පළකල දිනය : Fri, Oct 5th, 2018

සිංහරාජය මායිමේ පිහිටි කුඩූමීරිය රක්ෂිතයට මායිම්ව ඇති වනාන්තරය එළි කරයි !

සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් ලෙස නම් කර ඇති කුඩූමීරිය රක්ෂිතයට මායිම්ව ඇති වනාන්තරයට අද අත්ව ඉරණමයි මේ.

ප්‍රාදේශීය ලෙකම් කාර්යාල,කලවාන අඩවි වන කාර්යාලය,මධ්‍යම පරිසර අදිකාරිය, පොලිසිය ආදි සියලු රාජ්‍ය ආයතන කොතෙකුත් දැනුවත් කලද මෙ වන විනාශයට විරුද්ධව එම වගකිව යුතු නිලධාරීන් අනුගමනය කරන නිහඩ පිලිවෙත පුදුම සහගතය.

කිසිදු අවසරයකින් තොරව සිදු කරන මෙම කැලෑ එලිකිරිම හා මහා පරිමාණ වල්ලාපට්ටා ජාවාරම ප්‍රසිද්ධියේ සිදු කරමින් සිටි. මොවුන් දැන් ගස් විනාශ කිරිම සදහා අදික විශ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් ගස් විනාශ කිරිම ආරම්භ කර ඇත.

මෙ සම්බන්ව කලවාන පොලිස්තානයට පැමිණිලි කලද අද වන තුරු කිසිදු නිලධාරියෙකු පැමිණ නැත. මෙහි ඇති වඩාත අවදානම නම් මෙ වනාන්තරය ජල උල්පත් මගින් ජලය ලබා ගන්නා පිරිසට දැන ජලය ලබා ගැනිමට නොහැක.

අදික විශ රසායනික නිසා ජලයටද එවා මුසු ව් ඇත. මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කලත් ඔහුද කිසිදු පියවරක් ගෙන නොමැත.

අවසානයේ කිමට ඇත්තේ මෙ වන විනාශයට සහය දෙන සියලු දෙනාටම ස්භාවදරමය විසින් දඩුවම් ලැබෙනු ඇති බවයි.

මෙම වන විනාශයට සම්බන්ධ ආයතනය බව කියන සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් ආයතනය වෙත පරිසරවේදීන් යවනු ලැබූ ලිපිය පහතින්,

2018.10.01,
සභාපති/කළමණාකාර අධ්‍යක්ෂ, සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් ,
නො. 6 ඇ, ඇල්ෆ්‍රඩ් පෙදෙස, කොළඹ 03.

පරිසර අති සංවේදී කුඩුමීරිය වැසි වනාන්තර කලාපයේ උග්‍ර විෂ රසායන යොදා සිදුකරන මහා පරිමාණ වන විනාශය.

පසුගිය වසර කිහිපය පුරාවට ඔබ ආයතනය විසින් ඉහත සඳහන් කර ඇති කුඩුමීරිය ප්‍රදේශයේ සිදුකරමින් යනු ලබන මහා පරිමාණ වන විනාශය සම්බන්ධව ප්‍රදේශවාසීන් රාජ්‍ය ආයතන දිගින් දිගටම දැනුවත් කර ඇත. ඒ අනුව මෙම වන විනාශය වරින් වර රාජ්‍ය ආයතන මැදිහත්වී නවතා ඇත.
අවසාන වශයෙන් පසුගිය වසරේ අග භාගයේ මෙවැනිම වන විනාශයක් නැවත ආරම්භ කරන ලද අවස්ථාවේදී අප එය හෙලිකළ අතර, අප ඇමතු ඔබ කියා සිටියේ එකී ඉඩම වසර දෙකකට පෙර ඔබ ආයතනය විසින් විකුණා දැමු බවයි. ඒ අනුව අප විසින් ඔබෙන් ඉල්ලා සිටියේ එය එසේ නම් කරුණු සඳහන් කර අප වෙත ලිඛිතව දන්වා සිටින ලෙසයි.

නමුත් අවාසනාවකට ඔබ පොරොන්දු වූ පරිදි එවන් දැන්වීමක් අප වෙත ලිඛිතව නොකළ අතර අප කිහිපවිටක් විමසා සිටියත් ඔබගේ ලේකම්වරිය යයි කියන “ඔෂිනි” යන අය හෝ සමාගමේ වෙනත් කිසිවෙක් අදාළ කාරණය සම්බන්ධව කටයුතු කර නැත.

එවන් පසුබිමක නැවතත් ඔබ ආයතන විසින් ඉහත කැලය රසායන යොදාගනිමින් මරාදමමින් සිටින බවට ගම්මුන් විසින් අපට පැමිණිලි කරයි. ගස් විද ඒවාට රසායනයක් ඇතුල්කර ගස් මරාදැමීම සාමාන්‍ය පුද්ගලයෙකු විසින් කොහෙත්ම සිදුකරන කාර්යක් නොවේ. එසේ මහාපරිමාණ ලෙස ගස් විද රසායන මගින් ගස් මරාදැමීම කර හැක්කේ ඒ සඳහා විශේෂ දැනුමකින් යුතු ආයතනය වැනි ව්‍යපාරයකිනි.

වගකිවයුතු ආයතනයක් ලෙස සිංහරාජයේ පරිවාර කලාපයක පිහිටි මෙතරම් වටිනා වනාන්තර ප්‍රදේශයක් මෙසේ විනාශ කිරීම ඉතා අපුල දනවන අප්‍රසන්න ව්‍යාපාරික කටයුත්තකි. එසේම, අප පෙර සඳහන් කළ පරිදි ඔබ ආයතන විසින් මෙසේ නොකරන්නේ නම්, ඔබ විසින් අදාළ දේපළ විකුණා ඇති පුද්ගලයා විසින් ඔබ ආයතනයේ යයි කියමින් එසේ කරන්නේ නම්, ඊට විරුද්ධව ඔබ විසින් නීතිය මගින් ක්‍රියාකළ යුතුය. කොතෙක් පැමිණිලි කරද ඉල්ලා සිටියද ඔබ ඒ සඳහා අද වන තෙක් ක්‍රියා කර නොමැත. ඒ අනුව අපට පෙනී යන්නේ මෙය ඔබ ආයතනය විසින් හෝ ඔබ ආයතනයේ අවශ්‍යතාවට යම් අයකු විසින් කරගෙන යනු ලබන විනාශයක් ලෙසයි.

තවද, මෙම ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොදා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ශාවක්ද කර වාර්තාවක සකසා අදාළ කටයුතු කෙරෙමින් පවතී. ඒ පිළිබඳව හොඳින් දන්නා වටපිටාවක් තුල මෙම වනාන්තරය විස රසායන ම්ගින් විනාශ කිරීම මහත් අපරාධයකි.

එසේම, මෙම ප්‍රදේශය ජල පෝෂක කලාපයක් වන අතර ඇල දොළ ජාල මුලාශ්‍ර විශාල ප්‍රමාණයක් ප්‍රදේශයේ පවතින බැවින්, මෙවැනි වැසි සමයක වනාන්තරය මරාදැමීමට යොදනු ලබන රසායන ජලයට එකතුවී ජනතාව පරිභෝජනය කිරීම තුලින් ඔවුන් විශාල සෞක්‍ය තර්ජනයකට මුහුණ දිය හැකිය.

ඒ අනුව අප ඔබෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර මෙම මහා වන විනාශය වහාම නවත්වන ලෙසත්, අදාළ ඉඩම ඔබට අයත් නොවේ නම් ඔබ ආයතනය නමින් පෙනී සිටිමින් වල්ලපට්ටා වගා කිරීමට මෙම භුමිය එළිකරනවා යයි කියමින් මෙම විනාශය කරනු ලබන තැනැත්තාට එරෙහිව අදාළ නීතිමය කටයුතු කරන ලෙසයි.

එසේම, මේසා වටිනා වනාන්තරයක් පරිසර අපරාධකරුවෙකුට විකුණා දමා ඇත්නම් ඔබ ආයතනය වගකීම් විරහිතව කටයුතු කර ඇති බවද අවසාන වශයෙන් කනගාටුවෙන් වුවද ප්‍රකාශ කර යුතුය.

  • 15
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button