පළකල දිනය : Sat, Oct 6th, 2018

“එංගලන්ත පිල අති දක්ෂයි, ඕනෑම තත්වයක ක්‍රීඩා කර ජය ගත හැකියි”

ඕනෑම කණ්ඩායමක් එංගලන්ත‍යේ සංචාරය කරනා විට සංචාරක කණ්ඩායමේ මානසිකත්වය බිද දැමීම සදහා මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීම එංගලන්ත ක්‍රිකට් සම්ප්‍රදායයි. ඒ අනුවම වෙනත් රටක එංගලන්තය ක්‍රීඩා කරනා විට එංගලන්ත කණ්ඩායමේද මානසිකත්වය ඉහළ දැමීමට ඔවුන් කටයුතු කරනවා.

එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයකි. එලබෙන 10 වැනිදා මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතය. මේ වන විට ශ‍්‍රී ලංකාවේදී පුහුණුව අරඹා ඇති එංගලන්ත පිල සම්බන්ධයෙන් සුභවාදී ධණාත්මක අදහස් පළ කිරීමට කුමාර් සංගක්කාර ඉදිරිපත් වී තිබේ.

ප්‍රමුඛ ක්‍රිකට් වෙබ් අඩවියක් සමග කුමාර් සංගක්කාර පවසා ඇත්තේ එංගලන්ත කණ්ඩායමට ලෝකයේ කුමන ප්‍රදේශයේ සංචාරය කළද හොදින් ක‍්‍රීඩා කළ හැකි දක්ෂ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ඉන්නා බවයි.

“එංගලන්ත කණ්ඩායමට ඕනෑම තත්ත්වයකට ක‍්‍රීඩා කළ හැකි තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිටින බවට මා විශ්වාස කරනවා. ලෝකයේ ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි ක‍්‍රීඩකයන් ඉන්නවා. ඇලිස්ටයාර් කුක් සමුගැනීම නිසා ඔවුන්ට අලූත් ආරම්භක පිතිකරු යුගලක් ශ‍්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියේදී යොදවන්න වෙනවා, එංගලන්තයට හොඳ දඟපන්දු යවන්නනුත් ඉන්නවා. ඇඩිල් රෂීඞ් සහ මොයින් අලී මෙහි තත්ත්වය ශ‍්‍රී ලංකාවට තර්ජනක් විය හැකි පන්දු යවන්නන්” යනුවෙන් සංගා පවසා තිබුනා.

කුමාර් සංගක්කාර එංගලන්තය ක්‍රීඩා කළ තරගයන්හි විස්තර විචාරකයෙක් ලෙසද කටයුතු කළ අතර සරේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකුද වනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button