පළකල දිනය : Fri, Oct 12th, 2018

අලි බලන්න ගිය එංගලන්ත ක්‍රීඩකයොන්ට වෙච්ච අලි වැඩේ !

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දවස් වල ඉන්නේ ලංකාවේ.දෙරට අතර පැවැත්වුණු පළවෙනි එක්දින තරඟය වැස්සට හේදිලා යද්දි දෙවන තරඟය හෙට (13) පැවැත්වෙන් නියමිත වෙලා තිබෙනවා.

කොහොම වුණත් එංගලන්ත ක්‍රීඩකයන්ට ඊයේ (11) පුංචි විවේකයක් ලැබුණා.ඒ ලැබුණු විවේකයෙන් ලංකාවේ සුන්දරත්වය බලන්න ඔවුන් අමතක කලේ නෑ.ඔවුන් අලින්ව බලන්න මින්නේරි වනෝද්‍යනයට ගියා.ඒ අතරේ ඔවුන් ගිය වාහනය මඩේ එරිලා කරදරේක වැටුණත් ලංකාවේ අයගෙ උදව්වෙන් මඩේ එරුන වාහනේ ගොඩට ගත්තා.

ඒ අතරේ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොනි බෙයාස්ටෝ සිගීරියේ ගියපු ඡායාරූප වගයකුත් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරලා තිබුණා.ලංකාවේ ඉතිහාසය පුදුම දනවන සුළුයි කියලා තමයි ඔහු කියලා තිබුනේ.

අද දින තවත් අපගේ උණුසුම් පුවත් වීඩියෝ පහතින් නරඹන්න.

  • 2.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button