පළකල දිනය : Thu, Oct 11th, 2018

ඉන්ධන මිල වැඩිවීමත් සමග ත්‍රී රෝද රථ ගාස්තු වැඩිවන හැටි මෙන්න !

ප්‍රෙටල් මිල යළි ඉහළ යාමත් සමග ත්‍රී රෝද රථ ගත ගාස්තුව ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි.

ඒ අනුව බස්නාහිර පළාත් තුළ රුපියල් 40ක්ව පැවතින දෙවැනි කිලෝමීටරයේ සිට අය කිරීම රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවත් එහෙත් පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල වෙනස් නොකරණ බවද එම සංගමය පවසයි.

මධ්‍යම කඳුකරය ඇතුළු කඳුකර ප්‍රදේශවල පළමු කිලෝ මීටරයට අයකළ රුපියල් 60ක මුදල 80 දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට අයකළ ගාස්තුව රුපියල් 50 සිට 60 දක්වාත් ඉහළ දමන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය තීරණය කළේය.

  • 587
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button