පළකල දිනය : Mon, Oct 1st, 2018

සමල්කා දෙවැනි ඉනිම හැර යනවා – මෙන්න විස්තරය !

පසුගිය කාලයේ අතිශ්‍යයින් ජනප්‍රියත්වයට පත්වූ සමල්කා එහෙමත් නැත්තම් ශනූද්‍රී දෙවැනි ඉනිම හැර යාමට සූදානම් බව අපට දැනගන්න ලැබුණා ඒ ඉතාම විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ඉතිං අපි හොයපු කතාව ඔයාලට දැනගන්න මෙහෙම ලියන්නම්

පසුගිය කාලයේ දෙවැනි ඉනිමේ ජනප්‍රියත්වයට වඩාත් බලපෑමක් කරේ සමල්කාගේ චරිතය කියලා හැමෝම දන්න කතාව හැබැයි මෑතක ඉදලා දැන් දෙවැනි ඉනිම යන්නේ අමුතුම තාලයකටනේ පසුගිය කාලේ මිස්ටර් රවි වත් හෙමින්ම කතාවෙන් අයින් කරානේ ඒ ගැන සමාජ ජාල වල එක එක කතා ගියා හැබැයි හුගක් කතා ඇත්ත

දැන් මේ සමල්කාට කැපෙන කැපිල්ල කොයි තරම්ද කියනවා නම් මේ පසුගිය දවසක කතාවේ තේමා ගීතය පවා දෙවැනි ඉනිමේ නිර්මාණකරුවන් වෙනස් කරනවා අර අපි කලින් කිව්වා වගේ සමල්කාව හෙමින් ම කතාවවෙන් ඈතට යවන්න සහ අමතක කරන්න කරන සියුම් උපක්‍රමයක් කියලා හැමෝටම තේරුම් ගිහින් අවසානයි.

කොහොම උනත් දෙවැනි ඉනිමත් තවත් දෙවැනි ඉනිමක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button