පළකල දිනය : Fri, Oct 5th, 2018

මහින්ද මෛත්‍රී එකතු කරන්න ප්‍රබලයින් දෙදෙනෙකුගෙන් කපුකමක් !

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකතු කිරීමට නැවත සාකච්ඡ ආරම්භ වී තිබෙනවා. මෙවර මෙම සාකච්ඡා මෙහෙයවන්නේ වාසුදේව නානායක්කාර සහ දයාසිරි ජයසේකර යන මන්තී‍්‍රවරුන් බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා ජනාධිපතිවරයාගෙන් සාකච්ඡුා වටයක් ද ඉල්ලා තිබෙනවා. මන්තී‍්‍රවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉකුත් අමෙරිකානු සංචාරයට පෙරයි. අමෙරිකානු සංචාරයෙන් පසු සාකච්ඡව ලබා දෙන බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළ බව ද දේශපාලන ආරංචි පැවසුවා. කෙසේවෙතත් තවමත් එම සාකච්ඡුාව සඳහා ජනාධිපතිවරයාගෙන් තවමත් අවස්ථාවක් ලැබී නොමැති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

මෙ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂ හවුල් ආණ්ඩුව අවසන් කර ශ‍්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ එම සාකච්ඡා මේ වන විට යහපත් මට්ටමක පවතින බවත් මහින්ද රාජපක්ෂ මහතා ද දක්වන ලද ප්‍රතිචාරය ඉතා යහපත් බවත්ය.

බාරකාර ආණ්ඩුවේ අගමැති ධූරය භාරගැනීම සඳහා ද මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවද ඔහු කියා සිටියේය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

  • 484
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button