පළකල දිනය : Sun, Oct 7th, 2018

නන්දිකඩාල් භූමියෙන් හමුදා බලඇණි ඉවතට !

තිස්වසරක යුද්ධය අවසන් කරමින් යුද ජයග්‍රහණය ලැබූ මානූෂීය මෙහෙයුමේ වැදගත්ම ස්ථානයක් වූයේ නන්දිකඩාල් කලපුවයි.

ඒ වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ත්‍රස්තවාදී නායකයා විනාශ කර දැමීමට රණවිරුවන් සමත් වූයේ නන්දිකඩාල් කලපුවේදී වීම නිසාය.

එලෙස යුද ජයග්‍රහණය ලැබූ නන්දිකඩාල් භූමියෙන් හමුදා බලඇණි ඉවත් කර තිබෙන බවට වාර්තා වෙනවා.

හමුදා යථා යෝග්‍යකරණය යටතේ නන්දිකඩාල් වෙල්ලමුල්ලිවයික්කාල් කලපුව ප‍්‍රදේශයේ ස්ථානගතව සිටි පාබල හමුදා බළඇණිය ඉවත් කර තිබෙන බවත් ඒ වෙනුවට දෙහිඅත්තකණ්ඩියේ ස්ථානගතව සිටි 3 වැනි කාන්තා බළඇණිය ස්ථානගත කර තිබෙන බවත් වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට නන්දිකඩාල් භූමියේ ආරක්ෂාවට රදවා සිටින්නේ කාන්තා බළඇණියකි. යුද්ධයෙන් පසු කොටි හිතවාදීන් වැඩි වශයෙන් යුද සැමරුම් පැවැත්වූයේද මේ අවටය.

  • 713
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button