පළකල දිනය : Thu, Oct 4th, 2018

ලෝක විවාහක රූ රැජිණ ලංකාවට ඇවිත් උඩරට මනාලියක් වෙයි (Photos)

2018 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පළන් ඇලිස් ලී පසුගියදා ලංකාවට පැමිණියාය. සමාජ ක්‍රියාකාරිනියකවන ඇය නීතිඥවරියකද වන අතර චීන ජාතික කාන්තාවකි දැනට ඇය ඇමරිකාවේ ජීවත්වෙයි.

2017 නිව්යෝක් විවාහක රූ රැජිණ වූ ඇය ඉන් අනතරුව 2017 හොංකොං විවාහක රූ රැජිණ ලෙස කිරුළ හිමිකරගෙන හොංකොං රාජ්‍ය නියෝජනය කරමින් 2018 ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට සහභාගි වීමට වරම් හිමිකර ගත්තාය.

නීතිවේදය පිළිබඳව ආචාර්‍ය උපාධියක් හිමි ඇලිස් සිය සැමියා වන පැස්කුවල් සමග නිව්යොක් නුවර වාසය කරයි. ඇය ශ්‍රී ලංකා සංචාරය අතර තුර උඩරට මනාලියක ලෙස සැරසුණු ආකාරය ප්‍රවීණ ඡායාරූප ශිල්පී ධනුෂ්ක සේනාධීරගේ කැමරාවේ සටහන්වූ අයුරු.

  • 5.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button