පළකල දිනය : Thu, Oct 11th, 2018

“කමක් නෑ ඉතිං” – ඇපෑලේ තීන්දුව ලැබුණු පසු දුමින්ද සිල්වා කියූ දේ මෙන්න

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවලට මහාධිකරණය ලබාදුන් මරණීය දණ්ඩන නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ගොනු කර තිබු අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නිශ්ප්‍රභ කරනු ලැබී ය.

ඒ අනුව එම නඩුවේ 11 වන විත්තකරු වන ආර්. දුමින්ද සිල්වා සහ 3 වන විත්තිකරු වන දෙමටගොඩ චමින්ද සහ 7 වන විත්තිකරුවන් සරත් බණ්ඩර යන පුද්ගලයින්ට මරණීය දණ්ඩන නියෝගය ශ්‍රේෂ්ඨධිකරණය අද (11) ස්ථිර කළේ ය

කෙසේ වෙතත් විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ලබාදුන් පසුව දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා ‘කමක් නෑ ඉතිං‘ යනුවෙන් ප්‍රකාශ කළ බත්, අධිකරණයේ සිටි පිරිසක් කඳුලු පිරි දෙනෙතින් යුතුව සිටි අයුරු දැකගන්නට ලැබුණු බවත් අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.

  • 2.6K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button