පළකල දිනය : Fri, Oct 5th, 2018

සම්පත් තියෙන රට හදන්න බැරිනම් ඌ මෝඩයෙක් !

ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවලට නොමැති සම්පත් සහ වටිනාකම් වලින් යුත් රටකි. කෙසේ වුවත් වර්තමානයේ ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවලට වඩා ආර්ථිකයෙන් සහ සංවර්ධනයෙන් පසුපසිනි. එයට බලපෑ ඇත්තේ දුර්වල පරිපාලන තීරණ සහ තීන්දු ය. අප ශ්‍රී ලංකාව අපට ආවේණික කෘෂිකර්මය සහ සංස්කෘතික කර්මාන්ත අතහැර විදෙස් රටවල් අනුකරණය කිරීමට යාම ශ්‍රී ලංකාව මෙලෙසින් පසුපසට යාමට හේතුව බව වියත් ව්‍යවසායකයන් පෙන්වා දෙන්නෙ දිගු කාලයක සිටය.

මේ පිළිබදව අපූරු කතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශිය ව්‍යවසායකයෙක් වන ආරියශීල වික්‍රමනායක සිදු කළේය. ඒ ආරියශීල වික්‍රමනායක මහතාගේ දිවි ගමනේ පිය සටහන් සහ ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අනුගමනය කළ යුතු මග පිළිබදව ලියැවුනු “කෙම්බිමට ගමනක්” ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලේදීය.

එහිදි අදහස් දැක්වූ ආරියශීල මහතා පැවසුවේ

“මේ රට හදන්න බැරි නම් ඌ මෝඩයෙක් වෙන්න ඕන. මඤ්ඤොක්කා කෝට්ටක් ගැහුවාම අල බහිනවා නම්, වතුරට ලණුවක් දැම්මාම මාලුවෙක් අහුවෙනවා නම්, බිත්තරේ දාලා කිකිලි කෑ ගහලම කියනවා නම්, තණකොල ටික උලාකාලා වැස්සි කිරි ටික දෙනවා නම්.. අපි මේ කොහේද ඉන්නේ. මේක බැරි නම් අනේ මැති ඇමතිවරුනි අපිට කියන්න අපි හදලා දෙන්නම්. සත පහක් එපා අපිට. මොකද මෙච්චර සශ්‍රික රටක පාන් ගෙනල්ලා අපේ කටේ ඔබන්න එපා” යනුවෙනි.

ආරියශීල වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් පහතින්,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button