පළකල දිනය : Fri, Sep 21st, 2018

අනියම් පෙම් ගැන කියමින් සාරංගගෙන් උමාලිට සැර උත්තරයක් !

ජනප්‍රිය නළුවෙක් වන සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න කියන්නේ මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වුණු චරිත දෙකක්. නමුත් මේ වෙද්දිනම් දෙන්නාගේ විවාහය දෙදරා ගිහින් තියෙන්නේ.

පසුගිය දවසක උමාලි සිය ඉන්ටග්‍රෑම් ගිණිමේ අපූරු සටහනක් දමා තිබුණා. ඒ ඇය මනාළියක් ලෙස හැඩවුණු ඡායාරූපයක්ද සමගිනුයි. එම සටහනේ කොටසක ලියා තිබුණා අන්තිමට ඉතුරු වෙන්නේ ගත්ත පින්තූර විතරයි කියලා.

කෙසේ වෙතත් උමාලි දැම්ම මේ කතාවට සාරංග සිට මුහුණු පොත හරහා පිළිතුරු දී තිබෙනවා. මේ තියෙන්නේ සාරංග මුහුණු පොතේ දැම්ම සටහන.

ඉතාම වටිනා කියන උපදෙස් ටිකක්. අවාසනාවකට වගේ වැදගත්ම දෙයක් අමතක වෙලා. අවුරුදු 3 කට කලින් වෙච්ච දෙයක් නිසා අමතක වෙලා ඇති. පව්. මට මතක් කරලා දුන්න නිසා මාත් මතක් කලාට කමක් නැති නිසයි මතක් කරන්නෙ..

වැදගත්ම අවවාදය : “කාන්තාවනි, ඔබේ සැමියා නිවසේ නැති අතරේ, ඔබේ අනියම් පෙම්වතාව කිසිම විටක ඔබේම නිදන කාමරයට ගෙන්වා ගන්න එපා. මන්ද නොහිතන මොහොතක සැමියා එතනට පැමිණීමෙන් ඔබ අපහසුතාවයට පත්විය හැකි නිසා”

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button