වන අලි ඝාතන ප්‍රමාණය සංඛ්‍යාත්මකව 300 කට ආසන්න වීමේ සම්භාවිතය ඉහළයි. ”

(එක ඇමති කෙනෙකුගේ එක වාහන පර්මිට් එකක මුදලෙන් 25%කින් පුළුවන් ලංකාව පුරාම තියෙන අලි කොරිඩෝ හරහා ඇති දුම්රිය මාර්ග වල මෙම සිස්ටම් එක සවි කරන්න)

– Shashikalana Ratwatte

  • 1.6K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button