දමිත් අසංක වෙනුවෙන් චාමර වීරසිංහ කියූ සංවේදී කතාව
ගායන ශිල්පී දමිත් අසංක පොලිසි අත්අඩංගුවට පත් වීමත් සමග බොහෝ රසිකයන් සහ සහෘද කලාකරුවන් දමිත් අසංක වෙනුවෙන් ඉදිරිපත් විය. මේ අතර දමිත් අසංක වෙනුවෙන් චාමර වීරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනා.
බොහෝ සහෝදර ශිල්පීන් වෙනුවෙන් ඉදිපත් වන නිහතමානි කලාකරුවෙකු ලෙස චාමර වීරසිංහ ප්රසිද්ධ අතර ඔහු දමිත් අසංකගේ සමීප මිතුරෙක්ද වේ.
චාමර තැබු සටහන පහතින්…
“උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උබ මට මගේ හොඳ ම යාලුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්.. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උබත් මාත් උනා දමිත්.. උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උබත් දැනන් හිටියා.. හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති තැන් වලදි මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා.. ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි උබ ඒක කරනවා කියලා..
සුළුතරයක් කියන තරම් දේවල් උබට වෙලා නෑ කියලා ලග හිටපු මම දන්නවා.. උබට තියෙන්නේ පුංචි ප්රශ්නයක් විතරයි. උබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්රසංග වේදිකාවට ගොඩ වෙන්න.. උබ එනකන් මාත් උබට ආදරේ කරන හැමෝමත් බලාන ඉන්නවා.. ඉක්මණට වරෙන් මගේ මිත්රයා.. උබට තෙරුවන් සරණයි.. “
ඔබගේ අදහස් උදහස් එක්කරන්න