පළකල දිනය : Mon, Oct 1st, 2018

රටක් හිනැස්සූ රොනී ලීච් අවසන් ගමන් යයි !

ප්‍රවීණ ගායන ශිල්පී රොනී ලීච් මහතා හදිසි හෘදයාබාදයකින් අද උදැසන 1දා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.

රොනි ලීච් මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා සහභාගී වි අද සවස ශ්‍රී ලංකාවට එන්න සූදානමින් සිටි බව සදහන්.

කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත හෘදයාබාදය වැළදී ඒ මහතා පර්ත් නුවරදීම මෙලෙසින් අභාවප්‍රාප්ත වී තිබේ.

සිංහල සිනමාවට විකට රංගනයෙන් නොමැකෙන නමක් තැබූ ඒ මහතා අතිශය ජනාදරයට ලක්වූ කලාකරුවෙක්. එතුමන්ගේ අවසන් කටයුතු පිළිබද මෙතෙක් දැනුම්දීමක් සිදුව නැහැ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button