පළකල දිනය : Tue, Sep 25th, 2018

ඩිලාන් සම්පත් විරු විරාජ සම්මානයෙන් පිඳුම් ලැබූ අවස්ථාව (වීඩියෝ)

අද දෙරණ 2018 වසරේ විශිෂ්ට සේවා ඉටුකළ පුද්ගලයන්ගේ දක්‍ෂතා, කාර්ය භාරය හා වීරත්වය වෙනුවෙන් ඔවුන් අභිසෙස් ගන්වන ‘2018 වර්ෂයේ ශ්‍රි ලංකාකිකයා ’ (SRI LANKAN OF THE YEAR-2018) සම්මාන ප‍්‍රදාන උළෙල පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණි.

මෙම සම්මාන උළෙලේදී ලක් මව වෙනුවෙන් උදාර මෙහෙයෙන් කරවූ පුරවැසියන් රැසක් ඇගයීමට ලක් කිරීම සිදු කළ අතර 2017 වර්ෂයේ මැයි මාසයේ දී රටේ ඇති වූ ගංවතුර තත්වයේදී ජීවිතයක් බේරාගෙන සිය ජීවිතය කැප කළ අභීත පොලිස් නිලධාරීයා ඩිලාන් සම්පත් විරු විරාජ සම්මානයෙන් පිඳුම් ලැබීය.

ඔහුගේ සම්මානය මව විසින් ලබාගත් අතර එම අවස්ථාව සියල්ලන්ගේ නෙත් කඳුලෙන් තෙත් කරන්නට විය. සංවේදී අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button