එදා ඔහු දුප්පත් නිසා පෙම්වතිය හැරගියා, අද ඔහු කෝටිපතියෙක් !
මේ කියන්න යන්නේ දන් දීමයි දුප්පතුන්ට උදව් කිරීමයි විනෝදාංශය කරගත් සත්පුරුශයෙක්ගේ කතාවක්.
මෙහෙම අය අපිට දකින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඔහුගේ නම තමයි ප්‍රියංග පුෂ්පකුමාර. ඔහු ඉතාම දුප්පත්ව ඉදලා කෝටිපතියෙක් වුණ තරුණයෙක්.
ඉතින් ඔහුගේ අහිමි වුන ආදරය ගැන ප්‍රියංග මේ විදිහට හෙළි කළා.
ඔහුට පෙම්වතියක් හිටියා. ඇයත් දුප්පත්.මේ තරුණයා ගොඩක් රස්සවල් කළා. ඒත් දියුණු වීමක් තිබුනේ නෑ.දිනක් තම පෙම්වතිය “තාත්ති මම රට යන්නම්.ගිය ගමන්ම මම ඔයාවත් ගන්නම්. එතකොට අපිට දියුනු වෙන්න පුළුවන් ” යනුවෙන් තම පෙම්වතාට යෝජනා කලා..” හා චූටි දූ.. අපි එහෙම කරමු එහෙනම්..” ඒත් ඇයව පිට රටකට යවන්න තරම් මුදල් ඔහු අතේ තිබුනේ නෑ.
ඒත් ඔහු දහ අතේ නය වී තම පණ මෙන් ආදරය කල පෙම්වතියව ඉතාමත් ඉක්මනට තමාවත් ඒ රටට ගන්නවා කියූ පොරොන්දුව මත සයිප්‍රස් රටට දෑසෙහි කදුලු පුරෝගෙන යැව්වා. ගිය අලුත ඇය ඔහුට දිනපතාම දුරකථනයෙන් කතා කළා.ඒත් ටික ටික එය වෙනස් උනා.” චූටි දූට වැඩ ඇති. නැත්තං අතේ සල්ලි නැතුව ඇති..”. ඔහු ඒ විදියට හිතමින් හිත හදා ගත්තා.
දින සති මාස ගත උනා.ඔහු බලාගෙන හිටියා චූටි දු තමන් ඉන්න රටට ඔහුවත් අද නැති නම් හෙට ගනීවි කියලා. ඒත් එය එසේ සිදු වූයේ නෑ.කාලය ඉක්මනට ගෙවී ගියා.චූටි දූ අඩු තරමින් කතා කරාවි කියා වත් ඔහු බලාන හිටියා..”. වැඩ වැඩ අනේ. කතා කරන්නවත් ටයිම් නෑ..” ඉද හිට හෝ කතා කල මොහොතේදීත් ඇය ඒ අයුරින් ඉක්මනට ඔහුගෙන් සමු ගත්තා.
කාලය ඉක්ම ගියා.ඇය අතින් සිදු වී තිබූ යම් සිදුවීමක් නිසා පුරා මාස 10 කට පසු චූටි දූට හදිසියේම ලංකාවට එන්න සිදු වුණා. චූටි දූ ලංකාවට ආවා කියන ආරංචිය දැන ගත් තරුණයාගේ හිසේ මල් පිපුනා.ඔහු එක පිම්මෙ චූටි දූ බලන්නට ගෙදරට ගියා..”.මෙතන කතා කරන්න බෑ.
හෙට මම ඔයාව ඇවිත් හම්බෙන්නම්. දැන් යන්න..” චූටු දූ ඔහුව ප්‍රතික්ෂේප කලා.ඊට පසුදාම ඇය ඇවිදින් ඔහුව හමු වුණා.හේතුවක් නැතත් ඇය සිටියේ ඉතා කේන්තියෙන්.
බොහෝ දේ කතා කලා.සියල්ල සිදු වී නිමා වී තිබුණා. ඔහුට චූටි දූව නතර කර ගන්න බැරි තරම් ඇය දුර ගිහින් තිබුණා..”..චූටි දූ ඔයා මගෙන් අයින් වෙලා යන්න.
ඒකට මම තරහ නෑ. ඒත්…ඒත් මට කියන්න මගෙන් අයින් වෙන්න හේතුව මොකක්ද කියල විතරක්..”
ඔහු දෑසෙන් කඩා ආ කදුලු පිසලමින් ඇසුව. “…හේතවද…හේතුවද.. හැමදේම තියෙන කොල්ලෙක් මට ඉන්නව දැන්..නම ගයාන්.එයා මට රටදි හම්බ වුණේ .උඹට ඉන්න ගෙයක් දොරක් නැහැ කාලකන්නියෝ..”..චූටි දූ එක එල්ලේම ඔහුට කිව්වා..තම පණ මෙන් ආදරය කල චූටි දූගේ මුවින් පිට වූ වචන නිසා හිතට පැමිනි වේදනාව හා කලකිරීම ඔහු කදුලු වලින් පිට කළා.
සියල්ල නිමා වී බැව් වටහා ගත් ඔහු ටික වෙලාවකට පසු චූටි දූගේ දෙපා ළඟ දණ තබා තම දෑතින් චූටි දූගේ දෙපා වැද නැවත නැගිට චූටි දූගෙ හිසෙහි අත් දෙකම තබා “මගේ අතිං වරදක් වුණා නම් මට සමාවෙලා අද ඉදං ජීවිතේ ලස්සනම ලස්සන කර ගන්න චූටි දූ..ජාති ජාතිත් මම තරහ නෑ රත්තරං චූටි දූත් එක්ක…සත්තයි චූටි දූ…”. කියමින් චූටි දූට සමු දුන්නා.
අද ඔහු කෝටිපතියෙක්. මැණික් ව්‍යාපාරිකයෙක් ඔහුගේ උත්සහයෙන් නැගිට්ට ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙක්. අපමණ දුක් විදපු ඔහු ගොඩනගාගත් දේ ඔබ මේ ඡායාරූපවලින්ම වටහා ගන්න.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න