පළකල දිනය : Sat, Sep 29th, 2018

රටම දන්නා විජයගේ ජිවිතයේ නොසිතු කතාව !

සුගතපාල සෙනරත් යාපා විසින් අධ්‍යක්‍ෂණය කළ හන්තානේ කථාව ලාංකීය සිනමා ක්‍ෂේත‍්‍රයට එක් කළේ මංගලශ‍්‍රීයකි. එයට හේතුව වූයේ සාමාන්‍යයෙන් චිත‍්‍රපටයක සාර්ථකත්වය එහි අන්තර්ගතය හා කථාවස්තුව මත රඳා පැවතිය ද මෙම චිත‍්‍රපටයෙහි කථාව පසෙක ලා ඉස්මතු වූයේ එහි රඟපෑ ප‍්‍රධාන නළුවකු වීම සුවිශේෂත්වයකි. 1968 වර්ෂයේ අගෝස්තු 01 වන දින තිරගත වූ මෙම චිත‍්‍රපටය විශ්වවිද්‍යාලයක පැවැති ආදර අන්දරයක් අරබයා ගෙතී තිබූ කථාවකි. මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයන්ගෙන් එකක් රඟපෑ නළුවකු වූයේ අන් කවරකුවත් නොව කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නම් එවකට 24 වන වියට පා තබමින් සිටි කඩවසම් දේහදාරි තරුණයෙකි.

මෙම තරුණයාගේ ආගමනය හන්තාන කථාව වූවත් එය තවත් දීර්ඝ පුණරාගමනයක අරඹුමක් පමණක් විය. අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, ගඟ අද්දර, බැද්දේගම, පාර දිගේ, මහ ගෙදර, කැඩපතක ඡුායා, සහ කි‍්‍රස්තු චරිතය ඔහු රඟපෑ චිත‍්‍රපට 114 අතුරින් ඔහුගේ විශිෂ්ට රංග ප‍්‍රතිභාව පේ‍්‍රක්ෂක හදවත් තුළ මුල් බැස ගනු ලැබූ අග‍්‍රගණ්‍ය චිත‍්‍රපට නිර්මාණ ලෙස හැඳින්වීම වඩාත් උචිතය.

විජය යනු සිය දක්‍ෂතාව රංගනයට පමණක් සීමා කළ කලාකරුවකු නොවන බවට පැහැදිලි වන්නේ ”ගඟ අද්දර මා….” වැනි ගීත තුළින් ගායන ක්‍ෂේත‍්‍රයට පිවිස ඔහු විසින් සිය ජීවිත කාලය තුළ දී දායක වී ඇති ගීත ප‍්‍රමාණය 100කට අධික වීම තුළය.

මෙම 70 සහ 80 දශකයන්හි ලාංකීය කලා ක්‍ෂේත‍්‍රය අස්වැද්¥ අසහාය රංගදරයා වෙන කිසිවෙකුත් නොව අප කවුරුත් නම ඇසූ පමණින් දන්නා හඳුනන ප‍්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරතුංගයන්ය.

1988 වර්ෂය ලාංකීය දේශපාලනයට මෙන්ම සමාජයට ද යහපතක් වූ වසරක් නොවේ. 1971 පැවති කැරැුල්ල හමාර කොට 1977 දී බලයට පත් වූ ජුනියස් රිචඩි ජයවර්ධනයන්ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්‍ෂය රට පාලනය කළ අවදිය වුවද රටෙහි තරුණ කොටස් සිය ඉල්ලීම් අරබයා දේශපාලන බල අධිකාරීන්ගේ මෙහෙයවීම මත අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙමින් පැවති අවධියකි. එම වාතාවරණයන් තුළ විවිධ චරිතයන්ගේ ඉස්මතු වීම සිදු වුවද විටින් විට ජනතා අවධානය හා ආකර්ෂණය එම චරිතයන්ගෙන් ඈත් කිරීමට ද එවකට බලයේ සිටි හා බලයට ඒමට පොරකමින් සිටි දේශපාලකයින් කටයුතු කරමින් සිටියාය.

හරියටම 1988 පෙබරවාරි 16 වන දින දහවල් 12යි 45ට මධ්‍යාහ්න ප‍්‍රවෘත්ති විකාශය ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සුපුරුදු පරිදි ආරම්භ කෙරිණි. නිවේදිකාව එදිනට නියමිත ප‍්‍රවෘත්ති සාරාංශය කියවමින් සිටියේය. එක්වරම ”මෙන්න දැන් ලැබුණු ප‍්‍රවෘත්තියක්.” එවකට රටම ඇ`දිනූ හ`ඩකින් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයට බාධා කරන්නට විය. එම හඬ පේ‍්‍රමකීර්ති ද අල්විස් ගෙනි. එම සොඳුරු හඬින් කියැවුණේ රටම අඳුරු කළ කථාවකි. එනම් ජනපි‍්‍රය නළු විජය කුමාරතුංග මහතා එදින දහවල් දොළහයි පහට පමණ කොළඹ පොල්හේන්ගොඩ පාරේ පිහිටි ඒ මහතාගේ නිවස අසලදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනය කළ බවට වූ ප‍්‍රවෘත්තියකි. මෙය ඇසූ සියලූ දෙනා පාහේ ප‍්‍රවෘත්තියෙහි ඉතුරු කොටස් පිළිබඳව අවධානයට ලක් කළේ තබා තැකීමක් වුව කළේ නැත. මෙම ප‍්‍රවෘත්තිය නෑසූ අය අතර පවා මෙම ආරංචිය ලැවි ගින්නක් සේ පැතිර ගියාය.

මේ අතර විජයගේ එකදු සිනමා පටයක් පවා නොබැලූවෝ ද ඔහුගේ ගීත හඬ හෝ ඔහු නමින් පමණක් හැඳින සිටිය අයවලූන් ද විය. බාල, මහලූ, තරුණ සියලූ කොටස්වලට මෙම ප‍්‍රවෘත්තිය අදහාගත නොහැකි ආරංචියක් විය. මෙම කම්පනය දරාගත නොහැකිව 12 දෙනකු පමණ සියදිවි හානි කරගැනීම් ද එවකට වාර්තා වී තිබිණි.

මෙම ඝාතනය සමගම කම්පා වී සිටියේ හුදු මහත් රසික ජනතාවම පමණක් නොව 1978 වර්ෂයේ දී මෙම ආදරණීය කලාකරුවා සමග විවාහ දිවියට එළැබුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඔහුගේ දරුවන් දෙදෙනාද මේ අතර විය. විජයගේ කලාකරුවකු වීමේ ආශාව තුළම කල්යත්ම දේශපාලනඥයකු වී සමාජය වෙත පිවිසීමේ මඩනා ලද ආශාවක් ජනිත වන්නට මහත් වූ රුකුලක් සැපයූයේ ඔහුගේ බිරිඳගේ පවුල් පරිසරය තුළ තිබූ දේශපාලනික පසුබිම යැයි කීම තුළ දෝෂයක් නැත. දේශපාලනය කිරීමට විජයට අමුතුවෙන් උගැන්විය යුතුව තිබුණේ නැත. මනා පෞරුෂයත්, කටහක්‍ෂත්, චතුර ලෙස කථා කිරීමේ විලාශයත් විජයගේ උත්පත්ති දක්‍ෂතා ලෙස පිහිටා තිබීම තුළ අනායාසයෙන්ම දේශපාලනඥයකු වීම සඳහා විජයගේ චරිතය මනා ගැළපෙන්නක් විය. නමුත් මෙම දෙවැනි ආගමනය තුළ තමාගේ ජීවිතයෙහි කෙළවර ඈඳී තිබෙන බවට විජය සිතන්නට නැත.

1978 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙහි සාමාජිකත්වය ලබා ගන්නා විජයගේ මීළඟ පිම්ම වූයේ 1984 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය පිහිටුවා ගැනීමයි. මෙම දශකයේදීම එනම් 1987 වර්ෂයේ ඉන්දු – ශ‍්‍රී ලංකා සාම ප‍්‍රයත්නය සඳහා සහාය දැක්වීම තුළ දේශපාලනමය වශයෙන් තනතුරක් ඇති කර ගැනීම සඳහා පාර කැපිණි. මෙම ගිවිසුම සම්බන්ධව එවකට ජනතා විමුක්ති පෙරමුණ ද ඉතා දැඩි ප‍්‍රතිපත්තියක සිටි බවට නොරහසකි. මෙම කාලය තුළ තමාට තිබූ මරණ තර්ජන ද නොතකමින් සිය ප‍්‍රතිපත්තීන් ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරවා ගැනීමට අතිශය කැපවුණු පුද්ගලයකු ලෙසට විජය ප‍්‍රසිද්ධව සිටියේය. විජය නම් වූ සංවේදී කලාකරුවා තුළ මෙවැනි දැඩි ප‍්‍රතිපත්තිගරුක දේශපාලකයකු සැඟව සිටින බවට ඔහු සමග සමකාලීනව කටයුතු කළ කලාකරුවන්ට ද විටෙක අදහාගත නොහැකි විය.

1988 පෙබරවාරි මස 16 වන දින විජය සිය මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියේය. ඔහු විසින්ම පදවාගෙන පැමිණි මෝටර් රථය නිවස අසල පිහිටි මාර්ගය ආසන්නයේ නවත්වා නිවස තුළට ගියේය. ඉන් පසුව විජය සිය නිවස තුළ විනාඩි 5-6 ක් සිට නැවත එළියට පැමිණියේ ෆයිල් කවරයක් ද අතැතිවය. ඉන් පසුව විජය හමුවීමට පැමිණි අයෙකු සිය නිවසේ ඉදිරිපස ගේට්ටුව අසල කථා කරමින් සිට ඇත. ඒ වන විටත් සියලූ සැලසුම් යොදා මග රැුක සිටි විජයගේ ඝාතකයින් හට මෙය සිය ඉලක්කය ලබා ගැනීමේ හො`දම අවස්ථාව ලෙස සිතෙන්නට ඇත. මේ සමගම කි‍්‍රයාත්මක වූ ඝාතකයින්ගේ උණ්ඩ 2ක් විජයගේ පසු පසින් වදිත්ම විජයගේ හැඩි දැඩි සිරුර, කපා හෙළුෑ ගසක් සේ ඇදවැටෙන්නට විය. එතැනින් නොනැවතුණු ඝාතකයින් විජයගේ හිසට ද වෙඩි ප‍්‍රහාර කිහිපයක් එල්ල කළේය. එම ප‍්‍රහාරයත් සමගම විජය සිය අවසන් හුස්ම හෙළද්දී ඔහු සමග කථා කරමින් සිටි අනෙක් පුද්ගලයා විජයගේ නිවස තුළට දිව යන්නට විය. ඝාතකයන් ඔහුට ද වෙඩි තැබූහ. වහාම සිය ඉලක්කය සාර්ථක කර ගත් ඝාතකයින් ඒ වන විටත් විජයගේ නිවස ඉදිරිපිට නවතා තිබූ කැබ් රථයෙහි පසුපස අසුනෙහි සිටි පුද්ගලයකු හට ද පලා යන අවස්ථාවේ දී වෙඩි තබා ඇත.

මෙම ඝාතනයත් සමගම මුළු රටම ශෝකයෙන් වෙලා ගනිද්දී දේශපාලන හා ආරක්‍ෂක අංශවල ඉහළ තනතුරු සියල්ලම පාහේ කැලඹී ගිය බව එවකට එම ක්‍ෂේත‍්‍රයේ සිටි බොහෝ පිරිස් දන්නා කරුණකි. මෙම ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු වහාම භාර කෙරුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා සහ පොලිස් පරීක්‍ෂක නන්දන විජේරත්න යන මහත්වරුන් හටය. ඔවුන්ගේ අවධානය විජයගේ නිවස අසල පිහිටි කුඩා කඩකාමරයක් වෙත යොමුව තිබුණේ ඒ වන විටත් ඝාතකයින් එම කඩකාමරය කුලියට ගෙන සිටි බවට වූ තොරතුරත් සමගිනි.

මේ තොරතුරු ඝාතකයින් භාවිත කළ යතුරුපැදිය ද ඒ අසල වූ නිවසක නතර කොට ඇති බවටත්, එම නිවස ෆොනැන්ඩර් නමැති තැනැත්තාගේ බවටත් අනාවරණය කර ගන්නා ලදි. මේ අතර ඝාතනය කිරීම සඳහා රැුගෙන එනු ලැබූ ඔ-56 වර්ගයේ ගිනිඅවිය සඟවා තැබූ කවරය කි‍්‍රකට් ක‍්‍රීඩකයින් සිය ක‍්‍රීඩා උපකරණ රැුගෙන යාමට භාවිත කරනු ලබන බෑගයක් බවට හඳුනා ගත හැකි විය. මෙම බෑගය කි‍්‍රකට් පිති වුවද රැුගෙන යා හැකි තරම් විශාල වූ නිසා එය ඝාතකයින් හට ඔවුන්ගේ ගිනිඅවිය රැුගෙන යා හැකි මනා ආවරණයක් ලෙසට ද එය භාවිත කළ හැකි විය. මෙම බෑගය ධර්මදාස නම් සාක්‍ෂිකරුගේ නිවස තුළ තිබී සොයා ගන්නා ලදි.

මේ අතර සාක්‍ෂිකරුවන් කිහිපදෙනෙකු විසින් සපයන ලද තොරතුරු උපයෝගී කොට අඳින ලද ඝාතකයින්ගේ සිතුවමක් උපයෝගී කොට 1989 වර්ෂයේ මාර්තු 14 වන දින බැසිල් සහ ඩයස් යන නිලධාරීන් විසින් කොළඔ බුලර්ස් පටුමගෙහි දී සැකකරුව අත්අඩංගුවට ගැනීමට සමත් විය. මෙය ඇසූ බොහෝ පිරිස් හට එය සුභ ආරංචියක් වුවද විජයගේ වියෝව පිළිබඳ වූ ශෝකය පහකිරීමට තරම් එය සමත් නොවීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ලයනල් රණසිංහ හෙවත් ගාමිණී බවට හඳුනාගත් අතර ඔහු විසින් මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා, එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් නන්දලාල් ප‍්‍රනාන්දු වැනි ප‍්‍රභුවරුන් ඝාතනය කළ අයකු බවට අනාවරණය කර ගැනීමට නිලධාරීන් විසින් සමත් විය.

මෙලෙස අත්අඩංගුවට පත් වූ ගාමිණී නමැත්තා රහස් පොලිසිය වෙත භාරදෙනු ලැබීමෙන් අනතුරුව පිටු 141කට ආසන්න පාපෝච්චාරණයක් සිදු කරනු ලැබීය. එහිදී විටෙක රහස් පොලිසියේ ප‍්‍රශ්න කිරීමේ නිලධාරියා ප‍්‍රශ්න කර සිටියේ, යතුරුපැදියේ සිට වෙඩි තබා නැවත ඉන් බැස ගොස් විජයට වෙඩි තැබුවේ ඇයි ද යන්නයි. එහිදී සැකකරු පවසා සිට ඇත්තේ ”මම ඒ මොහොතේ විජය කුමාරතුංගට හරියට වෙඩි වැදුණා” යැයි සිතුවේ නැහැ, එනිසා මම යතුරුපැදියෙන් බැස ඔහු වැටී සිටි තැනට ගොස් එක දිගට වෙඩි තැබුවේ යැයි පැවසීය. නැවතත් නිලධාරියා විසින් කොපමණ වාරයක් විජය කුමාරතුංගට වෙඩි තැබුවේ දැයි ඇසූ විට පවසා සිටියේ මට ඒක මතක නැහැ යනුවෙනි.
මෙම සිදුවීමෙන් පසු ලංකාවේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය වෙත ද මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇ`ගිල්ල දික් වන්නට විය.

විජයගේ ඝාතනයට පෙර 1986 වර්ෂයේ සිටම විජයගේ නිවසට හා ඔහු සහභාගි වූ දේශපාලන වේදිකා කිහිපයකට එල්ල කරන ලද ප‍්‍රහාරවල දී විජයගේ දිවි බේරී තිබුණේ අනූ නවයෙනි.මෙම පාපෝච්චාරණය ලබා දීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුව සඳහන් කරනු ලැබුයේ රණසිංහ නැමැති විජයගේ ඝාතන සැකකරු පලායාමට තැත්කිරීමේ දී සිදු වූ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ බවයි. 1988 වර්ෂයේ පෙබරවාරි 21 වන දින විජයගේ අවසන් කටයුතු ජාතික රූපවාහිනිය මගින් සජීවීව විකාශනය කළේ ලාංකීය රූපවාහිනී ඉතිහාසයේ අවමගුල් උළෙලක් විකාශනය කිරීමට යෙදුණු පළමු වතාව ලෙසය. විජය ඝාතනය කළ දිනය අදුරු අඟහරුවාදා ලෙස අදටත් ලාංකිකයින් හඳුන්වනු ලබයි.

විජයගේ ඝාතනයත් සමග විදේශත වූ චන්ද්‍රිකා මහත්මිය නැවත ලංකාවට පැමිණ 1994 දී ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වූ පී. රාමනාදන්, එස්. එන්. සිල්වා යන මහත්වරු සහ මහාධිකරණ විනිසුරු ඞී. ජයවික‍්‍රම යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබීය. මෙම කොමිසම මගින් විජයගේ ඝාතනය පිළිබඳව එකල සිටි නිලධාරීන් හා දේශපාලනඥයන් කිහිප දෙනෙකු හට චෝදනා කළ ද විශිෂ්ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ඒ. සී. අලස් වැනි නීති විශාරදයන්ගේ ද විවේචනයන්ට එම වාර්තාව ලක් විය.

2006 වර්ෂයේ දී මහාධිකරණ විනිසුරු තිලක් ද ආබෲ මහතා කොළඔ මහාධිකරණයේ දී විජය කුමාරතුංග මහතාගේ ඝාතනයට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ ධනපාල යන අයට සහ ශ‍්‍රී කාන්තන් යන අයට ඝාතකයන් භාවිත කළ යතුරුපැදිය සහ ගිනි අවිය සැඟවීම සම්බන්ධව කරුණු මත වසර 02 ක සිරදඬුවම් වසර 05කට අත්හිටවූ අතර ඊට අමතරව රුපියල් 5000/- ක දඩ මුදලක් ද නියම කෙරිණි.

මෙම දඬුවම විජයගේ ඝාතනයෙන් වසර 18කට පමණ පසු ලබා දීම විශේෂත්වයකි. විජය මියැදුණ ද ඔහුගේ මතකය සදා අමරණීය වේ. එයට හේතුව ඔහු ජනතාවාදී කලාකරුවෙකු සහ දේශපාලනඥයකු වීම තුළයි. විජය කිසි දිනක තමන්ගේ හැකියාව සහ රූපය සම්බන්ධව හිස උදුම්මවා ගත් පුද්ගලයකු නොවූ අතර සෑම විටම ඉතාම පහළ තලයේ සිටි පුද්ගලයින් ඇසුරු කිරීමෙන් හා ඔවුන්ට උපකාර කිරීමෙන් සිය නිහතමානිත්වය පිළිබිඹු කළ චරිතයකි. එය සනාථ කිරීමට හො`දම ආකාරය නම් 1982/11/25 වන දින විජය සිරගත කර සිටිය දී ඔහුගේ සමරු පොතක තිබූ සටහනකිනි.

”කවදා හරි දිනක
මේ අසාධාරණ
සමාජ ක‍්‍රමයෙන්
සත්‍යයත් සාධාරණත්වයත්

එළි දකින තෙක්…
ඔබත් මාත්
අපි හැමදෙනාමත්
අත්වැල් බැඳන්
ඉදිරියට යමු…”

– නීතිඥ කසුන් පොන්නම්පෙරුම
(රිවිර)

  • 1.7K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button