පළකල දිනය : Thu, Sep 27th, 2018

රටටම සුබපල උදාකරමින් ගුරු වෘශ්චිකයට !

බ‍්‍රහස්පති හෙවත් සුරගුරු, නවග‍්‍රහයන් අතරින් ඉතාමත් සුබම සුබ ග‍්‍රහ ලොවයි. ජන්මියාට බෙහෙවින් ම සුබඵල උදාකරන්නේ ද ගුරු වන අතර ගුරුගේ දැක්මත් ගුරු ලග්නගතව කෙනෙකුගේ ජන්ම පත‍්‍රයේ පිහිටීමත් අතිශයින් සුබ දායකය. කෝටියක් දෝෂ භංග කරන සුරගුරු යම් යම් අවස්ථාවල අසුබ වන ආකාරයද දැකගත හැකිය. ගෝචර වශයෙන් කෙනෙකුගේ උපන් ලග්නයෙන් 1, 2, 4, 5, 7, 9, 10, හා 11 යන ස්ථාන වල ගමන් කිරීම සුබදායක වන අතර 3, 6, 8, 12 යන ස්ථාන අසුබ වන්නේය.

එවන් වූ ගුරු දැනට වසරකට වැඩි කාලයක් තුලා රාශියේ ගෝචරයෙන් ගමන් කරන අතර එම බ‍්‍රහස්පති ග‍්‍රහයා එළඹෙන 2018 ඔක්තෝබර් මස 11 වන ගුරු දින රාත‍්‍රී 7.20 ට ගුරු හෙවත් බ‍්‍රහස්පති තමාගේ මිතුරු රාශියක් වන කුජට අයත් වෘශ්චික රාශියට පිවිසෙයි. ඒ අනුව හරියටම 12 වසරකට පසු කුජ හිමි වෘශ්චික රාශියට ගෝචර වශයෙන් ගුරු පිවිසීමට නියමිතය.

එම ගුරු එතැන් සිට 2019 මාර්තු 29 වන දින ධනු රාශි ගත වන තුරු වසරකට අඩු කාලයක් වෘශ්චිකයේ රැඳී සිටිනු ඇත. වෘශ්චිකය ගුරුට තවත් මිතුරු රාශියකි. ඒ අනුව 12 වසරකට පසු සිදුවන මෙම සුවිශේෂි අසිරිමත් ගුරු ග‍්‍රහ මාරුව අප රටට ලෝකයට මෙන්ම ලග්න 12 න් උපන් ඔබට කෙසේ බලපායි ද?

මෙතෙක් ශී‍්‍ර ලංකා නිදහස් ජන්ම පත‍්‍රයේ ලග්න භාවයෙන් 9 වැන්නේ ගමන් ගත් ගුරු 10 වැන්නට පිවිසීම අප රටට යහපත් හා සුබදායක වනු ඇත. එසේම සියලූ ලග්න වලට ගුරුගේ මේ ගමනින් හැකි පමණ සුබඵල උදා කරනු ඇත. අසුබ ඵල මග හැර සුබ ඵලම උදා කරනවා. ගුරුගේ මේ ගමන නිසා ලෝකයේ වගේම ඔබලාගේ ලංකාවේත් විවිධ වෙනස් කම් ඇති කරාවි. ජනතාවට දැනට වඩා යම් සහනයක් ලැබේවි. ආගමික ප‍්‍රබෝධයක් ඇති වේවි. ජ්‍යෙතිෂයේද වර්ධනයක් වේවි. අධ්‍යාපනයේ ප‍්‍රශ්න විසඳේවි. නව ප‍්‍රබෝධයක් රට තුළ ඇති වේවි. දේශපාලනය තව තවත් උණුසුම් වේවි. නායකයන් තව තවත් උද්‍යෝගිමත් වේවි. මැතිවරණයක් පැවැත්වේවි. නව දේශපාලන පක්ෂ බිහි වේවි. භික්ෂුන් වහනසේ ඉදිරියට පැමිණේවි. රට තුළ දේශගුණ විපර්යාස ඇතිවේවි. විශේෂයෙන් ජලගැලීම්, නාය යෑම්, සුළි සුළං, ඉඩෝර වැනි දේ ඇති විය හැකිය. රට තුළ නැවුම් බවකින් යුතු වටපිටාවක් නිර්මාණය වේවි.

මේෂ ලග්නය

ඔබගේ ජන්ම පත‍්‍රයේ ගුරු හෙවත් බ‍්‍රහස්පති ග‍්‍රහයා

ලග්නයෙන් 08 වැන්න හෙවත් ආයු ස්ථානයට පිවිසීම ඔබට එතරම් සුබදායක නොවනු ඇත. පසුගිය වසරක් පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ‍්‍රහස්පති ඔබගේ ලග්න භාවයෙන් 7 වැන්නේ හෙවත් විවාහස්ථානයේ ගමන් කලා.

ඔබ විවාහක නම් ඔබගේ ගේ දොර කටයුතු වලට ද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු ද යම් පමණකට බාධාකාරී තත්ත්වයන් මත ඉටුකිරීමට සිදුවන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ කටයුතු පමාවනු ඇත. කෙසේ වෙතත් ඔබට උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා යහපත් කාලයක් වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන් වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරු වලට ලක්විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි.

එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග‍්‍රහ මාරුව සුබදායක නොවනු ඇත. තරග විභාග ආදියෙන් එතරම් සාර්ථක ප‍්‍රතිඵල උදාකර ගත නොහැකි කාලයකි.

පවතින ගුරු අපල දුරු වීමට බ‍්‍රහස්පතින්දා දින වල දින 09 ක් උදේ 6 -7 අතර බෝධි පූජා පවත්වා බෝධිය පැන් කළ 3 කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න.

වෘෂභ ලග්නය

ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 6 වැන්නේ අසුබ රාශිගතව ගමන් කළ බ‍්‍රහස්පති මෙවර ලග්න භාවයෙන් 07 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් යම් පමණකට අඩුවී සුබ ප‍්‍රතිඵල උදාවීමට නියමිතය. 07 වැන්න ගුරුට ගෝචර ගමනේ යම් පමණක යහපත් ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර පේ‍්‍රම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා ද උදා වේ.

ඒ අනුව ඔබට මෙවර ගුරු ග‍්‍රහ මාරුව රැකියා අංශ වලින් බලාපොරොත්තු වූ ප‍්‍රතිඵල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක වාසියක් අත් විය හැකිය. තැන්පත් ධනය යම් පමණකට ඉහළ යනු ඇත. කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප‍්‍රශ්න වලට ද මුහුණ දීමේ අවස්ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත.

එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග‍්‍රහ මාරුව සුබදායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප‍්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගාබාධ යම් පමණකට සුව වීමේ වීමේ අවස්ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැුයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

එසේම ඔබට යටි බඩ හා කොන්දේ අමාරු වැනි අසනීප තත්ත්ව ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ සෙම් ආශ‍්‍රත රෝග ඇති විය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් වනු ඇත. එසේම ඔබ ජලය ආශ‍්‍රිත කටයුතුවලදී විමසිලිමත් වීම වැදගත්ය.

මිථුන ලග්නය

ඔබගේ ජන්ම පතේ ගුරු 6 වැන්නේ, ඒ රෝගස්ථානයේ. ඒ හේතුව නිසාවෙන් සතුරු කරදර නීතිමය ගැටලූ, ශරීර සනීපය දුබල වීම වැනි ගැටලූ පැන නගින්න පුළුවන්. ඒත් ඒවා ගුරුගේ ගුණය නිසා ප‍්‍රබල වෙන්නේ නෑ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබටත් සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. එසේම ඔබට මෙතෙක් පැවති පපුවේ සෙම් අමාරු වගේ දේවල් සුව විය හැකිය. උෂ්ණාධික හෝ යටිබඩ ආශ‍්‍රිත රෝග හේතුවෙන් රෝහල්ගත වීමේ අවදානමකුත් තිබෙනවා. නමුත් එය සාමාන්‍ය තත්ත්යක් වනු ඇත. එසේම විමසිලිමත් වීම වැදගත්ය. ඒ කොහොම වුණත් ඔබට ඉතින් ගුරුගේ නිවාස මාරුව නම් යම් පමණකට සුබයි.

පවතින ගුරු අපල දුරු වීමට බ‍්‍රහස්පතින්දා දින වල දින 09 ක් උදේ 6 -7 අතර බෝධි පූජා පවත්වා බෝදිය පැන් කළ 3 කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහ මල් හා කහ කොඩි පූජා කොට විෂ්ණු දෙවියන්ට පින් දෙන්න.

කටක ලග්නය

ලග්නයේ 5 වන්නට පැමිණෙන ගුරුගෙන් දරුවන් බලාපොරොත්තු වන ඔබට වාසනාවන්ත හා පුණ්‍යවන්ත පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලූ අංශ වලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියනවා. ඒ වගේම අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප‍්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. ඔබටත් ඉතින් සියලූ අංශ වලින් සුබයි. පවතින රෝගාබාධ සුව වන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. රෙදිපිලි හා ගොඩනැගිලි ආශ‍්‍රිත ව්‍යාපාර කටයුතුවල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම ග‍්‍රහ මාරුව බෙහෙවින් සුබ දායක ග‍්‍රහ මාරුවකි. ලාභ ලැබෙන කාලයකි.

ඔබේ උත්පත්ති ජන්ම පත‍්‍රයේ බ‍්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත‍්‍රව හෝ මිත‍්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග‍්‍රහ මාරුව ඉතාම යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

සිංහ ලග්නය

ඔබගේ ජන්ම පත‍්‍රයේ ගුරු සිව් වැන්නේ කේන්ද්‍රස්ථාන ගත වෙනවා. 4 වැන්න ඔබගේ මෘතෘස්ථානය හෙවත් ගෘහස්ථානයයි. ඔබට මෙම ග‍්‍රහ මාරුව සමපල උදාකරනු ඇත. ඔබගේ ආදායම් තත්ත්වයට යම් පමණකට බාධා එල්ල විය හැකිය. කෙසේ වෙතත් ඔබගේ සිතේ පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග‍්‍රහ මාරුව ඔබගේ මවට සුබ දායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතු වල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන් වලටද එක්විය හැකිය. ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල් කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයං රැකියා කරන ඔබගේ එම කාර්යන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබෙනවා. නමුත් රාජකාරී නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා.

ඔබේ උත්පත්ති ජන්ම පත‍්‍රයේ බ‍්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත‍්‍රව හෝ මිත‍්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග‍්‍රහ මාරුව යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

කන්‍යා ලග්නය

ලග්නයෙන් තුන් වැන්නට බ‍්‍රහස්පති පිවිසීම ඔබට සුබ හා අසුබ ඵල දෙකම උදාවීමට නියමිතය. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් නොවනු ඇත. පැවති රෝගාබාධ යම් පමණකට වැඩි වීමේ අවස්ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර පේ‍්‍රම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදා වේ. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග‍්‍රහ මාරුව සුබ දායක නොවනු ඇත. තරග විභාග ආදියෙන් එතරම් සාර්ථක ප‍්‍රතිඵල උදාකර ගත නොහැකි කාලයකි. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන් වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත් සුළු අනතුරු වලට ලක්විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ආගමික කටයුතු වලට සිත යොමු වනු ඇත.

ඔබේ උත්පත්ති ජන්ම පත‍්‍රයේ බ‍්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත‍්‍රව හෝ මිත‍්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග‍්‍රහ මාරුව යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

තුලා ලග්නය

ඔබගේ ජන්ම පත‍්‍රයේ ගුරු දෙවැන්නේ ත‍්‍රිකෝනස්ථාන ගත වෙනවා. 2 වැන්න ඔබගේ කේන්ද්‍රයේ ධනස්ථානයයි. පසුගිය වසරක් පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ‍්‍රහස්පති ඔබගේ ලග්න භාවයේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග‍්‍රහ මාරුව සමපල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක බාධා එල්ල විය හැකිය. තැන්පත් ධනය නම් ඉහළ යනු ඇත. විටෙක අය පක්ෂය ඉහළ යන අවස්ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත. කුලී නිවාස වල රැඳී ඔබගේ සිතේ කාලයක් පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග‍්‍රහ මාරුව ඔබගේ මවට හා පියාට සුබ දායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතු වල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන් වලටද එක්විය හැකිය.

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල් කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයං රැකියා කරන ඔබගේ එම කාර්යන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබෙනවා. නමුත් රාජකාරී නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා.

එසේම ඔබට උගුරේ අපහසුතා හා පපුවේ සෙම් අමාරු වගේ දේවල් ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ යටිබඩ ආශ‍්‍රත රෝග ඇති විය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්යක් වනු ඇත. එසේම ඔබ ජලය ආශි‍්‍රත කටයුතු වලදී විමසිලිමත් වීම වැදගත්ය.

වෘශ්චික ලග්නය

ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 12 වැන්නේ අසුබ ප‍්‍රතිඵල උදාකළ බ‍්‍රහස්පති මෙවර ලග්නභාවයට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප‍්‍රතිඵල උදාවීමට නියමිතය. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගා බාධ යම් පමණකට සුව වීමේ වීමේ අවස්ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැුයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

ගේ දොර කටයුතු යහපත් වන අතර දරුවන්ගේ කටයුතු ද වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත. උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර පේ‍්‍රම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදා වේ. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග‍්‍රහ මාරුව සුබ දායක නොවනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප‍්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන් වලටද එක්විය හැකිය.

ඔබේ උත්පත්ති ජන්ම පත‍්‍රයේ බ‍්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත‍්‍රව හෝ මිත‍්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග‍්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

ධනු ලග්නය

ඔබගේ ජන්ම පත‍්‍රයේ ගුරු හෙවත් බ‍්‍රහස්පති ග‍්‍රහයා ලග්නයෙන් 12 වැන්න හෙවත් වැයස්ථානයට පිවිසීම ඔබට නම් එතරම් සුබ දායක නොවනු ඇත. පසුගිය වසරක් පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ‍්‍රහස්පති ඔබගේ ලග්න භාවයෙන් 11 වැන්නේ හෙවත් අයස්ථානයේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග‍්‍රහ මාරුව අසුබපල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක බාධා එල්ල විය හැකිය. තැන්පත් ධනය කැපී පෙනෙන ලෙස පහළ යනු ඇත. විටෙක නීතිමය ප‍්‍රශ්න වලට ද මුහුණ දීමේ අවස්ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත.

ගේ දොර කටයුතු වලට ද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත. උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන් වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත් සුඵ අනතුරු වලට ලක්විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ආගමික කටයුතු වලට සිත යොමු වනු ඇත. දේශපාලනයේ යෙදෙන ලග්න හිමියන්ට බෙහෙවින් අසුබ දායක වන්නේය.

සෙම් ආශ‍්‍රත රෝග ඇති විය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් වනු ඇත. එසේම ඔබ ජලය ආශ‍්‍රිත කටයුතු වලදී විමසිලිමත් වීම වැදගත්ය.

පවතින ගුරු අපල දුරු වීමට බ‍්‍රහස්පතින්දා දින වල දින 09 ක් උදේ 6 -7 අතර බෝධි පූජා පවත්වා බෝධිය පැන් කළ 3 කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න.

මකර ලග්නය

ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 10 වැන්නේ ගමන් කළ බ‍්‍රහස්පති මෙවර ලග්නභාවයෙන් 11 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප‍්‍රතිඵල උදාවීමට නියමිතය. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර පේ‍්‍රම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදා වේ.

එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග‍්‍රහ මාරුව සුබ දායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප‍්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගාබාධ යම් පමණකට සුව වීමේ වීමේ අවස්ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැුයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල් කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයං රැකියා කරන ඔබගේ එම කාර්යන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබෙනවා. නමුත් රාජකාරී නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා. සමාජ සේවා වල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප‍්‍රියතාව වර්ධනය වෙයි.

ඔබේ උත්පත්ති ජන්ම පත‍්‍රයේ බ‍්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත‍්‍රව හෝ මිත‍්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග‍්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

කුම්භ ලග්නය

ඔබගේ ජන්ම පත‍්‍රයේ ගුරු හෙවත් බ‍්‍රහස්පති ග‍්‍රහයා මිතුරුව ලග්නයෙන් 10 වැන්න හෙවත් රැකියා ස්ථානයට පිවිසීම ඔබට සුබඵල උදා කරනු ඇත. පසුගිය වසරක් පුරාවට ඔබට සුබඵල උදාකරමින් ගුරු හෙවත් බ‍්‍රහස්පති ඔබගේ ලග්න භාවයෙන් 9 වැන්නේ හෙවත් පුන්‍යස්ථානයේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග‍්‍රහ මාරුව රැකියා අංශ වලින් බලාපොරොත්තු වූ ප‍්‍රතිඵල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක වාසියක් අත් විය හැකිය. තැන්පත් ධනය යම් පමණකට ඉහළ යනු ඇත. කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප‍්‍රශ්න වලට ද මුහුණ දීමේ අවස්ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත.

එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග‍්‍රහ මාරුව සුබ දායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප‍්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගා බාධ යම් පමණකට සුව වීමේ වීමේ අවස්ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත.

කුලී නිවාස වල රැුඳී ඔබගේ සිතේ කාලයක් පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග‍්‍රහ මාරුව ඔබගේ සහෝදර සහෝදරියන්ට අසුබ දායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතු වලට බාධාකාරී තත්ත්ව ඇති වන අතරම විදේශ ගමන් වලටද එවැනිම බාධා එල්ල විය හැකිය. රෙදිපිලි හා ගොඩනැගිලි ආශි‍්‍රත ව්‍යාපාර කටයුතු වල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම ග‍්‍රහ මාරුව යම් පමණකට සුබ දායක ග‍්‍රහ මාරුවකි.

පවතින ගුරු අපල දුරු වීමට බ‍්‍රහස්පතින්දා දින වල දින 09 ක් උදේ 6 -7 අතර බෝධි පූජා පවත්වා බෝධිය පැන් කළ 3 කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න.

මීන ලග්නය

ඔබගේ ජන්ම පතේ පසුගිය වසරක් පුරාවට ලග්නයෙන් 8 වැන්නේ අසුබ රාශිගතව ගමන් කළ බ‍්‍රහස්පති මෙවර ලග්න භාවයෙන් 09 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් යම් පමණකට අඩුවී සුබ ප‍්‍රතිඵල උදාවීමට නියමිතය. 9 වැන්න ගුරුට ගෝචර ගමනේ අතිශය සුබ ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර පේ‍්‍රම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදා වේ.

ඔබ විවාහක නම් ගේ දොර කටයුතු වලට ද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත. උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා ඉතාමත් යහපත් කාලයක් වනු ඇත.

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල් කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර ස්වයං රැකියා කරන ඔබගේ එම කාර්යන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබෙනවා. නමුත් රාජකාරී නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා. සමාජ සේවා වල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප‍්‍රියතාව වර්ධනය වෙයි.

ඔබෙි උත්පත්ති ජන්ම පත‍්‍රයේ බ‍්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත‍්‍රව හෝ මිත‍්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග‍්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

පවතින ගුරු අපල දුරු වීමට බ‍්‍රහස්පතින්දා දින වල දින 09 ක් උදේ 6 -7 අතර බෝධි පූජා පවත්වා බෝධිය පැන් කළ 3 කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න.

– ජ්‍යොතිෂවේදී, බණ්ඩාරගම,
– සම්පත් එස්. කල්පගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button