පළකල දිනය : Sat, Sep 29th, 2018

සැප වාහන ගෙන්න බෑ, චීස් නෑ, රුපියල රකින්න පටි තදකරගන්න

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මැති ඇමැතිවරු ඇතුළු සියලු දෙනාම සුඛෝපභෝගී වාහන ගෙන්වීම නවත්වන්න ඕනෑ යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියා සිටී.

ලබන වසරේදී තමන් ඒ සඳහා ඉඩ ලබා දෙන බව ද ඔහු සඳහන් කරයි.

විදේශයන්ගෙන් ගෙන්වන අධික මිල සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය හැකිතාක් අඩු කළ යුතු බවත් දේශීය කර්මාන්ත වලට හැකිතාක් උදවු විය යුතු බවත් ඒ මහතා පවසයි.

ආනයනික වයින්, චීස් වැනි දේවල් පරිහරණය නවතා දමන්නට ඇතැම් විට සිදුවනු ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

මාස කිහිපයක් යන තෙක් පටි තද කරන්නැයි ඇමතිවරයා ඉල්ලා සිටියේ කොළඹ රාජකීය විදුහලේ පැවති උත්සව අවස්ථාවකදීය.

  • 2.6K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button