පළකල දිනය : Thu, Oct 11th, 2018

දුමින්දගේ අන්තිම නඩු තීන්දුව අදයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් ඇතුලූ සිවු දෙනෙකු ඝාතන චෝදනාවන්ට වරදකරු කරමින් මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයේ තීන්දුව අද දිනයේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අදාල අභියාචනය මගින් හිටපු මන්ත‍්‍රීවරයා ඉල්ලා ඇත්තේ මරණ දඬුවම ඉවත් කරඹින් තමන් නිදොස් කර නිදහස් කරන ලෙසයි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ඇතුළු පංච පුද්ගල විනිසරු මඩුල්ලක් විසින් මෙම අභියාචනයේ තීන්දුව ප‍්‍රකාශ කිරීමට නියමිතය.

මේ අතර වාර්තා පල වන්නේ දුමින්ද සිල්වා මහතාගේ නැගනියගේ විවාහ මංගල උත්සවය මෙතෙක් ප‍්‍රමාද කරමින් සිට ලබන 18 වැනිදාට කොළඹ තරු පහේ හෝටලයකදී යොදාගෙන ඇති බවත් ඊට සහභාගී වීම සදහා ඕස්ටේ‍්‍රලියාවේ සිට ඥාතීන් පිරිස්ද පිටත්ව ඇති බවයි.

  • 1.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button