පළකල දිනය : Fri, Sep 28th, 2018

කණ්ඩායමේ එන්ජිම වගේ සෙල්ලම් කරන්නේ කව්ද කියලා අඳුරගන්න ඕනි !

ආසියානු කුසලාන තරගාවලියේදී ලද පරාජයත් සමග සංගක්කාර ශ්‍රී ලංකා පිල පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඉන්දියාවේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව පවසා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපාය මාර්ගයන් ගැන යළි සිතා බැලිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.‍

“අපට නිවැරදි උපාය මාර්ග තිබෙනවාද යන්න මුලින්ම සිතා බැලිය යුතුයි. අප එම උපාය මාර්ගයන්ට අනුව කටයුතු කරනවද නැත්නම් ඒවා වෙනස් කරනවාද යන්න සොයා බැලීම වැදගත්.

තරගාවලියන් වලදී අප ලබන ප්‍රතිපලය වැදගත්, නමුත් අපේ ඉලක්කය විය යුත්තේ 2019 වසරේ පවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. කණ්ඩායමට ස්ථාවර පිතිකරු පෙළගැස්මක තිබීම වැදගත්.

පිතිකරුවන් උඩට පහලට ඇදීම තුලින් සිදුවන්නේ ඔවුන්ගේ විශ්වාසනිත්වය බිඳ වැටීමයි. ආරම්භක පිතිකරුගේ සිට අංක 4 දක්වා වන පිතිකරුවන් කවුරුන්දැයි හදුනා ගත යුතුයි.

මන්ද ඔවුන් තමයි ඉණිමේ එන්ජිම වන්නේ. අනෙක් පිතිකරුවන් ඔවුන් වටා හිදිමින් සිය ඉණිම ගොඩනැගිය යුතුයි. පිතිකරණ ලැයිස්තුවේ අංක 3 සහ 4 වැදගත්ම ස්ථානයයි. සියලුම බර සිය උරහිස දරන්නේ ඔවුන් විසින්” යැයි සංගක්කාර මෙහිදී පෙන්වා දී තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button