පළකල දිනය : Wed, Oct 3rd, 2018

කැබිනට් මණ්ඩළයම නිහඩ කරවමින් ජනපති පොලිස්පති ගැන කියයි !

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (02) පැවති කැබිනට් හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාව දැඩිව විවේඡනය කර ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරයා එසේ පවසා ඇත්තේ පසුගිය කාලයේ රටේ අපරාධ, මංකොල්ලකෑම්, දූෂණ එන්න එන්නම වැඩි වූ බවත් ඒවා සම්බන්ධයෙන් නීතිය නිසිලෙස ක්‍රියාත්මක වූවාදැයි නැවත අවධානය යොමු කළ යුතුව ඇති බවය.

එමෙන්ම පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා රටේ දෛනික කටයුතුවලට දැඩි බාධාවක්‌ එල්ල වී ඇති බවත් අපරාධයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම තවත් අපරාධවලට උඩගෙඩි දීමක්‌ බවත් මේ තත්ත්වය වහාම නිවැරදි කරගත යුතු බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා තිබේ.

එමෙන්ම පොලිස්පතිවරයාපසුගිය සමයේ සිදුකළ ඇතැම් හැසිරීම් පිළිබඳවද අදහස් දක්වමින් ජනපතිවරයා කියා ඇත්තේ පොලිස්‌පතිවරයාගේ නොහොබිනා හැසිරීම් කොතරම්ද යත් ජනතාව අද පොලිසිය කෙරෙහි විශ්වාසයක්‌ නැති තත්ත්වයට පත්ව සිටින බවය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙලෙසෙ අදහස් පලකරන විටි කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමති වරයෙක් අදහස් දක්වා නැත.

  • 1.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button